ලග්නාධිපති ග්‍රහයා සිටින කොටුව කුමක්‌ද? | Gurukam.net - Gurukam.Net

Sunday, May 31, 2020

ලග්නාධිපති ග්‍රහයා සිටින කොටුව කුමක්‌ද? | Gurukam.net


ඔබේ හඳහනේ ලග්නාධිපතියා සිටින ස්‌ථානය අනුව ප්‍රතිපල බිඳක්‌ කියාදීමට සිත්විය.  සෑම කෙනෙකුටම හඳහනක්‌ ඇත. එය කේන්ද්‍රය කියාද හඳුන්වනු ලැබේ. ඒ හඳහන අයිති ග්‍රහයෙක්‌ ඇත. එයාට ලග්නාධිපති කියා හඳුන්වයි.  මේෂ වෘශ්චික ලග්නයේ නම් ලග්නාධිපතියා කුජ නොහොත් අඟහරුය.

වෘෂභ හෝ තුලා ලග්නයේ නම් ලග්නාධිපති සිකුරු නොහොත් කිවිය. මිථුන හෝ කන්‍යා ලග්නයට ලග්නාධිපති බුධ වනු ඇත. කටක ලග්නය නම් අධිපති සඳු නොහොත් චන්ද්‍රයාය. සිංහ ලග්නයෙන් උපත ලබා ඇත්නම් ලග්නාධිපති රවීය. ධනු මීන ලග්න නම් ඔබේ ලග්නාධිපතියා වන්නේ ගුරු නොහොත් බ්‍රහස්‌පතිය

. මකර හෝ කුම්භ ලග්නයෙන් උපත ලබා ඇතිවිට ලග්නාධිපති ග්‍රහයා වන්නේ ශනි නොහොත් සෙනසුරුය. මා විසින් ලියා ඇති විස්‌තරය අනුව ඔබේ ලග්නාධිපතියා කවුද? කියා සොයාගත හැක. දැන් ඔබේ ලග්නාධිපතියා සිටින කොටුව කුමක්‌ද කියා ඔබට සොයාගත හැක. මා විසින් ලියන කරුණු ග්‍රහයාගේ උච්ච, ස්‌වෂේත්‍ර, නීච තත්ත්වයන්, උඩ අඩු වැඩි වනු ඇත. රවි මේෂයට උච්චය.

 සඳු වෘෂභ රාශියේදී උච්ච වනු ඇත. කුජ මකර රාශිය තුළදී උච්ච (රජ) වේ. බුධ කන්‍යා රාශියේදී උච්ච (රජ) වේ. ගුරු කටක රාශිය තුළ උච්ච බල සහිතය. සිකුරු මීන රාශියේදී උච්ච වේ. ශනි තුලා රාශිය තුළ උච්චය. උච්ච යනු ග්‍රහයා රජවීමයි. ස්‌වෂේත්‍ර යනු ග්‍රහයාට අයිති ඉඩම තුළ සිටීමයි.

රවීට සිංහ රාශියේ ස්‌වෂේත්‍ර බලය ඇත. සඳුට කටකය තුළද කුජට මේෂ රාශිය තුළද බුධට මිථුන රාශිය තුළද ස්‌වෂේත්‍ර බලය තිබේ. ගුරුට ධනු රාශිය තුළද සිකුරුට තුලා රාශිය තුළද, ශනිට කුම්භ මකර රාශි තුලද ස්‌වෂේත්‍ර බලය තිබේ. ඒ වගේම සෙනසුරු මේෂ රාශියේදී නීච නම් සිකුරු කන්‍යා රාශියේද, ගුරු මකර රාශිය තුළද නීච නම් බුධ ග්‍රහයා මීන රාශිය තුළද, කුජ කටක රාශිය තුළද, චන්ද්‍රයා වෘශ්චික රාශිය තුළද, රවි ග්‍රහයා තුලා රාශිය තුළද නීච වනු ඇත.

 නීච යනු ඉතා පහත් තත්ත්වයකි. මේ කරුණුද සිහියේ තබාගෙන ඔබේ ලග්නාධිපතියා සිටින කොටුව අනුව විස්‌තර බලා ගන්න. අංක 01 කොටුව ලග්නය වේ. ඔර්ලෝසුවක කටු ගමන් කරන පැත්තට නොව අනික්‌ පැත්තට 1, 2, 3, කියා ගැන බලා ගන්න.  දැන් ඉතින් ඔබේ ලග්නාධිපති ග්‍රහයා ලග්නය නොහොත් අංක එක කොටුව තුළද කියා බලන්න. ලග්නාධිපති ග්‍රහයා ලග්නයේ සිටි විට ස්‌වෂේත්‍ර බලය හිමිවේ. තම උත්සාහයෙන් දියුණුව කරා ගමන් කරනු ඇත.

එසේම ජය පරාජය දුක, සැප ගැටලුවලදී නොවෙනස්‌ව සිටීමේ බලය පිහිටයි. බොහෝ දුරට තම ආත්මය පාලනය කර ගැනීමේ හැකියාව ඇත. උසස්‌ තත්ත්වය පත්වීමේ හැකියාව නිරායාසයෙන්ම ලබනු ඇත.  ලග්නාධිපතියා දෙවැන්නේ නම් කථාවට දéයෙකි. ඒ වගේම වැඩිපුර කතා කරනු ඇත. මුදල් උපයන්ටත් උපයන මුදලෙන් උපරිම ඵල නෙලා ගැනීමත් දéවේ. නිතර ගෙදර සිටීමට ප්‍රිය කරන මෙවැන්නෝ විවේක ලද හැම විටම අඹු දරුවන් සමග විනෝද වෙති.

 ඔබේ ලග්නාධිපතියා ඔබ උපදින විට තුන්වැනි කොටුව තුළද බලන්න. සහජ දéතා ඇති අයෙක්‌ කරනු ඇත. ඉගෙනීමට දé මෙන්ම දැඩි කැමැත්තක්‌ දක්‌වති. නොයෙක්‌ නොයෙක්‌ දේවල් පිළිබඳව ගැඹුරින් සිතන මෙවැන්නෝ ශාස්‌ත්‍රීය විෂයන් පිළිබඳවත්, ලේඛන කලාව සහ නිර්මාණකරණය පිළිබඳව විශේෂ හැකියාවක්‌ දක්‌වති.

තීරණ ගන්නේ ඉතා හෙමින්ය. නමුත් ගන්නා තීරණ අකුරට ක්‍රියා කරනු ඇත. සහෝදර සහෝදරියන් අතරද හොඳ නමක්‌ තබා කටයුතු කරති. මෙය ප්‍රසිද්ධිය හොඳ ග්‍රහ පිහිටීමයි.

 ඔබේ ලග්නාධිපතියා හතර වැන්න තුළ නම් හදවතට එකඟව කටයුතු කරයි. හෙට ගැන නිතර හිතන නිසා අනාගත දියුණුව දකිනු ඇත. එම උත්සාහයෙන් කටයුතු කර ගේදොර වතු පිටි යාන වාහන ලැබීමට මෙය හොඳම පිහිටීමකි. මෙවැනි අය උපන් ගමට රටට වැඩදායක වනවා පමණක්‌ නොව තම නෑදැ හිතවතුන්ට හොදට සලකන අයවේ.

ඒ වගේම වැදූ මවට වගේම හැදූ මවටද හොදට සලකනු ඇත. අන් අයගේ හිත් රිදවීමට අකැමැති නිසා බොහෝදුරට සතුරන් අඩුවේ. ජීවිතයේ අගභාගය ඉතා සතුටින් කල් ගෙවීමට මග පෑදෙනු ඇත.දැන් ලග්නාධිපතියා පස්‌වැනි කොටුව තුළද අපි බලමු. අධ්‍යාපනයට හොඳ පිහිටීමකි. කලින් කළදේ හෝ කී දේ හොඳින් සිහියට ගෙන අනාගතය පිළිබඳ තීරණ ගන්නා අයෙකි. ආදරය ප්‍රේමය, ආලය ඉදිරියේ අවංක වන අතර ඒ පිළිබඳව අවංකව කටයුතු කරයි.

තම උගත්කමට වඩා දැනුම ඇති මෙවැනි අය විනය ගරුක වේ. පළමු දරුවාට තරමක්‌ අගුණ උවත් දරුවන් ගැන දැඩි ඇල්මක්‌ තිබේ. බාහිර ඔපයට වඩා අධ්‍යාත්මික ගුණ වගාවට මුල් තැනදී කටයුතු කරයි.

 ඔබේ ලග්නාධිපති හය වැන්නේ නම් ඔබට මතුවන හතුරන් සහ ලෙඩ රෝග ඔබටම යටපත් කර ගැනීමේ හැකියාව බොහෝවිට ඇතිවෙයි. බොහෝවිට නිරෝගී අයෙකු කරනු ඇත. අන්‍යයන් ලවා පාලන කටයුතු කර ගන්ට හොඳ හැකියාවක්‌ ඇති අතර තම සේවක සේවිකාවන්ට හොදින් සලකති. යුතුකම් ඉටුකරයි.

විපත්ති කරදර මතුවේය යන අදහස හිතතුළ ඇති නිසා ප්‍රශ්නයක්‌ පැමිණියද ඉන් මිදීමට උපාය ශීලී වේ. ඉඩම්, මිණි, මුතු සහ මහපොළොවෙන් ලබන සම්පත්වලට හිමිකම් ඇත. ලග්නාධිපතියා හත්වැන්න තුළ සිටින විට යුග ජීවිතය තරමක්‌ ප්‍රමාදය. නැති නම් විවාහය පිළිබඳ ගැටලු මතුවේ. ප්‍රසිද්ධ වන අතර හතුරන්ටද මුහුණ දීමට සිදුවේ. විවාහ උවහොත් විවාහ සහකාරියගේ අදහස්‌ උදහස්‌වලට එකඟව කටයුතු කරයි. බොහෝවිට ඇසුරු කරන අයගේ අදහස්‌ වලට ඇහුම්කම් දීමට මෙය හොඳ පිහිටීමකි.

 ලග්නාධිපති අටේ සිටීම හොඳ පිහිටීමක්‌ වන්නේ නැත. නිතරම හිත කිලිටිවේ. රහස්‌ සිතිවිලි මතුවන අතර තමන්ගේ සතුරන්ට හොර රහසේ යම් යම් දේවල් කිරීමට උත්සාහ දරනු ඇත. මෙවැනි අයට සමහරු කියන්නේ දිය රෙද්දෙන් බෙල්ල කපන උදවිය කියාය. ශරීර සෞඛ්‍යයට හොඳ මදිය.

තම ජීවිතයට කැළැල් ඇතිවන දේවල් කරගන්න කියා ජීවිතය පිංකැටවලට යොමු කරගන්න. ගෙදර දොර සාමයට බාධාවකි. දැවැදි ලැබුණත් ඉන් ඵලක්‌ ලබන්නේ නැත. දායාද ලැබුණ ප්‍රමාණය වගේ දෙතුන් ගුණයකින් වියදම් කර රටට ණය කාරයකු වේ. මෙසේ වන්නේ ලග්නාධිපතිය දුර්වල තත්ත්වයක සිටිය විට පමණි. කෙසේ වෙතත් ලග්නාධිපති අට වැන්නේ පිහිටීම එතරම් හොඳ මදිය.

 ඔබේ ලග්නාධිපති ග්‍රහයා නව වැන්න තුළ සිටින විට උගත්කම හැකියාව නිතැතින්ම ලබනු ඇත. පෙර පින ලබන නව වැන්න තුළ ලග්නාධිපති සිටි විට ඉතා හොඳ ග්‍රහ පිහිටීමකි. තමාගේ ගුරුවරුන්ට ඉතාම හිතවත්වේ.

 විවිධ විෂයන් ඉගෙනීමට ආශාවක්‌ දක්‌වති. ආගම දහමට ගරු කරන අතර හික්‌මුණ නිහතමානී පුද්ගලයෙකු මෙලොවට බිහිවේ. මෙවැන්නෝ කලබල නොවී ඉදිරිය ගැන සිතා බලා කටයුතු කරන නිසා සතුරන් අඩුය. කතාකර ප්‍රශ්න විස¹ ගන්නවා පමණක්‌ නොව අනුන්ගේ දුකට පිහිටවන අයවේ. මරණින් මතු උසස්‌ තැන්වල උපත ලැබීමටත් මෙය හොඳ පිහිටීමකි. පෙර ආත්මවල පින් වැඩිපුර කර ඇති උදවියගේ ලග්නාධිපති නව වැන්නේ පිහිටනු ඇත.

 වැඩට දéයෙකු කාර්යය ශූරයෙකු වීමට නම් ලග්නාධිපති දහවැන්න තුළ සිටියදී උපත ලැබිය යුතුය. කාලය රන් වගේය කියන්නේ මෙවැනි උදවියටයි. කරන හැම දෙයක්‌ම හරියට කිරීමට උත්සාහ දරනු ඇත. ඕනෑම කෙනෙකු ආශ්‍රය කරන අතර ඔවුන්ගේ හොඳ පමණක්‌ මතකයට නගා කටයුතු කිරීමට දය.

වයසින් වැඩි උදවිය සමඟ ආශ්‍රය කිරීමට කැමතිය. සිරිත් විරිත් අකුරට පිළිපදිනු ඇත. බොහෝවිට කලක්‌a ඇසුරු කළ කෙනෙක්‌ විවාහයට තෝරා ගන්නවා ඇත. සහෝදර සහෝදරියන්ට හොඳට සලකන අයගේ ලග්නාධිපතියා බොහෝ විට දසවැන්න තුළ ඇත.

 මකර සහ කුම්භ ලග්න හිමියන්ට ලග්නාධිපති එකොළොස්‌වැන්න තුළ සිටීම හොඳ මදිය. ඊට හේතුව මකර, කුම්භ, ලග්න හිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු නිසාය. සෙනසුරුගේ ගතිය ඉන්න ස්‌ථානය විනාශ කිරීමයි.

නමුත් හැම විටම එසේ වන්නේ නැත. සෙනසුරු රජවූ විට කැලේ තියෙන දේවලුත් ගෙදරටම ගෙනත් දෙනු ඇත. අය ස්‌ථානය වන එකොළොස්‌වැන්න තුළ ඔබේ ලග්නාධිපතියා සිටින විට සමාජ ආශ්‍රයට ඉතා හොඳය. මිතුරන් ඉතා අධිකය. ආදායම් ඉපදවීමට හරිම දéය. බොහෝවිට උගත් වයසින් වැඩි උදවිය ඇසුරු කරයි. ලග්නාධිපති එකොළහේ සිටීම මහා ධනවතකු වීමට ද හේතුවකි.

 ලග්නාධිපති දොළොස්‌වැන්න තුළ සිටීම ජීවිතයේ මුල්ම යුගය අවහිර බාධක සහිතය. හොඳ දෙයට වඩා නරක දෙයට හිත ඇදී යනු ඇත. ඇඟපත වෙහෙසනවාට වඩා සුරාවෙන්, සූදුවෙන් මුදල් රැස්‌කිරීමට සිතනු ඇත. අනුන්ගේ මුදල් කෙසේ හෝ ලබාගෙන ජීවත්වීමට උත්සාහ දරයි.

 ජීවිතයේ විවිධ අවස්‌ථාවල නඩුහබ, වගේම අගහිඟකම් ඇතිවේ. ප්‍රශ්න මැද ජීවිතය ගෙන යැමට බොහෝසේ ඉඩ ඇත. පවුලේ අයට වඩා පිට අයට හිතවත්වන මෙවැන්නෝ බොහෝවිට උපන් ගමෙන් පිට ජීවත්වනු ඇත.ලග්නාධිපතිගේ බලය හඳහනකට බොහෝසේ බලපාන බවද කිව යුතුය.


  කෙසේ වෙතත් ලග්නාධිපතියා ඔබේ ආත්මකාරකයා නිසා යම් දුරට ගමෙන් පිට සහනය සලසනු ඇත.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment