ගෙයක් ‍දොරක් හිමිකරදෙන වාසනව ඔබ සතුද? | Gurukam.net - Gurukam.Net

Tuesday, May 5, 2020

ගෙයක් ‍දොරක් හිමිකරදෙන වාසනව ඔබ සතුද? | Gurukam.net




ජන්ම පත්‍රයක් පරීක්ෂා කර උපතේ සිට විපත දක්වා සිදුවන කරුණු පැහැදිලි කිරීම උසස් දැනුමක් ඇති විය යුතුය. ඒ දැනුම ලබන්නට නම් ඔබ කේන්දර කිහිපයක්ම පරිහරණය කළ යුතුව ඇත.සුලබව පෙනෙන කරුණක් නම් සෑම නගරයකම ජේ‍යාතිෂ කාර්යාල දිනපතා බිහිවේ.

 එම කාර්යාල පවත්වන වැඩි දෙනකුට ජේ‍යාතිෂ දැනුමක් නැති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ. වැඩිදෙනකු උත්සාහ ගන්නේ ග්‍රහයන් පිළිබඳ බොරු බයක් ඇති කර අහිංසක ජනයා බියකර යන්ත්‍ර දැමීමටය, මුදල් ගැරීමටය.


කේන්දරයක භාව ‍දොළහක් තිබේ.
ඉන් එක භාවයක් අංශක 30කට බෙදී විස්තර කිරීමට සාමාන්‍ය පිළිවෙළය.
 ක්‍රිෂ්ණ මූර්ති මැතිතුමාගේ ක්‍රමය නම් හැම භාවයක්ම එක ප්‍රමාණයට නොසැලකීමයි. එක රාශියක සිට ඊළඟ රාශියට අංශක 20 හෝ 10ක් තිබේ.
මෙම ක්‍රමය අනුව ලග්න කොටුවේ සිට ඊළඟ කොටුවට අංශක 20, 10ක් අපි ගණන් කරමු.

බොහෝ දෙනා දන්නා පරිදි වම් පැත්තේ සිට සලකන විට රාශි ‍ෙදාළහේ කරුණු රාශියක් දැක්වේ. පළමු භාවයෙන් කෙනකුගේ දීර්ඝ විස්තරයක් දිය හැකිය.
ක්‍රියාශීලී වැඩට දක්ෂ අයකුගෙ ජන්ම පත්‍රයෙ පළමුවන කොටුව බුධ, ගුරු, සිකුරු බලයෙන් ඇත.

වැඩට අදක්ෂ, නිද්‍රාශීලී, කම්මැළි අයකුගේ පළමු රාශියේ බලවත්ව රාහු, ශනි වැනි පාප ග්‍රහයන් දැකගත හැකිය.

දෙවැනි භාවයෙන් වාග් ශක්තිය තමන් සතු ධනය දැකගත හැකිය. ගොළුරාශි ලෙස සලකන කටක, වෘශ්චික, මීන රාශියේ කේතු සිටින අය කතාවට පසුබසිත්. එම රාශියේ පීඩා ලත් බුධ ඇති අයට කිසිසේත් කතාවට අපහසුය.
ගුරු හෝ බුධගේ පිහිටීම ඉතාම වාසනාවන්තය.
ධනු හෝ මීන රාශිය දෙවැන්න වී ගුරු සිටීම හා මිථුන හෝ කන්‍යාව වී බුධ සිටින අය දක්ෂ කථිකයන් බව සමාජය දෙස පරික්ෂාකාරීව බලනවිට පෙනේ. එම පිහිටීම ලත් අය නිකරුණේ අනවශ්‍ය දේ කතා කරමින් කාලය නොගෙවති. තේරුමක් ප්‍රයෝජනයක් ඇති අදහස් පමණක් ඔවුහු කතා කරත්.
එම රාශිය වෘෂභ, තුලා හෝ මීනය වී සිකුරු ඇති අයට විරුද්ධ ලිංගිකයන් වචනයෙන් වශීකර ගත හැකිය. දෙවැන්නේ සතුරු, ගුරු බලවත් අයට තමන්ගේ භාර්යාවට අමතරව වෙනත් භාර්යාවක් ඇති බව පෙනේ. දෙවැනි භාවය ඉතා බලසම්පන්නය.


එම රාශිය බලවත් නම් නිතර මුදල් අතේ ගැවසෙයි. අගහිඟකමින් තොර ජීවිතයක් ගත කිරීමට දෙවැන්නේ බලවත් ශුභ ග්‍රහයෝ උපකාර වෙත්.
බොහෝ පහසුවෙන් කරුණු මතක තබා ගන්නා අයගේ දෙවැන්නේ බුධ හෝ ගුරු ස්වක්ෂේත්‍රව ඇත.
පොලිසියේ හෝ යුද හමුදාවේ රාජකාරි කරන බොහෝ දෙනාගේ ජන්ම පත්‍රවල තුන්වැන්නේ බලයෙන් කුජ හෝ ගුරු සිටිනු ලැබේ. තමන්ගේම නිවෙසක ජීවත් වීමේ වාසනාව ඇති අයගේ හතරවැනි රාශියේ හතරවැන්නා බලයෙන් ඇත.තමන්ටම වාහනයක් ලබන්න හතර වැනි රාශිය බලයෙන් තිබිය යුතුය. හතරවැන්නේ පාප ග්‍රහයන් බලයෙන් සිටින අයට හා හතරවැන්නේ පාප කර්ණවී ඇති අයට තමන්ටම නිවෙසක් හෝ තමන්ගෙ වාහනයක් හෝ සතු නොවේ. ඉගෙනීමටද හොඳ නැත.

මෙම ප්‍රධාන කරුණු ජන්මපත්‍ර කිහිපයක් ගෙන පරික්ෂා කිරීමෙන් දැනුමක් ලැබිය හැකිය.. ජේ‍යාතිෂය අනුන්ගේ යහපතට භාවිත කළ යුතු ශාස්ත්‍රයකි. මෙය ව්‍යාපාරයකට හරවාගෙන සමාජයට ජේ‍යාතිෂය අප්‍රිය නොකරවන්න.ඔබට ජේ‍යාතිෂය ගැන හොඳ අවබෝධයක් නැත්නම් අසරණ අය මුළා කර බොරු කියා අපාගත නොවන්න වගබලාගත යුතුය

(under the courtesy of smartlady.lk web)

No comments:

Post a Comment