විවාහ දොෂ මගින් යුගදිවියට කරන වින | Gurukam.net - Gurukam.Net

Wednesday, May 13, 2020

විවාහ දොෂ මගින් යුගදිවියට කරන වින | Gurukam.net



පොරොන්දම් පරීක්ෂා්වට පෙර එම ජන්ම පත්රය දෙක යහපත් විවාහයකට යෝග්ය දැයි මූලික විමර්ශනයක්‌ කළ යුතුයි.  වර්තමානයේ විවාහය සඳහා ජන්ම පත්රපරීක්‌ෂාවේදී වැඩිදෙනා අවධානය යොමු කරන්නේ පොරොන්දම් 20 ගැළපීම කෙරෙහිය.


එහිදී ප්රපථමයෙන් ස්‌ත්රීප පුරුෂ දෙදෙනාගේ කේන්ද්‍රවල ලග්නාධිපති ග්රිහයන්ගේ සතුරු මිතුරු බව පරීක්ෂා  කළ යුතුය. ලග්නාධිපතියන් දෙදෙනා මිතුරු නම් සුබ වන අතර ලග්නාධිපතියන්ගේ මිත්රතත්වයෙන් බලාපොරොත්තු වන්නේ දෙදෙනාගේ පෞරුෂ ගැලපීමයි.

මී ළඟට ස්‌ත්රීත පුරුෂ කේන්ද්රග දෙකෙහි හත්වැන්න අධිපති ග්ර හයන්ගේ සතුරු මිතුරු බව විමසිය යුතුය. එමගින් බලාපොරොත්තු වන්නේ දෙදෙනා අතර පවතින විවාහයට යෝග්යනතාවය පරීක්‌ෂාවයි. හත්වැන්නාධිපතියන් මිතුරු නම් විවාහයට යෝග්ය  වේ.

 මී ළඟට කේන්ද්රව දෙකෙහි පස්‌වැන්නා අධිපතිනියන් දෙදෙනා පිළිබඳව පරීක්ෂාන කළ යුතු අතර එම දෙදෙනාගේ මිත්රීත්වයෙන් පැවසෙන්නේ පෙර භවයේ පටන් පවතින සසර බැඳීමක්‌ බවයි.

 අනතුරුව චන්ද්ර  රාශි අධිපතිනියන්ගේ සතුරු මිතුරු බව විමසන අතර එම දෙදෙනා මිතුරු නම් ඉන් කියෑවෙන්නේ දෙදෙනාගේ සිතිවිලි (අදහස්‌) ගැළපෙන බවයි. මෙම කරුණු හතරෙන් දෙකක්‌ හෝ යහපත් මට්‌ටමේ තිබේ නම් විවාහයට සුදුසු බව සැළකෙන අතර ඉන් අනතුරුව පරීක්ෂාෙවට ලක්‌ කළයුතු විවාහ දෝෂ ගණනාවක්‌ද තිබේ. ජන්ම කේන්ද්රබවල එම දොෂ පවතින්නේද යන්නත් එම දෝෂ භංග වන්නේද යන්නත් විසි පොරොන්දම් වලට අමතරව විශේෂයෙන් විමසා බැලිය යුතුයි.

 ඒවා අතරින් අඟහරු නොහොත් කුජ දෝෂය ප්රාමුඛ වේ. කුජ දෝෂය පිළිබඳව නිතර සාකච්ඡාවට බඳුන්වන නිසා ඒ ගැන බොහෝ දෙනා දැනුවත්ව සිටින බැවින් කුජ දෝෂය මෙහිදී විස්‌තර නොකරන අතර නිතර සාකච්ඡා නොකරන එහෙත් ඉතා වැදගත් තවත් විවාහ දෝෂ කිහිපයක්‌ මෙම ලිපියෙන් පැහැදිලි කරයි.

 විෂ කන්යා  යෝගය

 කන්යාන යෝගය විවාහයට ඉතාම අසුබ යෝගයකි. මෙම යෝගයෙන් උපන් ස්‌ත්රියයට නිතරම දුකෙන් කාලය ගත කිරීමට සිදුවේ. අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවේ. කරදර බාධක අසහනය අවිවේකය නිතර ඇතිවේ. සැප සම්පත් භුක්‌ති විඳීමේ වාසනාව අඩුය. වස්‌ත්රාහභරණ ලැබුණත් ඒවා ඇඳීමට පැළඳීමට අවස්‌ථාවක්‌ නොලැබේ. ඇන්දත් නිතර කිලිටි වේ.

ලැබෙන්නට තිබෙන දේ පවා නොලැබී යයි. ස්‌වාමියා අබාධිත වීමෙන්, බෙලහීනවීමෙන් හෝ අකාලයේ මිය යාමෙන් එකට විසීමේ භාග්යී අඩුවේ. දරුවන්ටද අසුබ තත්ත්ව ඇති කෙරේ. විෂ කන්යාය යෝගය යෙදෙන්නේ මෙසේය. දොළොස්‌ වැනි තිථිය යෙදී ඇති ඉරිදාවක කැති, අස්‌ලිස, සියාවස, යන නැකතකින් ඉපදී සිටීම දෙවෙනි තිථිය යෙදී ඇති අඟහරුදාවක සියාවස නැකතින් ඉපදීම

 හත්වැනි තිථිය යෙදී ඇති අඟහරුදා විසා හෝ සියාවස නැකතින් ඉපදී සිටීම

 දෙවනි තිථිය යෙදී ඇති සෙනසුරාදාවක අස්‌ලිස නැකතින් ඉපදීම

 හත්වැනි තිථිය යෙදී ඇති සෙනසුරාදාවක කැති නැකතින් ඉපදී සිටීම

 භාව කුතුහලයෙහි විෂ කන්යාෙ යෝගය මීට වඩා වෙනස්‌ අයුරින් දක්‌වා තිබේ එනම් දෙවනි තිථිය සහිත ඉරිදා දිනක අස්‌ලිස නැකතින් ඉපදීම

 දොළොස්‌වැනි තිථිය සහිත ඉරිදා දින විසා නැකතින් ඉපදීම

 දොළොස්‌ වැනි හෝ හත්වැනි තිථියක්‌ සහිත අඟහරුවාදා දිනක සියාවස නැකතින් ඉපදීම

 මීට අමතරව විෂ කන්යාි යෝගය යෙදෙන තවත් ක්රනම කිහිපයක්‌ද පොත පතෙහි දැක්‌වේ.

 ලග්නයේ ශනිද 5 වැන්නේ රවිද 9 වැන්නේ කුජද සිටීම

 මේෂ ලග්නයෙන් ඉපිද ලග්නයේ ශනි 6 වැන්නේ කුජ කේතු සිටීම

 මේෂ ලග්නයෙන් ඉපිද ලග්නයේ කුජ සිටියදී රවි හා රාහු 6 වැන්නේ සිටීම

 මේෂ ලග්නයෙන් ඉපිද ලග්නයේ රාහු සිටියදී කුජ හා ශනි 6 වැන්නේ සිටීම

 සිංහ ලග්නයෙන් ඉපිද ලග්නයේ ශනි හා රවි කේතු 6 වැන්නේ සිටීම

 මේෂ ලග්නයෙන් ඉපිද ලග්නයේ කුජ හා රාහු ලග්නයේ සිටියදී රවි හා ශනි 10 වැන්නේ සිටීම

 හත්වැන්නාධිපතියා හතේන් ලග්නයේ හෝ චන්ද්ර්යා සමග සුබ ග්රසහයෙකුත් සිටීමෙන්ද ලග්නය ස්‌ත්රීත රාශියක්‌ වී බධ ගුරු සිකුරු සඳු බලවත්වීමෙන්ද විෂ කන්යා් දෝෂ භංගවේ.


 නාශාංශක දෝෂ

 ගුරුට අයත් පුනාවස, විසා, පුවපුටුප නැකැත්වල පළමු පාදයෙන්ද ශනිට අයත් පුෂ අනුර උත්ර,පුටුප නැකැත්වල දෙවන පාදයෙන්ද සිකුරුට අයත් බෙරණ, පුවපල්, පුවසල, නැකැත්වල තුන්වන පාදයෙන්ද රවිට අයත් කැති, උත්ර පල්, උත්‍රසල නැකැත්වල හතරවන පාදයෙන්ද උපත ලබා ඇතිනම් නාශාංශක දෝෂයට අසුවේ. නාශාංශක දෝෂ විවාහයට බාධා පමුණුවයි. කේන්ද්රෙයක හත්වැන්න අධිපති ග්ර හයා හෝ 7 වැන්නේ නාශාංශක ග්රාහයෙන් සිටීම බහු විවාහ හෝ වැන්දඹු දෝෂ යෙදීමටද 5 වැන්නාධිපතියා නාශාංශක වී හෝ 5 වැන්නේ නාශංශක ග්රනහයෙකු සිටීම වඳ යෝග යෙදීමටද හේතුවේ.

 කඩහන්දි මාරක දෝෂය

 ස්‌ත්රීද පුරුෂ දෙදෙනාටම විවාහ වී එක්‌ වර්ෂයක්‌ ඇතුළත එකම මහ දශාවක්‌ ලැබීම කඩහන්දි මාරක දෝෂයයි. එබැවින් විවාහ පොරොන්දම් පරීක්ෂාපවේදී මෙවැනි කරුණු ගැනද සැළකිළිමත්වීම ඉතා අවශ්ය‌ කරුණක්‌ වේ.

සරාගී යෝග

 කේන්ද්රුය 8 වැන්න අධිපති ලග්නයේ හෝ 7 වැන්න නම් ගෝචරය කාලයේ අනියම් ඇසුරක්‌ ඇති කර ගනී. 5 වැන්නේ කුජ සිටියත් ප්රේ්ම සම්බන්ධවලදී කලහකාරී තත්ව ඇතිවේ. කුජ පාපයෙකු සමග 1, 4, 7, 8, 12 ස්‌ථානයක සිටීමද කුජ හෝ රාහු 8 සිටීමද සඳු, කුජ, හෝ රාහු 5 වැන්නේ හෝ 7 වැන්නේ සිටීමද, මේෂ රාශියේ හෝ වෘෂ්චික රාශියේ සිකුරු සිටීමද, වෘෂභ රාශියේ හෝ තුලා රාශියේ කුජ සිටීමද සරාගී යෝග වේ. රවි සිකුරු යෝග වී සිටීම කුජ සිකුරු යෝගවී සිටීම රාහු සිකුරු යෝගවී සිටීම කාම යෝග වන අතර කිසියම් කේන්ද්රගයක මෙබදු සරාගී යෝග යෙදී තිබුණද ගුරු හෝ සෙනසුරු බලවත් නම් බොහෝදුරට එම සරාගී තත්ත්ව පාලනය වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment