අසාධාරණයට ගුප්ත ශාස්‌ත්‍රයේ පිහිට | Gurukam.net - Gurukam.Net

Monday, May 25, 2020

අසාධාරණයට ගුප්ත ශාස්‌ත්‍රයේ පිහිට | Gurukam.net


පුරාණ කාලයේ සමහර සුව කළ නොහැකි වූ ලාදුරු - පැපොල් වැනි රෝග හැදුනාම ඒ රෝගියා ඝන වනාන්තරයක තනි කරලා දාලා එනවා අනිත් අයගේ ජීවිත බේරාගන්න. එම රෝගියාගේ රෝගී තත්ත්වය උත්සන්න වෙලා කැලේදීම මිය ඇදෙනවා. එහෙම කළේ සමහර රෝගවලට ඖෂධ හොයා නො ගත් කාලේ. වෛද්‍ය විද්‍යාව ශීඝ්‍රයෙන් දියුණු වූ නිසා දැන් නම් ඕනෑම රෝගයකට බෙහෙත් තිබෙනවා.

නමුත් ජ්‍යෙතිෂය දියුණු වෙනවා වෙනුවට ටික ටික අභාවයට ගියා. සමහර අය මේ ශාස්‌ත්‍රය කුල පරම්පරාවට පමණක්‌ සීමා කළා. තවත් අය ගුරු මුෂ්ටි තබා ගත්තා. එනිසා වැඩිපුරම ඒ දක්‌ෂයන් සමග ශාස්‌ත්‍රයත් බොහෝ දුරට වැළලුණා.

 ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රය කියන්නේ මහ පුදුම උපදවන ඉපැරැණි ශාස්‌ත්‍රයන් ගෙන් එකක්‌. වෛද්‍ය විද්‍යාවටත් වඩා පැරැණියි. නමුත් කාලීනව වෛද්‍ය විද්‍යාව දියුණු කළ නිසා එම විද්‍යාව මනුෂ්‍යයාට අත්‍යවශ්‍යම වෙලා තිබෙනවා. අද හැදෙන රෝග දිහා බැලුවහම එහෙම නොවිත් බැහැ. 
 ජ්‍යෙතිෂය කිව්වාම  බලි තොවිල් - ශාන්ති කර්ම - ගුරුකම් - වෙස්‌පෑම් - ගුප්ත ශාස්‌ත්‍රය වැනි මහා බලගතු ශාස්‌ත්‍රවලින් හෙබියි. මේවා නිවැරැදිව කරන ගොඩක්‌ අය අඩුයි. ජ්‍යෙතිෂය නම් නමට හරි ඉතිරි වෙලා තිබෙනවා.

ඒ ජ්‍යෙdතිෂ කඩ ස`දහා පන්ති පවත්වන නිසා. පරිගණකය ඊටම උදව් කරනවා. ගුප්ත විද්‍යාව අඩු වුණාට වැළලී ගිහිල්ලම නැහැ. නිවැරැදිව කරන අය අඩුයි. ගොඩක්‌ අය මේවා කරන්නේ මුදල් ගැරීම ස`දහා පමණයි. මේ ගුප්ත වැඩ - ගුරුකම් කිරීමේදී අවශ්‍ය මුදල් දෙන්ට ඒ අය සූදානම්. නමුත් නිවැරැදිව කරගන්න බැරි එකයි ප්‍රශ්නය.
 මේ ගුරුකම් නිවැරැදිව කරන්න නොහැකි සාධාරණ හේතූන් නැතිවත් නොවේ. ඉන් සමහරක්‌ තමයි බෙහෙත් පැළෑටි ජාති හ`දුනන්නෙ නැහැ. හොයාගන්න අමාරුයි. අලුත් අය ඒවා හ`දුනාගන්න උත්සාහ කරන්නෙත් නැහැනේ. ඉතින් කූට ක්‍රම කරනවා. මිනිසුන්ට ගුරුකම් එපා වෙනවා.

දක්‌ෂ කෙනත් ඒ ගණයටම වැටෙනවා. උදාහරණයක්‌ වශයෙන් වශී ගුරුකම්වලට කොටි තෙල් - දිවි තෙල් ඕනෑ වෙනවා. කොහෙන්ද හොයන්නේ. ඉතින් ඒ කොටි තෙල් - දිවි තෙල් දැකලවත් නැති අය ඒ ගුරකම් කරල මුදල් ගරනවා.

 එතකොට මිනිසුන් අතර විශ්වාසය නැති වනවා. මේවා කියන්න කෙනකුත් කරන්න අයකුත් නැහැ. දියුණු කරල ගන්නෙත් නැහැ. 
 ගුප්ත ශාස්‌ත්‍රය උපයෝගී කර ගෙන ගුරුකම් කළ තොටගමුවේ රාහුල - කොණ්‌ඩදෙණියේ - බත්තරමුල්ලේ ස්‌වාමීන් වහන්සේලා මෙන්ම භරණ ගණිත ගුරුන්නාන්සේ ගැන අහල ඇතිනෙ. ඉන් සමහර ගුරුකම් අදත් අප ළ`ග නැතුවා නොවේ.

 අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්නවා. විශේෂයෙන් මම මේ විෂයය ලිව්වේ රටේ නොවිසෙ`දන අපරාධ කරන අපේම නෝනලා මහත්වරු නිසා. මේ ගුරුකම් නියම අන්දමට කළාම ඒකෙ ප්‍රතිඵලත් ඒ වගේම ස්‌ථිරයි. හැබැයි නියම දේ අරගෙන, නියම විදියට කළාම ප්‍රතිඵල ස්‌ථිරයි.
 පුංචි උදාහරණයක්‌ කියන්නම්කො. කවුරුත් දන්නවා අනියම් සම්බන්ධ කඩන්න ලුණු සහ අබ මතුරන බව. ඉස්‌සර කාලෙ මේ ගුරුකම හරි ගියා. දැන් හරියන්නේ නැහැ. ඒ මොකද දන්නවද දැන් තිබෙන ලුණුවලට අයඩින් මිශ්‍රයි. අයඩින් නැති ලුණු අරගෙන ඒ ගුරුකම කරන්න. නියමෙට හරියාවි. නමුත් අයඩින් රහිත ලුණු හොයාගන්න එක තමයි ප්‍රශ්නය. ලේවායෙත් නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. 
 වශී ගුරුකම්වලට නියම බඩු නියම මන්ත්‍රයෙන් මතුරන්නම ඕනෑ. මේ කාලේ කොච්චර අමාරුද වතුර මිශ්‍ර නැති එළකිරි ටිකක්‌, කු`ඵදුල් ගම්බිත්තරයක්‌ හොයාගන්න. දැන් බඩු ගොඩක්‌ සංකර වෙලා. නමුත් මන්ත්‍ර ගුරුකම් සංකර වෙලා නැති බව කියන්නම ඕනෑ. 
 බෝ වන රෝගවලට වෛද්‍ය විද්‍යාවේ කරන්නේ ලෙඩාව අන්‍යයන්ගෙන් ඈත කරලා ළග ඥති අයට බෙහෙත් එන්නත් කිරීම. නමුත් ජ්‍යෙdතිෂයේ ඒ දිනවල බෝ වන රෝගවලින් අනිකා මුදන්න අලුයම කතා නොකර මතුරපු කන්‍යා නූලක්‌ රෝගී නැති අයගේ අතේ බැ`දලා. ඒ නූල ගැලවෙනකං ඒ රෝගය කිසිවකුට බෝ වෙන්නේ නැහැ. ඒ කෙම් ගුරුකම අදත් පවතිනවා. 
 මේවා එක අතකින් හරි විශ්මිතයි. නමුත් සමහර අයට අවිශ්වාසයි. මේ ළ`ගදි එක්‌තරා ප්‍රසිද්ධ මහත්මයෙක්‌ මාව ඇවිල්ල හමු වුණා. මොකක්‌දොa ඉංග්‍රීසියෙන් රෝගයක නමක්‌ කියලා ඒ රෝගය ඔහුගේ නෝනාට වැළ`දී ඇති බවත් ඒකට වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර හරි ගිය නැති බවත් කිව්වා. ඒ රෝගය වැළ`දුණාම ඇය වෙනත් අය සමග සම්බන්ධකම් පවත්වන බවත්, තමා හා ලිංගික ආශ්‍රය අනවශ්‍ය බවත් කිව්වා.

මා කිව්වා මගේ දැනීමේ හැටියට ඒක රෝගයක්‌ නොවන බවත්, ග්‍රහ දොaෂයක්‌ බවත්, ජන්මපත්‍රයේ සරාගී යෝග ඇති වුණාම එහෙම වන බවත් කියලා අවශ්‍ය ගුරුකම කළා. පවතින තත්ත්වයත් පැහැදිලි කළා. ඔය යසට දැන් ගෙදර ඉන්නේ. නවාංශක දොaෂ පිහිටියාමත් ඕකේ අනිත් පැත්ත. යමකුගේ ජන්ම පත්‍රයේ සරාගී යෝග සහ නවාංශක දොaෂ පිහිටියාම තත්කාල කේන්දරයේ ඒ ග්‍රහ කිරණ උද්දීපනය වෙනකොට කාම නිල උද්දීපනය හෝ සංකෝචනය වනවා. ඒ සම්පූර්ණ කිරීම ස්‌වාමියාගෙන් නොලැබෙන කොට ලැබෙන කෙනෙක්‌ වෙත යනවා. ඒක ස්‌වභාවය.

පොරොන්දම් නිවැරැදිව නොබලා හම රතු පාට නිසා හෝ සිනාව ලස්‌සන නිසා හෝ කසාද බැන්දම මේ කාලයට අහල පහල ඉන්න අය නිකම්ම මිතුරු වෙලා පසුව හිත රිදවනවා. 
 කිසිම මනෝ විද්‍යාඥ මහත්මයෙක්‌ මේ ගුප්ත ශාස්‌ත්‍රය පිළිගන්නේ නැහැ. ඒක වගකීමෙන් කියනවා. ඒ දේ තමුන්ට වුණාම අපි ළ`ගට එනවා. ඉතාම රහසිගතව ගුරුකම කරගෙන ලොකු මුදලකුත් දෙනවා. රහස ඒ විදියටම පවතිනවා. ගුප්ත ශාස්‌ත්‍රය කියන්නේ ගුප්තව කරනවා. ප්‍රතිඵලයත් ගුප්තව ලැබෙනවා. එච්චරයි. 
 අපි හො`දට දන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට භරණ ගණිත ගුරුන්නාන්සේ කටුව ගැහැව්වේ ඔහුගේ දුවනියට කළ අකැප වැඩක්‌ නිසා. කකුල පැසෙව්වේ පිල්ලිය හදලා පිල්ලියේ තුවාල ඇති තැනට කටුව ගහපු නිසා. ඒ ගුරුකම් මැරිලා නැහැ. හැබැයි ගුරු මුෂ්ඨියට යටත්වයි අදත් පවතින්නේ. බත්තරමුල්ලේ හිටපු හාමුදුරුවන් වහන්සෙත් පිල්ලි ගුරුකම් දක්‌ෂයා.

අද ගෝලයෙක්‌වත් නැහැ. කසාද බැ`දලා, දරුවෝ හදලා පසුව වෙනත් පහසක්‌ සොයන නෝනලා මහත්තුරු ඉන්නවා නම් ටිකක්‌ කල්පනාවෙන් ඒක කරන්න. ඕවා තහනම් ගහේ ගෙඩි. ආගම ධර්මවල කියන්නේ එහෙමයි. අපි ගුරුකම් කරන්නේ මුදලටම නොවෙයි. මේ මීපේගණිතගේ පරම්පරාව. 
 අදත් ජාන රෝගවලට එන්නත් කිරීම විතරයි කරන්නේ. සමහර වෛද්‍යවරු හරි නොයන බව දැන දැන මිල අධික බෙහෙත් දෙනවා. වැඩිපුරම කරන්නේ රක්‌ෂණයෙන් නැවත මුදල් ගන්නා හැකි අයටයි. ඔය ජාන රෝග හැදුණාම සිකුරු ග්‍රහයාට වත් පිළිවෙත් කරන්න. හරි නොයයිද කියල බලන්න. ඕවා කෙම් ගුරුකම්වලින් සුව කරන්න බොහෝ දුරට පුළුවන්.
 මේ ළ`ගදි දවසක කරප්පන් හැදුන මගේ හිතවත් කෙනෙක්‌ ගියා ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍ය මහත්මයෙක්‌ ළ`ගට බෙහෙත් ගන්න. එයාට හරක්‌ මස්‌ කෑවාම කරප්පන් දානවා. ඒ කිව්වේ ඇ`ග හැම තැනම පළු දානවා. ඒකට බෙහෙත් ලියලා පිටින් ගන්න කියලා මේ විශේෂඥ මහත්මයා කියනවා. තමා වාඩි වී සිටි පුටුව පෙන්වලා මේ මමත් වාඩි වෙලා ඉන්නේ කොට්‌ටයක්‌ උඩ. මොකද දන්නවද මකුණෙක්‌ කෑවොත් මටත් කරප්පන් තමයි. මේවා ගුප්ත ශාස්‌ත්‍රයට පුංචි විස`දුම්.

 සමහර අය වැඩි මිලක්‌ වියදම් වෙනකම් ගණන් ගන්නේ නැහැ. මොකද වටිනාකමක්‌ නැහැනේ නිකං කරන පිළියම්වල. ඔය සමාජයේ හැටි. ගුප්තවේදියා ප්‍රසිද්ධියට කැමැති නැහැ. මොකද හතුරා හැදෙන නිසා. සූදු පොළේ හැමදාම දිනන කෙනා වගේ.
 "ඕං භද්‍රකාලි අංජන දේවි - හනුමංතා, නාග භෛරවයා, අෂ්ට භෛරවයා, මුතුමාල භෛරවයා, ආකාශ භෛරවයා, ගිනි කුරුම්බර මෙකී භෛරවයෝ සැණින් ඕඩිවා" 
 භෛරව දේවතාවුන් වහන්සේට දුම් අල්ලා, සූදු පොළේ ඉ`ද ගන්න. - මේ සූදු කෙළින මන්තරේ අත්හදා බලන්න. හැබැයි එකක්‌ කියන්නම් සූදු කෙළින කොට ඔබ දිනුවත් පැරදුණත් ඔබේ හතුරා ඔබ පිටුපස බව අමතක කරන්න එපා. ගුප්ත ශාස්‌ත්‍රයේ වටිනාකම පෙන්වන්න මිස ඔබට සූදු කෙලින්න පුරුදු කරන්න නොවේ මේවා ලියන්නේ"
 ගුප්ත ශාස්‌ත්‍රයේ ඔබ දන්නා පැත්තට වඩා නොදන්න පැත්ත වටිනවා. ඔබ මේවා අත්හදා බලන්නත් එපා. මතුරන කොට එන අනවශ්‍ය ශබ්ද - රූපවලට භය නම් මතුරන්නත් එපා. ඔන්න තරයේම කිව්වා. නරක වෙලාවට මෝල්ගසුත් පත්තු වෙනවාලු. මේ ගුප්ත ශාස්‌ත්‍රය හැමෝටම පිහිටන්නෙ නැහැ. සමහරුන්ට මානසිකව නරක්‌ වනවා. ඉගෙන ගත් පරම්පරාවෙන් මගදී කඩා ගෙන යන්නේ ඒ අය. 
 අද සමාජය තුළ අප්‍රසිද්ධව පැවතුණත් ජ්‍යෙdතිෂය මගින් විශේෂයෙන් ගුප්ත විද්‍යාව මගින් මහ`ගු සේවයක්‌ කරනවා. උපකාරයක්‌ වනවා, බැරි එකාට. යමකුට සිදු වූ අසාධාරණය, පාඩුව, හිංසාව ගැන කිසිවෙක්‌ පිහිට නොවනවා නම් එයා ගුප්ත විද්‍යාවේ උදව් හොයනවා. ඒක වරදක්‌ යෑයි මට හිතෙන්නේ නැහැ. මේ ගුප්ත විද්‍යාවේ ගුරුකම් කෙනකුට යහපත් කිව්වට තවත් කෙනකුට අයහපත් බව පවසනවා. ඕවා නරක, භයානක වැඩ කියනවා. එයාට ඒ සිදු වීම වුණාම අප සොයා එනවා. සමහර වේලාවට හිතන්නවත් බැරි අය කොච්චර ගුප්ත විද්‍යාවේ උදව් හොයා එනවද ? ඡන්ද කාලෙට කී දෙනෙක්‌ සුර එල්ලනවද ?
 ප්‍රේතයන්ගෙන් වැඩ ගන්න ක්‍රම දෙකක්‌ තිබෙනවා. සමහරු ප්‍රේතයා බැ`දගෙන වැඩ කර ගන්නවා. හො`දට මුදල් හොයනවා. නමුත් ජීවිතය අවසාන කරන්නෙත් ප්‍රේතයා වගේ. මරණයට විනාඩි කීපයකට කලින් මිනිය කුණු කරනවා. පෙට්‌ටිය අරින්නවත් බැහැ කුණු ග`ද. නමුත් අවශ්‍ය වෙලාවට මල් පුටුව හදලා ප්‍රේතයාට අවශ්‍ය පුලුටු - අ`දුන් - රීරි - බැදුම් පුදට තබලා අවශ්‍ය දේ භාර දීලා ගුරුකම කළාම ගුප්ත වේදියා නිදහස්‌.

 මේවා ගැන දැනීමක්‌ ඇතුවයි කරන්න ඕනෑ. විශේෂයෙන් මේ මතුරන වැඩ දෙවරක්‌ හිතලා කරන්න කියලා තමයි පැරැන්නෝ කියලා තිබෙන්නේ. මොකද වැරදුණත් ඒකට ප්‍රතික්‍රියාව තිබෙන නිසා. ලොකු ගුරුකම් කරන කොට ඔබේ ගුරවරයා ළග තබාගෙන කරන්න.

ගුප්ත විද්‍යාවේදී කිසිවක්‌ අමතක කරන්න එපා. උදාහරණයක්‌ කියන්නම් නිවෙස්‌වල ප්‍රේත තටුව භාර කරන කොට එළිවෙන ජාමයේ තුංමං හන්දිය තටුව දාලා දිෂ්ටිය එතැන හිර නොකොළොත් ප්‍රේතයා නැවත කලින් හිටි තැනට ඇවිත් සුපුරුදු පරිදිම සැරිසරනවා. යාගයෙන් වැඩක්‌ නැති වනවා. 
 තව එකක්‌ කියන්නම් දිෂ්ටි කරන කොට පාළු ස්‌ථානවලදී මෑතකදී මිනියක්‌ වැළලූ තැනකදී මෝය කටවල් ඇති තුන්මංසලේදී නම් ඔබේ ගුරුවරයා ළග සිටිය යුතුමයි.  ප්‍රථමයෙන් ඔබ ආරක්‌ෂා විය යුතු වෙනවා.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment