ඔබේ දරුවා වාසනාවන්තද? දැන්ම දැනගන්න | Gurukam.net - Gurukam.Net

Sunday, May 3, 2020

ඔබේ දරුවා වාසනාවන්තද? දැන්ම දැනගන්න | Gurukam.net


මෙම පිහිටීම් නැති තම පුතාට හෝ දියණියට වාසනාව නැතැයි කියා සිතේ කහටක් ඇති කර ​නොගත යුතුය.වාසනාවන්ත බව ඇති කරන පිහිටීම් රාශියක් ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. එයින් කීපයක් පමණක් පහත සඳහන් කරමි.

මෙහි සඳහන් කරුණු හැර තවත් කරුණු රාශියක් නිසා වාසනාවන්ත බව ඇති වේ.
මෙහි සඳහන් වන්නේ කරුණු කීපයක් පමණි. උද‌ාහරණයක් වශයෙන් වෛද්‍යවරයකු වීමේ ජ්‍යොතිෂ පිහිටීම් කිසිවක් හඳහනේ නැති අය වෛද්‍යවරු වී සිටිති. වෛද්‍ය විද්‍යාලයේ අවසන් අවුරුදුවල සිටි තරුණ තරුණියන් බොහෝ දෙනකු ගේ හඳහන් පරීක්ෂා කිරීමට මට ලැබුණි.

වෛද්‍ය පිහිටීම් තිබුණේ එයින් ඉතාමත්් සුළු පිරිසකගේ පමණි. මේ අනුව වාසනාව සැඟවී ඇත්තේ කොතැනදැයි සොයා ගැනීම අමාරුය. ඔබේ දරුවාගේ වාසනාවත් සැඟවී තිබෙන්නට බැරි නැත. මෙහි සඳහන් නැති වෙනත් ශුභ පිහිටීම් තිබිය හැකිය.

ලෝකය ​ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ට පමණක් කලාතුරකින් යෙදෙන පංච මහා පුරුෂ යෝග නම් වූ යෝග පහක් ඇත. මෙම යෝග පහම එක් අයකුට නොයෙදුණත් යෝග එකක්, දෙකක් හෝ තුනක් කලාතුරකින් කෙනකුට උදාවීමට ඉඩ ඇත.

 එසේ පිහිටන්නේ වාසනාවන්ත අයට පමණය. පංච මහා පුරුෂ යෝග නමින් මෙය හැඳින්වූවත් ස්ත්‍රී පක්ෂයටද උද‌ා වේ.

1. මලවි යෝගය - 
සිකුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂත්‍ර බලයෙන් 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානයක හෝ 5,9 යන ත්‍රීකෝණ ස්ථානයක යෙදීමෙන් මෙම යෝගය උදා වේ. මලවි යනු අනංගයාට කියන නමකි. ප්‍රසන්න පෙනුමෙන් හා රූප ශෝභාවෙන් යුක්ත, සතුට, විනෝදය, කලාකාමිත්වය හා සමාජශීලිත්වය මෙම යෝගය පිහිටීමෙන් ලැබේ. සිකුරු ග්‍රහයා උච්ච වන්නේ මීන රාශියේදීය. ස්වක්ෂත්‍ර වන්නේ වෘෂභ හා තුලා රාශිවලදීය.
 
2. හංස යෝගය - 
ගුරු ග්‍රහයා උච්ච හෝ සම ​ෙක්ෂත්‍ර බලයෙන් 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානයක හෝ 5,9 යන ත්‍රිකෝණ ස්ථානයක පිහිටීමෙන් මෙම යෝගය උදා වේ. මෙම යෝගය උද‌ාවීමෙන් නීරෝගී, ඥානවන්ත, ධනවත් බලවත්, දීර්ඝායුෂ ඇති අයකු ඇති වේ. රජයේ සේවය ලැබීමට හිතකර පිහිටීමකි. සංවර අයකුවේ. ගුරු ග්‍රහයා උච්ච වන්​ෙන් කටක රාශියේදීය. ස්ව​ෙක්ෂ්ත්‍ර වන්නේ ධනු හා මීන රාශිවලදීය.
 
3. ශශ යෝගය - 
ශනි ග්‍රහයා උච්ච හෝ ස්ව​ෙක්ෂ්ත්‍ර බලයෙන් 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානයක සිටීමෙන් මෙම යෝගය උදා වේ. මේ නිසා ආයුෂ, ජන බලය, අන්සතු, ධනය ලැබීමේ වාසනාව, දුක සැප දෙක එක සේ විඳ දරා ගැනීමේ ශක්තිය සහ ආගමට ලැදි වීම යන ලක්ෂණ ඇති වේ. ශනි උච්ච වන්නේ තුලා රාශියේදීය. මකර හා කුම්භ යන රාශිවලදී සමකේෂත්‍රවේ.

4. භද්‍රා යෝගය -
බුධ ග්‍රහයා උච්ච හෝ ස්වකේෂත්‍ර බලයෙන් 1,4,7,10 යන කේන්ද්‍රස්ථානයක සිටීමෙන් මෙම යෝගය උද‌ා වේ. මේ නිසා දැනුම, බුද්ධිය, ඥානවන්තකම හා ධාරණ ශක්තිය ඇති වේ. ශාස්ත්‍රීය ලෙස කටයුතු කරයි. තර්කානුකූල කථිකත්වයක් ඇත.
 මෙම යෝගය පිහිටීම නිසා පහසුවෙන් උසස් අධ්‍යාපනයක් ලබාගත හැකි වේ. කන්‍යා රාශියේදී බුධ උච්ච වන අතර මිථුන රාශියේදී ස්ව​ෙක්ෂත්‍ර වේ. 

5. රුචක යෝගය - 
කුජ ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂත්‍ර බලයෙන් 1,4,7,10 යන කේන්ද්‍රස්ථානයක සිටීමෙන් මෙම යෝගය උදා වේ. මෙම යෝගය උද‌ා වූ විට එඩිතරකම හා නිර්භීතකම ඇතිවේ. ප්‍රසන්න පෙනුමෙන් යුක්ත වේ. කාර්මික හා වගා කටයුතු වලට දක්ෂ වේ. සමාජයේ කැපී පෙනේ. කුජ ග්‍රහයා උච්ච වන්නේ මකර රාශියේදීය. ස්වකේෂත්‍ර වන්නේ මේෂ හා වෘශ්චික රාශිවලදීය. 

ඕනෑම ග්‍රහයකු උච්ච වීම දියුණුවට හේතුවේ. එහෙත් සමහර ග්‍රහයින් නීච වීමද බොහෝ දියුණුවට හේතු වේ. කෙනකු ගේ නරක කාලයේදී ග්‍රහයින් නීච වන බවට මතයක් සමාජයේ පවතී. සමහර අවස්ථාවලදී මෙය සත්‍ය විය හැකි වුවත් සෑම විටම සත්‍ය නොවේ. නීච ග්‍රහයකු හතේ සිටීම විවාහය කල් යාමට හා අවුල් සහගත වීමට හේතු වුවත් නීච ග්‍රහයා ශුභ ඵල දෙන අවස්ථා බොහෝය.



චන්ද්‍රයා උච්ච වීම ස්ත්‍රියකට ඉතා වටිනා දෙයකි. ප්‍රසන්න පෙනුමෙන් හා ස්ත්‍රී ලාලිත්වයෙන් යුත් අයකු වේ. චන්ද්‍රයා නීච වීම ස්ත්‍රී ලාලිත්‍ය නැතිවීමට හේතු වුවත් දියුණුවට හිතකර ය. චන්ද්‍රයා නීච වූ අය අතර ලංකාවේ අගමැතිවරයකුව සිටි එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාද, හිටපු අමාත්‍ය වී.ඒ. සුගතද‌ාස මහතාද වෙති.


රවි උච්චවීම තේජවන්ත අයකු වීමට හේතුවේ. ඉගෙනීමට හා දියුණුවට හිතකරය. රවි උච්ච වූ බොහෝ දෙනා උසස් රැකියා ලබා ගනිති. එහෙත් රවි නීච වූ අය ද දියුණුවේ ඉහළටම යති. උද‌ාහරණයක් වශයෙන් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතා, අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක මහතා, තානාපති වරයකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා යන අය රවි නීච වී ඉපදුණු අය වෙති.

 රවි උච්ච වීම ඉතා හොඳ වුවත් අඹු සැමි දෙදෙනාගේම රවි උච්ච වීම ගැටුම් ඇති වීමට හේතුවකි. දෙදෙනා ගෙන් එක් අයකුටත් දෙවැනි වීමට අකැමැතිය. මේ නිසා දෙදෙනා අතර ගැටුම් ඇති වේ. 
කුජ උච්ච වීම නිර්මාණ ශක්තිය ඇතිවීමට හේතු වේ. දියුණුව උද‌ා කරයි. කුජ නීච වූ බොහෝ දෙනෙක් ඉගෙනීමට හෝ රැකියාවට විදේශගත වෙති. රැකියාවේ ඉහළටම යති. 

බුද උච්ච වීම උසස් අධ්‍යාපනයට ඉතා හිතකර පිහිටීමකි. බුද ස්වකේෂත්‍ර වීමද හොඳය. ඒ සමඟ රවිත් බලවත් නම් ඉගෙනීමට තවත් රුකුලකි. බුධ නීච වූ අය ද ඉහළට යති. බුධ නීච වීම බුද්ධිය අඩුවීමට හේතුවක් විදියට සමහරු දැක්වුවත් උසස් තැන්වල සිටින බුධ නීච අය නිසා එම අදහස ප්‍රතිකේෂප වේ. එළිසබෙත් මහ රැජින ගේ හඳහනේ ද බුධ නීචය. බුද නීච වන්නේ මීන රාශියේදීය. 

ගුරු උච්ච වීම ඉතා යහපත් පිහිටීමකි. ගුරු උච්ච වූ විට ගුණයෙන්ද අධ්‍යාත්මයෙන්ද පෙනුමෙන්ද, ශරීයෙන්ද උසස් තත්ත්වයට පැමිණේ. මහත්මා ගතිවලින් යුක්ත අයකු වේ. ගුරු නීච වීම දියුණුවට හේතුවේ. අවුරුදු හතළිහ පමණ වන විට විශාල දියුණුවක් ලබයි. සමාජයේ ඉහළ තත්ත්වයකට පත් වේ. බොහෝ ධනවත් වේ. එහෙත් ගුරු නීච වූ බොහෝ දෙනකුට දරු ඵල නැත. දරු ඵල ලැබීමට නම් ගුරු බලවත් විය යුතුය. වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් සමහර විට දරු ඵල ලැබිය හැකිවේ. ගුරු නීච වන්නේ මකර රාශියේදී ය. 

සිකුරු උච්ච වීම ප්‍රසන්න පෙනුමක් ඇති කරයි. ඉතා හොඳ ගතිගුණ ඇති කරයි. සිකුරු නීච වීම විවාහයට නරක යයි යන මතය. ජ්‍යොතිෂවේදීන් සහ සාමාන්‍ය ජායා අතර පැතිර පවතින මතය සංශෝධනය කිරීමට කැමැත්තෙමි. ඒ සිකුරු නීච කෙනකුට එවැනිම කෙනකු තෝරා දීමෙනි. එවිට දෙදෙනාගේ ශාරීරික හා මානසික තත්ත්වයන් සමාන වී යහපත් තත්ත්වයක් උදාවේ. 

සිකුරු නීච වූ බොහෝ​ දෙනක් සිටිති. ඉහත වැරැදි මතය අනුව ඔවුන් කොන් වී සිටිය යුතුය. නොගැලපෙන අයකු හා විවාහ වුණොත් නම් නරකමය. එය සියලු දෙනාටම පොදුය. සිකුරු නීච අයකු සිකුරු බලවත් අයකු හා විවාහ වුණොත් ලිංගික ශක්තිය අන්ත දෙකේ නිසා සිත් අමනාපකම් ඇති වී ගැටලු ඇති වේ. පසුව මවක් වීමටද සිදු විය හැකිය. සිකුරු නීච වීම බොහෝ ධනවත් අයකු වීමේ වාසනාව උද‌ා කරයි.

සාමාන්‍ය ශනි, කෙනෙකු  බොහෝ කරදර අලාභ හානි‌, ලෙඩ රෝග, හදිසි අනතුරු හා තත්ත්වයෙන් පහළට වැටීම වැනි අශූභ ඵල රාශියක් ගෙන දෙයි. නීච තත්ත්වයේ සිටින ශනි ධන යෝග උද‌ා කරයි. උච්ච ශනි කෙනකු තත්ත්වයෙන් බොහෝ උසස් කරයි. ධනවත් කරයි. ඒ ශනි ග්‍රහයා තුලා රාශියේ ගමන් කරන අවුරුදු දෙකහමාරේ කාල පරිච්ඡේදය තුළ දීය. ආසන්න වශයෙන් වයස අවුරුදු තිස් ගණන්වල මුල් භාගයේදීත් අවුරුදු පනස් ගණන් වල මුල් කාලයේදීත් මේ ධනවත් වීම හා උසස්වීම සිදුවේ. මේ කාලයේදී තමා සිටුවන ගස්වල බොහෝ ඵල දරයි. රැකියාවෙන් විශාල ධනයක් ලබයි. සියලු කටයුතු සාර්ථක වේ.

3,6,11 ස්ථානවල උච්චව, ග්‍රහයින් ගේ රාශිවල සිටින රාහු ග්‍රහයින්ට පෙනේ නම් සියලු දෝෂ නැති කර සැප සම්පත් හා දීර්ඝායුෂ ලබා දෙයි. නීච රාහු තමා සිටින තැනට අයත් දේට හානි පමුණුවයි. උද‌ාහරණයක් වශයෙන් හතේ සිටින නීච රාහු විවාහ ජීවිතයට හානි පමුණුවයි. ​ෙබාහෝ විට විවාහයකට ඉඩ නොදේ. එහෙත් 3, 6, 11 යන භාව රාහුට ශුභ නිසා ඒ තැන්වලදී නීච රාහු අශුභ තත්ත්වයන් උදා නොකරයි. රාහු උච්ච වන්නේ වෘෂභ රාශියේදීය. වෘශ්චික රාශියේදී රාහු නීච වෙයි.

කේතු උච්ච වන්නේ වෘශ්චික රාශියේදීය. වෘෂභ රාශියේදී නීච වෙයි. කේතු උච්ච වුවත් ශුභ පල ලැබෙන්නේ අඩුවෙනි. නීච කේතු අශුභ ඵල දීමට සමත් ය. බොහෝ නීච ග්‍රහයින් ශුභ ඵල දුන්නත් රාහු හා කේතු නීච වූ විට ශුභඵල නොදේ. අශුභ ඵලම දේ. 

හය වැන්නාධිපතියා හයේ සිටීමෙන් හර්ෂ යෝගයද, අට වැන්නාධිපතියා අටේ සිටිමෙන් සරලා යෝගයද, දොළොස් වැන්නාධිපතියා දොළහේ සිටීමෙන් විමලා යෝගයද උදා වේ. මේ සියලුම යෝග බොහෝ ශුභ ඵල දේ. බොහෝ ධනය හා බලය ලබා දේ.   6, 8, 12 අශුභ භාවයන් වුවත් හය වැන්නාධිපතියා අටේ හෝ දොළහේ සිටීමෙන් හෝ අට වැන්නාධිපතියා හ​ෙය් හෝ දොළහේ සිටීමෙන් හෝ දොළොස් වැන්නාධිපතියා හයේ හෝ අටේ සිටීමෙන් විපරිත රාජ යෝගය නම් වූ බලසම්පන්න රාජ යෝගය උදා කරයි.



උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි

No comments:

Post a Comment