දරුඵල අහිමිවීමට කාමය වරදවා හැසිරීම බලපානවා | Gurukam.net - Gurukam.Net

Tuesday, May 26, 2020

දරුඵල අහිමිවීමට කාමය වරදවා හැසිරීම බලපානවා | Gurukam.net



පෙර අපරදිග වෛද්‍ය විද්‍යාවන්ට පවා තවමත් නිවැරැදි විසඳුම් සොයා ගැනීමට නොහැකි   අවාසනාවන්ත තත්ත්වයක්‌ බවට පත්ව ඇත්තේ දරුඵල අහිමි විවාහක අඹු සැමියන්ය. මෙම ගැටලුව හේතුවෙන් ඉන් පීඩා විඳින බොහෝ දෙනෙක්‌ විවිධ මිත්‍යා විශ්වාසයන් මත යමින් තම ධනය හා කාලය නිකරුනේ වියපැහැදම් කරන අයුරු වර්තමානය වන විට දකින්නට ලැබෙන සුලභ සිදුවීමක්‌ වී ඇත.  වර්තමාන සමාජය තුළ බහුලව දකින්නට ලැබෙනඇතැම් අවස්‌ථාවල මෙම තත්ත්වය හේතුවෙන් විවාහ සබඳතා පවා බිඳී යැම දකින්නට ලැබෙන අතර තවත් පිරිසක්‌ දැඩි මානසික වේදනා විඳිමින් පසුවන අයුරු දැකගත හැක.

නිර්මල බුදුදහමේ යථාවබෝධය මැනවින් ප්‍රගුණ කළ ඒ හරහා ගොඩනඟාගත් අධිමානසික බලය හා චිත්ත ශක්‌තිය උපයෝගී කොට ගනිමින් දරුඵල අහිමි අඹු සැමියන්ගේ ප්‍රාර්ථනාවන් සැබෑ කරන විරල ගුණයෙන් අනූන යෝගිවරයෙක්‌ අපට මුණගැසුන අතර පහත පළවන්නේ සාර්ථක දරු උපතක්‌ හිමිකර ගැනීම සඳහා වැදගත් වන කරුණු කාරණා රැසක්‌ පිළිබඳ කරන ලද පිළිසඳරක්‌ය.


 ප්‍රශ්නය -යෝගීතුමණි, දරුඵල අහිමිවීමට පුරුෂයන්ට බලපෑ හැකි තවත් ගැටලු මොනවාද?

 පිළිතුර -ඔව්, ෆයිලේරියා වැනි රෝග තත්ත්ව මතද වෘෂණ කෝෂ උෂ්ණත්වය වැඩිවීමෙන් පුරුෂ බීජ නිපදවීම අඩුවේ.

 එමෙන්ම බැක්‌ටීරියා ආසාදන මතද මෙම තත්ත්වය ඇතිවිය හැකියි. දිගු කාලීන රෝගී තත්ත්වයන් මතද පුරුෂ බීජ මේරීම නිපදවීම බාලවිය හැකියි. දුම්පානය හා මත්පැන් භාවිතය සුදුසු නොවේ.

ඔබ විසින්ම සිදු කරන ඇතැම් ප්‍රතිකාර ක්‍රමවේද මතද පුරුෂ බීජ නිපදවීම අඩපණ වෙයි. එවා නම්, පිළිකා වැනි රොග තත්ත්වයන්ට ලබා ගන්නා ඖෂධ, එන්නත් හෝ විකිරණ ප්‍රතිකාරද විය හැකියි.



 ප්‍රශ්නය -දරුඵල අහිමිවීම පිළිබඳ අතීතය සහ වර්තමානය ගත් කල නවතම සොයා ගැනීම් හා ඒවායේ සාර්ථක භාවය ගැන ඔබතුමා පැහැදිලි කළහොත්....

 පිළිතුර -කෙසේ වෙතත් ආයුර්වේදයෙන් හා අපේ පෞද්ගලික දැනීම අනුව නම් දෙදෙනාගේ කේන්දර දෙක පරීක්‍ෂා කිරීමෙන් දරු උපත් ඇත්දැයි බලා ගැනීමට යම් කිසි හැකියාවක්‌ ඇත. පෙර ආත්මයෙන් ගෙනා පින් පව් දෙක ගැන කියන ජ්‍යෙතිෂය තුළින් දරු උපත් ඇති බව කීවත් ජීවිත නිසි පැවැත්මකට නැත්නම් දරු උපත් නැතිවේ.

දරුඵල නැතිවීමට හේතු කීපයක්‌ තිබෙනවා, එA අනුව දරුඵල ලැබීමට අතීතයේද වර්තමානයේද පරීක්‍ෂණ මගින් බෙහෙත් හේත්, එන්නත්, වෙනත් ක්‍රමද සොයාගෙන තිබෙනවා. සොයා ගනිමින්ද තිබෙනවා. කාලයක්‌ නළදරු උපත් තිබුණා. එය කොතරම් දුරට සාර්ථක දැයි දන්නෝ දනිති.

 නවතම සොයා ගැනීම වී ඇත්තේ පුරුෂයාගේ බීජ ස්‌ත්‍රියකගේ ඩිම්බයකට ඇතුළු කිරීමෙන් දරු උපත් ඇතිකිරීමට පරීක්‍ෂණ පැවැත්වීමයි. අධි මානසික හැකියාවක්‌ ඇති සිත දියුණු කරගත් යෝගී වරයෙකුට දෙදෙනාගේ පෙර කර්මය නිරීක්‍ෂණය කිරීමෙන් දරුඵල ඇති නැති බව ස්‌ථිර වශයෙන්ම කිව හැකියි.

සමහර යුග ජීවිතවලදී පිරිමියාට දරුඵල වාසනා ගුණය නැත. ස්‌ත්‍රියට එම වාසනා ගුණය ඇත. පිරිමියාට එම වාසනා ගුණය ඇතත් ස්‌ත්‍රියට එම වාසනා ගුණය නැත. ප්‍රශ්නය එසේ වෙතත් සමගියෙන් සාමයෙන් ඉන්නා දෙපළක්‌ වෙත වැඩිහිටියෝ ඇතුළු වීමෙන් හරි වැරැදි නොබලා නොසොයා කාන්තා පක්‍ෂයටම ගරහති. නොමඟ යැම් සිදු වෙනවා පමණක්‌ නොව අයථා සම්බන්ධතා නිසා පවුල් සංස්‌ථාව අවුල් වේ. බිරිඳ හා පුරුෂයා යන දෙදෙනාගේම අකුසලය බලවත් නම් දරුඵල නැත. මෙවන් තත්ත්වයන් කොතෙකුත් දෙදෙනාගේ පෙර භවයන් නිරීක්‍ෂණය කිරීමෙන් මා දැක ඇත.

දරුඵල ඇතත් දෙදෙනාගේම වඳ භාවයක්‌ ඇත්නම් එයට හේතු ඇත. එම හේතු නිරීක්‍ෂණය කර ප්‍රතිකාර කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත. මේ සඳහා දෙදෙනාගේම මනා කැපවීම, ක්‍රියා කිරීම, ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම මගින් ඉක්‌මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියි.

 ප්‍රශ්නය -යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා කැවීම්, පැන්නවීම්, වශීකර්ම ආදිය ශරීරගතව තිබීම තුළිනුත් දරුඵල අහිමිවීමට හේතු සාධක තිබෙනවාද?

 පිළිතුර -කැවීම්, පැන්නවීම් ආදී නොයෙක්‌ දේවල් කර කෙනෙකු ඇඳ බැඳ තබාගැනීම මහා පාපයක්‌. කෙනෙකු වරදේ බැඳුන විට එහි හොඳ නරක වටහා ගැනීමට ඉතා අපහසුයි. තමාට බිරිඳක්‌, ස්‌වාමියෙක්‌, දරුවන් ඉන්නවාද මෙම සම්බන්ධ ධර්මයට පටහැනි නේද, ලෝකයා මං ගැන මොනවා සිතයිද, මම සමාජයට මුහුණ දෙන්නේ කෙසේද යන වග වටහා ගැනීමට නොහැකි වීම මෙහි ඇති ලක්‍ෂණයයි.

 එA මන්ද යත් තමන් වැරැදි කාම සේවනයෙන් අන්ධ වී සිටින නිසයි. තමන්ගේ ආශාවන් පසු පස්‌සේ දුවනවා විනා බාහිර ලෝකය ගැන කිසියම්ම දෙයක්‌ වටහා ගැනීමට බුද්ධියක්‌ පහළ නොවීම මෙයට හේතුවයි. බුද්ධ ධර්මය අනුවත් මෙය විශාල පාපයක්‌. කාමයේ වරදවා හැසිරීමෙන් සංසාරයේ භයානක කම ඔවුනට නෙවැටහේ. වැටහුනත් තව තවත් වරදෙහි බැඳී ක්‍රියා කිරීමට පෙළඹේ.

යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලදී යම් කෙනෙකු වශී කරගනු සඳහා යම් දෙයකට මැතිරීමේදී එයට දිෂ්ඨ§යක්‌ බන්ධනය වේ. මෙසේ ශරීර දිෂ්ඨ§යෙන් බන්ධනය වීම ආයුෂ කෙටිවීමට මුල පිරීමකි. එය දරු ඵලයක්‌ බලාපොරොත්තුව ඉන්නා යුවළකට ඉතා හානිදායක වේ. වශීකරන ලද කෑමක්‌ බීමක්‌ ශරීරයට වැටුණු විට නිතර ඔක්‌කාරයට එන්නට සේ දැනීම, බඩ රිදීම, නිතර මළපහ කිරීමට සිදුවීම, නින්දෙන් ගැස්‌සී පිබිදීම, නින්ද නොයැම, තමන් අකමැති දේවල් කිරීමට පෙළඹීම, විඩා ගතිය, ක්‌ලාන්ත ගතිය, ආහාර අපත්‍ය වීම, සිතේ අකමැති භාවයක්‌ තිබුණත් තමා නොදැනීම ඇදී යාමක්‌, කවුරුන් හෝ පොළඹවනවා සේ දැනීම, බන්ධනයකදී, කැවීමකදී, පැන්නවීමකදී ඇතිවන රෝග ලක්‍ෂණ වේ. මෙහිදී පුරුෂයන්ට බලපාන විශේෂ ගැටලුවක්‌ වන්නේ ශරීරය අප්‍රාණික තත්ත්වයට පත්වීමයි. ශරීරයට වශීකරන ලද යම් කිසිදෙයක්‌ වැටීම තුළින් ලේ ධාතුව කෝප වීමක්‌ සිදුවන අතර පිළිකා වැනි භයානක තත්ත්වයන්ද උද්ගත විය හැකියි.

හිතේ කැමැත්තක්‌ නොමැතිව යම්කිසි පෙළඹවීමක්‌, ඇදී යාමක්‌ පවතී නම් ඉහත සඳහන් කළ රෝග ලක්‍ෂණ තිබේනම් කාන්තා පුරුෂ දෙපාර්ශ්වයම වඩ වඩාත් සැලකිලිමත් විය යුතුයි. තවද ඉතා නිරෝගී සෞඛ්‍ය සම්පන්නව සිටි පුරුෂ ඔබ හදිසියේ අප්‍රාණික තාවයට, මනස ව්‍යාකූල තත්ත්වයකට පත්වීම, සංවාසයට ඇති අකැමැත්ත ආදී රෝග ලක්‍ෂණ පහළ වූයේ නම් වඩ වඩා එයට අවධානය යොමු කළ යුතුයි.

 ප්‍රශ්නය -මනුෂ්‍යයන් වටා සහ වස්‌තූන් වටා රශ්මි වළල්ලක්‌ පිහිටා තිබෙනවා. මෙය ඕරා  යයි අප නම් කරනු ලබනවා. මේ ගැන ඔබතුමා විග්‍රහ කළහොත්...

 පිළිතුර -ඔව්, ඇත්තෙන්ම ඕරා ශක්‌තිය ගැන හුඟාක්‌ දේවල් කථා කළ හැකියි. නමුත් මා එය පිළිබඳව කෙටියෙන් විස්‌තර කරන්නම්. ජීවත් වන මනුෂ්‍යයන් වටා හා පන ඇති සියලු වස්‌තූන් වටා විහිදෙන්නා වූ රශ්මි වළල්ල ඕරා නමින් අප හඳුන්වනවා. එම රශ්මි වළල්ල විවිධ වර්ණ ගන්නවා. අධිමානසික තත්ත්වයක්‌ ඇති කෙනෙකුට මෙම රශ්මි වළල්ල නිරීක්‍ෂණය කිරීමෙන් කෙනෙකුගේ මානසික තත්ත්වය හා රෝගී තත්ත්වය හඳුනාගත හැකි වෙනවා.

මානසික හා ශාරීරික වශයෙන් දුර්වල වූ ඕරා වළල්ලේ සිදුරු රැසක්‌ තිබෙන්නට පුළුවන්. එවිට වෙනත් ආත්මයන්ට දුර්වල වූ ශරීරයට ඇතුළුවිය හැකියි. එවිට කෙනෙක්‌ තුළ චරිත දෙකක්‌ හෝ කීපයක්‌ තිබෙන කෙනෙක්‌ වන්නට පුළුවන්. මෙවැනි අවස්‌ථාවලදී මෙම සිදුරු වැසීමට අත්‍යවශ්‍ය වනවා. බොහෝ විට ශාන්ති කර්ම මගින් කරන්නෙත් මෙයයි. ඕරාව දුර්වල පුද්ගලයාගේ ශරීරයට උචිත ඖෂධ ඇඟ ගැල්වීම මගින් ද මෙවැනි සිදුරු වැසිය හැකිවන අතර විශ්වයේ ඇති යහපත් කිරණයන් ශරීරයට අවශෝෂණය කරගැනීමද මින් සිදුවේ.

 නැත්නම් කිසිවෙකු විසින් මෙහෙයවන ආකාරයක්‌ ඔහුගේ හැසිරීම් රටාවේ දක්‌නට ලැබෙනවා. තමන් කිසිදා නොකරපු දේවල් කරනවා.

 එපමණක්‌ නොවේ. ඔබට දැඩි තෙහෙට්‌ටුවක්‌, වෙහෙසක්‌, බියක්‌, කම්මැළිකමක්‌, නිතරම නිදාගන්න සිතෙනවා නම්, දැඩි කෝපයක්‌ හටගන්නවා නම්, කෑමට ඉතා ගිජු වෙනවා නම්, අසාමාන්‍ය ලෙස කාමුකත්වයට දැඩි ලොල් බවක්‌ දක්‌වනවා නම්, තවත් විටෙක ඔබ නිදා සිටින විට කෙනෙක්‌ ඔබව අදිනවා නම්, තල්ලු කරනවා වැනි හැඟීමක්‌ දැනෙනවා නම්, කොපමණ ඔබ කෑගැසීමට තැත් කළත් ශබ්දය පිට නොවේ නම්, තමන් තුළම කෙනෙක්‌ තමන් අමතනවා වැනි ශබ්ද ඇසෙනවා නම්, පිරිසිදුව සිටි ඔබ අපිරිසිදුව සිටින්නට පෙළඹෙනවා නම් මෙම ලක්‍ෂණ ඔබගේ දුර්වල වූ ඕරාව හරහා ආත්මයන් නැතහොත් නිරිසතෙක්‌ ඇතුළු වී ඇති බවට සංඥාවක්‌ වෙන්නට පුළුවන්.



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment