ඔබටත් විවාහ ජීවිතයේ ප්‍රශ්නද? | Gurukam.net - Gurukam.Net

Sunday, June 21, 2020

ඔබටත් විවාහ ජීවිතයේ ප්‍රශ්නද? | Gurukam.net


                      "කිසිම ප්‍රශ්නයක්‌ මට නම් නැහැ" යමකු පවසන්නේ නම් ඔහු හෝ ඇය ෙච්තිය රජතුමාගේ සහෝදරයකු හෝ සහෝදරියක විය යුතුය. අපගේ බුදුන් වහන්සේ "අෂ්ට ලෝක ධර්මය" (අට ලෝ දහම) ලෙස ප්‍රකාශ කළේ මේ ස්‌වභාව යයි. අටලෝ දහමින් මිදෙන්නට නම් "නිර්වාණයම" උදා කර ගත යුතුය. අප කවදා නිවන් දකින්න ද ?

 විවාහ ප්‍රමාද වීම්, දරුඵල අහිමි වීම්, රැකියා අහිමිවීම්, ස්‌ථාන මාරුවීම්, උසස්‌ වීම් නොලැබීම්, ආර්ථික ගැටලු, නඩු හබ,පාසල් අධ්‍යාපනය, රැකියාව, විවාහය, දරු සම්පත්, දරුවන්ගේ අනාගතය, නිවාස, දේපළ, වාහන, විදේශගත වීම් වැනි බලාපොරොත්තු මෙන්ම හදිසි අනතුරු, අසනීප වීම්,  මරණය මේ ආදී දේ අපගේ ජීවිතයේ පොදු ප්‍රශ්නය.

 ඉහත සදහන් ගැටලු බොහොමයකට ප්‍රායෝගික විසදුම් ඇත. ඇතැම් ගැටලුවලට ප්‍රායෝගික විසදුම් නැත. එකයි එකයි දෙකයි (1 + 1 = 2) යෑයි පැවැසුව ද කිලෝ එකයි (1 ණට + 1ට) ග්‍රෑම් එකයි.

 දෙකක්‌ නො වේ. මීටර් එකක්‌ සහ සෙන්ටිමීටර් එකක්‌ එක්‌ වී දෙකක්‌ නො සෑදේ. ගිනි අ`ගුරු කැබැල්ලක්‌ සහ ගිනි කූරක්‌ එක්‌ වීමෙන් දෙකක්‌ නො වේ.
 ඉතිරිවන්නේ අළු ටිකකි.

බොහෝ දේ ගැන සිතා බලන්න. ඒත් අපගේ ජීවිතයේ ඇතැම් ගැටලුවලට විස`දුම් ඇතත් බොහෝ ගැටලුවලට විස`දුම් නැත. "පිළිතුරක්‌ නොමැති ප්‍රශ්නයක්‌ නැතැ"යි ජනවහරේ අදහසක්‌ පවතී.ගැටලුවලට විස`දුම් සෙවිමේදී එකම ක්‍රමයක්‌ පමණක්‌ අත්හදා බැලීම වැරැදිය.

 බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ඇතැම් රෝග සුව වෙතත් සිංහල දේශීය සහ ආයුර්වේද ක්‍රමවලින් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සුව කරන්නට නොහැකි යෑයි පැවැසූ ඇතැම් රෝගීන් සුවපත් කර ඇත. එසේම වෛද්‍ය විද්‍යාවෙන් සුවපත් කරන්නට අපහසු වූ බොහෝ "ගැටලු" ජ්‍යෙdතිෂ විද්‍යාවෙන් සහ ගුප්ත විද්‍යාවෙන් සුවපත් කර සහනය උදා කරගෙන ඇත.

ඈත අතීතයේ ලංකාවේ පැවැතියේ යාග - හෝම, කෙම් ක්‍රම, බලි - තොවිල්, නූල් බැ`දීම්, තෙල් මැතිරීම්, දෙහි කැපීම් හා දේශීය වෛද්‍ය විද්‍යාව පමණි. ගමේ පන්සලේ "වෙද හාමුදුරුවෝ" හෝ ගමේ "වෙද මහත්මා" බොහෝ ගැටළු විස`දා දුන් අතර රෝග සුවපත් කරන ලදී. 1505 පෘතුගීසීන් ලංකාවට පැමිණි පසු ඊටත් වඩා ඉංග්‍රීසීන් පැමිණීමත් සම`ග බටහිර වෛද්‍ය විද්‍යාව ලංකාවේ ප්‍රචලිත වී පැරැණි දේශීය වෛද්‍ය ක්‍රමය සහ ගුප්ත විද්‍යා ක්‍රම පාගා දමා ඔවුන්ගේ ක්‍රම භාවිතයට ගැනීමත් සමග අපගේ "කළු සුද්දන්ද" දේශීය ක්‍රම "හෑල්ලුවට" ලක්‌ කර දමා ඇත.

 ඒත් අදද මේ අභියෝගවලට මුහුණ දී "සුව කළ නොහැකි යෑයි" හෝ "විසදුම් නැතැයි" පැවසූ බොහෝ ගැටලු විසදීමට ජ්‍යෙdතිෂයට සහ ගුප්ත විද්‍යාවට හැකියාව ඇත. ඒත් අවාසනාවට "යාන්තමට පලාඵල කීමට" උගත් "ජ්‍යෙdතිෂවේදීන්" යෑයි හදුන්වා ගන්නා සහ ගමක්‌ පාසා "දේවාල" ඉදි කරගෙන "යකා නටන" කට්‌ටඩින් නිසා පැරැණි ගරුත්වය සුද්දන්ටත් වඩා ඉක්‌මනින් විනාශ කර දැමීම සිදුවේ.

ඒ නිසා අද බොහෝ දෙනා ජ්‍යෙdතිෂය හා ගුප්ත විද්‍යාව පිළිගැනීමට කැමැති නැත. එය අසාධාරණ යෑයි කිව නොහේ. බොරුව, වංචාව, කපටිකම ඇති තැන සත්‍යයට තැනක්‌ නැත. ඒත් සත්‍යය සත්‍යයම මිස එය කිසිදා යටපත් කළ නොහේ. 
 අපගේ ජීවන ගමනේ බොහෝ බාධක ඇත. ආදරය, ප්‍රේමය මුල් කර ගත් බොහෝ විවාහ ජීවිත උසාවියෙන් කෙළවර වීම වර්තමානයේ සාමාන්‍ය දෙයකි. අතීතයේ "දික්‌කසාදය" මිනිසුන් ප්‍රතික්‌ෂේප කරන ලද්දකි. දික්‌කසාද වූ ගැහැනිය හෝ පිරිමියා දෙස බැලූයේ අවඥ සහගතවය. ඒත් ශ්‍රී ලකාවේ ඉතිහාස කථාව ආරම්භ වන්නේ විජයගෙන් නම් (මා ඒ නොපිළිගනිමි) දික්‌කසාදය ද විජයගේ කාලය තරම්ම ඈතට දිව යයි. ලංකාවට පැමිණි විජය ශ්‍රී ලංකාවේ කුවේණිය විවාහ කර ගෙන දරුවන් ද ලැබූ පසු ඇයව පන්නා දමා ඉන්දියාවෙන් කාන්තාවක ගෙන්වා ගෙන ඇය හා සරණ ගිය බව ඉතිහාසයේ පවසයි.

අපේ ඉතිහාසයේ එන රාවණා එවැනි සල්ලාලයකු නොවේ. ඉන්දියාවෙන් සීතා පැහැරගෙන ආවද ඇයව විවාහ කර ගන්නට හෝ ඇයව දූෂණය කරන්නට රාවණාට අවශ්‍ය වූයේ නැත. ඔහු සීතාවන්ට පූර්ණ ආරක්‌ෂාව ලබා දී තිබුණි.
 කෙසේ වෙතත් සීතාව පන්නා දැමීම හෙවත් ඇයව දික්‌කසාද කර දැමීම ලංකා ඉතිහාසයේ එන මුල්ම දික්‌කසාද නඩුවයි. මා මුලින් කීවාක්‌ මෙන් ප්‍රේම සබ`දතා ඇති කර ගෙන හෝ යෝජිත විවාහයක්‌ මගින් යුග දිවිය අරඹන්නන්ගෙන් සියයට හතළිහක්‌ (40%) දික්‌කසාදය නම් අවස්‌ථාවට පත්ව ඇත.

එසේම උසාවියට නොපැමිණි එහෙත් විවාහය අසාර්ථක කර ගත් පුද්ගල සංඛ්‍යාව කොපමණදැයි සංඛ්‍යා ලේඛන නැතත් ඉතා විශාලය. "සාර්ථක" විවාහ ජීවිත ගත කරන සංඛ්‍යාව ඉතාම අඩුය. ඔවුන් අතර ද හැලහැප්පීම් නැතිවා නොවේ. 
 ආදරයෙන් බැ`දුණු විවාහ ජීවිත අසාර්ථක වන්නේ ඇයි ? ජ්‍යෙdතිෂ මතයට අනුව විවාහයට පෙර "කුජ" දොaෂ හෙවත් "භෞම දොaෂ" නොසලකා හැරීම නිසා මෙය සිදුවිය හැක.

යෝජිත විවාහවලදී පොරොන්දම් බැලීමේදී කුජ දොaෂ හෝ ශනි මංගල යෝග ගැන හෝ භෞම දොaෂ ගැන සාකච්ඡා කෙරුණ ද ප්‍රේම සබ`දතාවලදී ඒ ගැන එතරම් තැකීමක්‌ නොකෙරේ. ඇතැම්විට පොරොන්දම් බැලීමක්‌ හෝ සුභ මංගල නැකැත් සෑදීමක්‌ හෝ නොකෙරේ. එවන් විවාහ අසාර්ථක වීම පුදුමයක්‌ නොවේ. ඒත් පොරොන්දම් ගළපා විවාහ වන දෙදෙනකු දික්‌කසාද වන්නේ ඇයි? 
 විවාහ වන විට විසි දෙවැනි (22) දෙර්කාණය ගැන එතරම් නොසලකා හැරීම ද හේතු වේ. විසි දෙවන දෙර්කාණාධිපතියා පාප ග්‍රහයෙක්‌ නම් විවාහය අසාර්ථක විය හැක. එසේම හත්වන රාශියේ පාප ග්‍රහයෙකු සිටීම ද ("රාහු") ශනිගේ දෘෂ්ඨිය ලැබීම ද අටවන රාශියේ හෝ දෙවන රාශියේ මේ පාප ග්‍රහයකුගේ දෘෂ්ඨිය ලැබීම ද විවාහ දොaෂවලට හේතු වේ.

 එසේම කෙතරම් ගැළපීම් තිබුණ ද ඇතැම් විට ඇති වන ග්‍රහ තත්ත්වයන් ද විවාහය ගැන පමණක්‌ නොව ව්‍යාපාර රැකියා අසාර්ථක බවට හේතු වේ. උදාහරණ ලෙස රාහු මහ දසාව යමකු ගත කරන්නේ නම් ඔහු හෝ ඇය ලිංගික දුබලතාවයකට පත් වේ.

 එවිට විවාහ ජීවිත අසාර්ථක වේ. රාහු පමණක්‌ නොව සෙනසුරු මහ දසාව විශේෂයෙන්ම කේතු මහ දසාව හුදෙකලා තනිවූ ජීවිතයක්‌ ගත කරන්නට සිදුවන කාලයකි. දෙදෙනාගෙන් එක්‌ අයකුට කේතු දසාව උදා වී දුර්වලතා ඇති වූයේ නම් අනෙකාට විවාහ ජීවිතය එපා වීම නොවැළැක්‌විය හැක. ඒ නිසා පොරොන්දම් ගැළපුණු පමණින්ම සැමදාටම විවාහය සාර්ථක නොවේ. ගංගාව ගලා යන්නේ එකම අයුරින් නොවේ. 
 පුද්ගලයකුගේ නවවන රාශියේ කේතු ග්‍රහයා (උපතේදී) සිටී නම් ඒ පුද්ගලයා අසීමිත ලෙස ආගම දහමට ලැදි වේ. එවිට තරුණ වියේදී හෝ මැදි වියේදී ඒ පුද්ගලයා අසීමිත ලෙස ආගම දහමට ලැදි වීම නිසා පවුල් ජීවිත අසාර්ථක වීම් බොහෝ විට සිදු වේ. වරින් වර හෝ ජන්ම පත්‍ර පරීක්‌ෂා කරවා ගැනීමෙන් මේ දොaෂ අඩු කර ගත හැක. 
 යෞවනයේදී කෙසේ වෙතත් විවාහ වී සුළු කාලයක්‌ ගත වන විටම දෙදෙනාගෙන් එක්‌ අයකුට ලිංගික බෙලහීනතාවයන් ඇති වීම සිදු විය හැක. එයට හේතු කිහිපයකි. ඇතැම්විට ප්‍රථම දිනයේදී ම ශාරීරික එක්‌ වීම එපා වන අය ද නැත්තේ නොවේ. එසේම පළමු දරු ප්‍රසූතියෙන් පසු කායික එක්‌ වීම ප්‍රතික්‌ෂේප කරන කාන්තාවන් නිසා ද විවාහ ජීවිතය අසාර්ථක වේ.

එසේම විවාහයට පෙර අස්‌වාභාවික ලිංගික හැසිරීම්වලට හුරු පුරුදුව සිටි පුරුෂයන් විවාහයෙන් පසුවදා එවැනි හැසිරීම් රටාවන්ට යොමු වීම විවාහය අසාර්ථක වීමට හේතු කාරක වේ. මේ වැනි බොහෝ සාධක මත විවාහ ජීවිත දෙදරා ගිය ද ඒවා සමාජයේ එළියට එන්නේ නැත. පවසන්නේ තාඩන - පීඩන හා අනියම් සබ`දතා නිසා ජීවිත අසාර්ථක වන බවය. 
 ඒ නිසා විවාහ ජීවිත අසාර්ථක වන අවස්‌ථාවලදි වෙන් වීම නොව දෙදෙනා සාකච්ඡා කොට තමාගේ දුර්වලතා හ`දුනා ගැනීම වැදගත්ය. නිවසේ කුණු කසළ එදිනෙදා අතු ගා දැමීමෙන් නිවස පිරිසිදු වේ. කුණු කසළ එදිනෙදා පිරිසිදු නොකිරීමෙන් කුණු කසළ ගොඩ ගැසී ඒවා ගිනි තබන්නට සිදු වේ. එදිනෙදා සැකය, අවිශ්වාසය දුර්වලතා විමසා ගැනීමෙන් දික්‌කසාදය නමැති ගිනි ගොඩ ගැසීsමට අවශ්‍ය නොවේ. 
  ලිංගික දුබලතාවනට ගැළපෙන යන්ත්‍ර ගුප්ත විද්‍යාවේ පවතී. ඒවායින් පිහිටක්‌ ලබා ගෙන ජීවිතය සාර්ථක කර ගත හැක.
 කුමන හෝ ආකාරයක විවාහ අර්බුද ඇත්නම් පළමුව "හොද" ජ්‍යෙතිෂවේදියකු හමු වී දෙදෙනාගේ ජන්ම පත්‍ර පරීක්‌ෂා කරවා ගන්න. එසේම ඔහු හෝ ඇය සමග පෞද්ගලිකව සාකච්ඡා කරන්න. මේ ගැටලු විසදා ගන්නට "චූල ජින පඤ්ජරය" මගින් හෝ "සර්ව ජන වශී" යන්ත්‍රයෙන් විසදුම් ලබා ගත හැක.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment