ඔබත් ආකර්ෂණීය චරිතයක්‌ වෙන්න කැමතිද? | Gurukam.net - Gurukam.Net

Friday, June 19, 2020

ඔබත් ආකර්ෂණීය චරිතයක්‌ වෙන්න කැමතිද? | Gurukam.net


 ජනතා ආකර්ෂණය යනු කෙනකුට ලෙහෙසියෙන් හා පහසුවෙන් ලබාගත හැකි දෙයක්‌ නොවන අතර එය කිසි දිනක ඉල්ලීමක්‌ මත හෝ මුදල් ගෙවා ලබාගත හැකි දෙයක්‌ ද නොවනු ඇත.

නිවැරදි ජ්‍යෙතිෂය හා ගුප්ත විද්‍යාවට අනුව යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ක්‍රමවේදය හරහා අපට මුහුණදීමට සිදුවන අනන්ත අප්‍රමාණ දුක්‌ පීඩාවලට සත්‍ය වූ පිළියම් සොයාගත හැකි අතර එතුළින්ම අනාගත දියුණුව, ආරක්‌ෂාව කටයුතු සපලතාවය මෙන්ම ජනතා ආකර්ෂණය ද ලබාගත හැකිය.


  එසේ නම් අපට තවත් කෙනකුගේ ආකර්ෂණය ලබාගත හැක්‌කේ කෙසේද?
 මෙම පැනයට නිසි පිළිතුරු දුන්නෝ අපේ පැරැණි Rෂිවරුන් පමණකි. එදා ඔවුන් විසින් දායාද කළ මෙම මන්ත්‍ර ශාස්‌ත්‍රය තුළ වූ සර්වජන වශී යන්ත්‍රය පැළඳීමෙන් එදිනෙදා අපට හමුවන ඕනෑම අයකුගේ සිත අප කෙරේ ඇදී යැමත් අපගේ බසට අහුම්කන් දීමත් නිසා බොහෝ කටයුතු ලෙහෙසියෙන් හා පහසුවෙන් සිදුකර ගනිමින් අපට සතුටින් ජීවත් වීමට ඉඩ ප්‍රස්‌ථාව සැලසෙනු ඇත. සුදුසු ස්‌ථානයක උඩුවියන් බැඳ, පාවඩ මත මල් බුලත් තටුවක්‌ තනා කැවිලි, පලතුරු ප්‍රමුඛ දෙවියන්ට පුද පූජා තබා නිසි ලෙස අදාළ ජන්මියාගේ පක්‌ෂියා රජවන මොහොත බලා නිසිලෙස ප්‍රස්‌ථාර ගතකර ගත් යන්ත්‍රය ප්‍රාණ, පුට, පලිප්පු, සිද්ධි යන මන්ත්‍ර ශාස්‌ත්‍රීය මූලධර්මවලට අනුව බල ගන්වා පහත සඳහන් මන්ත්‍රයෙන් දස දහස්‌ වරක්‌ ජීවම් කර සුබ හෝරාවක කර පැළඳීමෙන් ඔබ අන්‍යයන් අතර කැපී පෙනෙන සුවිශේෂී චරිතයක්‌ වනු ඇත.
 ජීවම් මන්ත්‍රය
 1. ඕං හ්රීං හ්රීං රාවණා දිෂ්ටි දිෂ්ටි වර වර ඒස්‌වාහඃ
 2. ඕං බුදුන් බලා ගුරුන් බලා රාවණා බලා මා බලා මාගේ මුහුණ බලා නැමි නැමි වරවර ඒස්‌වාහඃ
 3. ඕං හන්තානේ සන්තානේ භගවතී භගවතානී ඉරට්‌ඨි ඒස්‌වාහඃ
 4. ඕං අච්චිලක්‌කට්‌ටි තෝඩා, පච්චිලක්‌කට්‌ටි තෝඩා අඩා බල තෝඩා බල විෂ්ණු, බල කදිර බල මා බල මූණ බල මාගේ ගුරුන් බල බුද්ධ බල මුනි බල මාගේ මුහුණ බලා නැමි නැමි වර වර ඒස්‌වාහඃ
 5. ඕං රාවණා මාගේ සිරස්‌තලයේ අවතාර මැවි මැවි සර්ව ආරක්‌ෂා වර වර ඒස්‌වාහඃ


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment