අනාවැකි අකුරටම කියන භාව කේන්ද්‍ර සංකල්පය | Gurukam.net - Gurukam.Net

Thursday, May 28, 2020

අනාවැකි අකුරටම කියන භාව කේන්ද්‍ර සංකල්පය | Gurukam.net

                             
ජ්‍යෙතිෂය පිළිබඳව යම් යම් පුද්ගලයන් විවිධ මත ඉදිරිපත් කරනවා. බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ වැඩි විශ්වාසයක්‌ නෑ.ඇත්තටම බොහෝ දෙනෙකුට ජ්‍යෙතිෂය පිළිබඳව ඇති පැහැදීම අඩු වෙලා. තම ජන්ම පත්‍රය පරීක්‍ෂා කර ගැනීමට පැමිණෙන බොහෝ දෙනකු පවසන්නේ ජ්‍යෙතිෂවේදීන් විසින් පවසන අනාවැකි සිදු නොවීමත්, කිසි දිනෙක නොපැවැසූ අනාවැකියක්‌ නොසිතූ වෙලාවක සිදුවීමත් යන කාරණා පිළිබඳවයි.

 මෙම හේතූන් නිසා ජ්‍යෙතිෂය පිළිබඳව තිබෙන විශ්වාසය බිඳවැටී තිබෙනවා. මෙය ජ්‍යෙතිෂ විද්‍යාවේ වරදක්‌ නොව, මෙය සමහර ජ්‍යෙතිෂවේදීන්ගේ වරදක්‌
 කියන අනාවැකි වරදින්නත්.

නොකියූ අනාවැකි සිදුවන්නත් හේතු  විදියට ප්‍රථමයෙන් මතක්‌ කළ යුතු දෙයක්‌ තිබෙනවා. යම් පුද්ගලයෙක්‌ තම ජන්ම පත්‍රය පරීක්‍ෂාකර ගැනීමට, යම් ජ්‍යෙතිෂවේදියකු වෙත ගිය විට කේන්දර හිමියා අත ඇති ජන්ම පත්‍රය තමාගේ උපන් දිනය, උපන් වේලාව හා උපන් ප්‍රදේශයට අනුව නිවැරදිව සාදා ඇති ද යන්න පරීක්‍ෂා කිරීම ජ්‍යෙතිෂවේදියා විසින් අනිවාර්යයෙන්ම කළයුතු කරුණක්‌ වේ.

 එසේ නොමැති වුවහොත් කේන්ද්‍ර හිමියා උපන් අවස්‌ථාවේදී සාදන ලද ජන්ම පත්‍රයේ යම් වරදක්‌ පවතින්නේ නම් එම ජන්ම පත්‍රයට අනුව පවසන අනාවැකි වල කිසිදු සත්‍යතාවක්‌ නොමැත. මා දකින තවත් හේතුවක්‌ වන්නේ ඉතා කෙටි කාලයක්‌ තුළ එනම් විනාඩි කීපයක්‌ තුළ පලාපල කථනය සිදුකිරීමයි. එහිදී සූක්‍ෂම ආකාරයට කේන්ද්‍ර සටහනක්‌ පරීක්‍ෂා නොකර, කේන්ද්‍රයේ ග්‍රහයන් දුටු පමණින් පලාපල කථනය සිදුකිරීමට යැමයි.

 සූක්‍ෂම ලෙස කේන්ද්‍ර සටහනක්‌ පරීක්‍ෂා කිරීම යනුවෙන් ඔබ අදහස්‌ කරන්නේ

ග්‍රහයන්ගේ බල දුබලතාව, රාශියෙන් හෝරාවෙන්, දෙර්කාණයෙන්, නවාංශකයෙන්, ත්‍රිංෂාංශකයෙන්, නැකතෙන්, අවස්‌ථාවෙන් (ශාසන උපවෛන ආදී) ග්‍රහයන්ගේ බල තත්ත්වය (බාල, කුමාර, තරුණ ආදී) යන සියලු කරුණු පරීක්‍ෂා කළ යුතු වේ. මෙම ආකාරයට කේන්ද්‍රයක්‌ පරීක්‍ෂා කිරීමට විශාල කාලයක්‌ ගතවෙනවා වගේම අනාවැකිවල නිවැරදි බව ද ඉතා විශ්වාසයෙන් කියන්න පුළුවන්.

මීට අමතරව කේන්ද්‍ර හිමියාගේ මහ දශාව, අන්තර් දශාව, ඊට අදාළ වන්නාවූ ග්‍රහහන්ගේ බල දුබලතාව කේන්ද්‍රයට අනුව ග්‍රහයන් ශුභයන්ද, අශුභයන්ද යන්න නිවැරදිව පරීක්‍ෂා කර, එසේම ග්‍රහයන්ගේ ගෝචර ගමන පරීක්‍ෂා කර අතීතයේ, වර්තමානයේ, අනාගතයේ කුමක්‌ සිදුවීද? කුමක්‌ සිදුවන්නේද? යන්න තෙවැනි ඇසක්‌ ඇති ජ්‍යෙdතිෂවේදියකුට ප්‍රකාශ කරන්න පුළුවන්.

 ජ්‍යෙතිෂය පිළිබඳව කථා කිරිමේදී පලාපල කියන නොයෙකුත් ක්‍රම තිබෙනවා එනම් සාම්ප්‍රදායික ජ්‍යෙdතිෂය, ජෛමිණි සිද්ධාන්ත, නාඩි ජ්‍යෙතිෂය, ක්‍රිෂ්ණමූර්ති, තත්කාල සහ භාව කේන්ද්‍ර සංකල්පය හඳුන්වන්න පුළුවන්. මෙම ක්‍රමවලින් වැඩි පිරිසක්‌ භාවිතා කරන්නේ සාම්ප්‍රදායික ජ්‍යෙතිෂය ක්‍රමය වන අතර භාවකේන්ද්‍ර සංකල්පය තුළින් පලාපල කථනය සිදුකරන්නේ නම් නිවැරදි අනාවැකිය ප්‍රකාශ කරන්න පුළුවන්.

භාව කේන්ද්‍ර සංකල්පය යනුවෙන් අදහස්‌ කරන්නේ -දළ කේන්ද්‍රයක රාශිය, පළමු භාවය ලෙස යොදා ගනී. නමුත් රාශියේ පිහිටි ග්‍රහයා භාවානුරූපිත වෙනස්‌ විය හැකිය. එහිදී රාශිය හා භාවය යනු දෙකකි. එනම් මේෂ ලග්නයෙන් හා මේෂ නවාංශකයෙන් ඉපදුණු කෙනෙකුගේ ගුරු, ධනු නවාංශකයේ ඇත්නම් මේෂයේ අග නවාංශකය බැවින් ගුරු දෙවැනි භාවයේ ඇත.

(දෙවැන්නේ) එහිදී ගුරු පළමුවැන්නේ පල නොදේ. (පළමුවැන්නට අදාළ කරගෙන) දෙවැන්නේ පල ලබාදේ. ඒ ආකාරයට භාවය නිර්ණය කිරීම ලග්න ස්‌ථූQටකය පදනම් කරගෙනයි සිදුවෙන්නේ.

 භාවකේන්ද්‍ර සංකල්පය තුළින් ජන්ම පත්‍ර පරීක්‍ෂා කිරීමේදී පලාඵල කථනය නිවැරදිද?
,ඇත්තටම ඔව්. එය මා සතු ජ්‍යෙdතිෂය අත්දැකීම් මත පවසන්න පුළුවන්. සාම්ප්‍රදායික ජ්‍යෙdතිෂයට වඩා භාවකේන්ද්‍ර සංකල්පයට අනුව පලාපල කථනය කිරීමේදී දිගු කාලයක්‌ ගතවන අතර, කියන පලාපල ද නිවැරදි වෙනවා.

උදාහරණයක්‌ ලෙස සාම්ප්‍රදායික ජ්‍යෙdතිෂයේදී සැලකෙන ග්‍රහයෝග භාවකේන්ද්‍ර සංකල්පයේදී නිශ්චිතවම සිදුවී ඇත්දැයි පරීක්‍ෂණයකට භාජන වේ. මෙහිදී ඇස රවටන යෝග පෙන්නුම් කරන ලද දළ කේන්ද්‍ර සටහන භාව කේන්ද්‍රය තුළදී නාමමාත්‍ර යෝග බවට පත්වේ. එසේ දළ කේන්ද්‍රයක මහත් අනිටු පල විපාක දෙන යෝග පෙන්නුම් කරන අවස්‌ථාවක භාව කේන්ද්‍ර සංකල්පයට අනුව එම කේන්ද්‍රය පරීක්‍ෂා කිරීමේදී එවැනි යෝගවල කිසිදු බලයක්‌ නොමැති පල විපාක නොදෙන යෝග බවට පත්වන අවස්‌ථාවන් මා දැක ඇත.

එයට හේතුව භාවකේන්ද්‍ර සංකල්පයේදී සූක්‍ෂම පරීක්‍ෂණයකට ලක්‌වීමයි. මෙහිදී විෂය සරල වන තරමට අනාවැකි ප්‍රකාශ කිරීම සරල වන අතර එහි ඇති නිරවද්‍යතාවද අඩුවන අතර විෂය සංකීර්ණ වන තරමට අනාවැකි ප්‍රකාශ කිරීමට විශාල කාලයක්‌ ගත වෙනවා මෙන්ම එය ඉතා අසීරු කාරණයක්‌ වන අතර, නොවරදින පලාපල නියම ආකාරයට ප්‍රකාශ කළ හැකි වෙනවා.

 මේ සඳහා ඕනෑතරම් උදාහරණ දක්‌වන්න පුළුවන්. පරිවර්තන යෝගවලදී සාම්ප්‍රදායික ජ්‍යෙdතිෂයේදී රාශි පරිවර්තන ගැන පමණක්‌ විශේෂ අවධානයක්‌ යොමුකරනවා. නමුත් ඉහත සඳහන් කළ ශඩ් වර්ගයටම පරිවර්තනය ඇත. එසේම නැකැත් පරිවර්තනද මහා ධනයෝග නැකැත් පරිවර්තනය තුළින් ඇතිවේ. සාම්ප්‍රදායික ජ්‍යෙdතිෂයේදී කිසිදු ශුභ කටයුත්තක්‌ සිදු නොවේ යෑයි පවසා ඇති කේන්ද්‍ර හිමියන් විශාල වශයෙන් ජයග්‍රහණ ලැබූ අවස්‌ථාවන් කොතෙකුත් ඇත.

තවද සම්ප්‍රදායක ජ්‍යෙdතිෂයට අනුව, යම් යම් කාලවලදී ශූභඵල උදාවන බව පැවසූ නමුත් කිසිදු යහපතක්‌ සිදු නොවූ කේන්ද්‍ර හිමියන්ද මා වෙත ඕනෑතරම් පැමිණ තිබෙනවා. මේ වගේ දේවල් සිදු වීමට හේතුවී තිබෙන්නේ නිවැරදි ආකාරයට හා සූක්‍ෂම ආකාරයට කේන්ද්‍ර පරීක්‍ෂාව සිදු නොවීමයි.

විවාහය සඳහා කේන්ද්‍ර ගැලපීමේදී ඒ සඳහා මෙය බලපාන්නේ, විවාහවීම සඳහා දෙදෙනකුගේ කේන්ද්‍ර පරීක්‍ෂා කිරීමේදී මෙය විශේෂයෙන් මතක්‌ කළ යුතු දෙයක්‌. එයට හේතුව විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින දෙදෙනෙකුගේ කේන්ද්‍ර සටහන් දෙක "නොගැලපේ" යෑයි කියා ඉවත දැමූ අවස්‌ථාවන්වල නැවත වරක්‌ මෙය නිවැරදි හා සූක්‍ෂම ආකාරයට පරීක්‍ෂා කර බැලීමේදී පවතින දෝෂ භංගවී, නොසිතන ආකාරයට එම දෙපළගේ කේන්ද්‍ර ගැලපෙන අවස්‌ථාවන් ඕනෑතරම් දැකගන්න පුළුවන්.

මෙවැනි අවස්‌ථාවක දෙදෙනකු වෙන් කිරීම විශාල පාපයක්‌. ඒ වගේම ජන්ම පත්‍රයක්‌ නිවැරදිව පරීක්‍ෂා කර ගැනීම තුළින් ඉදිරි අනාගතය නිවැරදිව සැළසුම් කරගත හැකි වන අතර සාවද්‍ය අනාවැකි මගින් මුළු ජීවිතයම අඳුරුවිය හැකි බව මතක්‌ කළ යුතුයි.



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment