ස්‌ත්‍රී ග්‍රහයෝග ගෙනදෙන අනිටු ඵල | Gurukam.net - Gurukam.Net

Sunday, May 24, 2020

ස්‌ත්‍රී ග්‍රහයෝග ගෙනදෙන අනිටු ඵල | Gurukam.net



බොහෝ පුරුෂයන්ට තම විවාහ ජීවිතයේදී එම බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොහැකිවේ. එයට හේතුව විවාහයට පෙර තම සහකාරිය හරිහැටි හඳුනා නොගැනීමයි.
පුරුෂයකු ස්‌ත්‍රියක සමඟ විවාහ දිවියට ඇතුළු වන්නේ ආදරය රාගය ආශාව ලිංගිකත්වය සතුට සැනසුම සෞඛ්‍ය යන කරුණු මුදුන්පත් කර ගැනීම සඳහාය.


 සිනාවෙන් කතාවෙන් හෝ සාමාන්‍ය පෙනුමෙන් කාන්තාවක්‌ හඳුනා ගැනීමට නොහැක. කාන්තාවක්‌ හඳුනා ගත හැක්‌කේ ඇගේ ජන්ම කේන්ද්‍රය හරි හැටි පරීක්‍ෂා කිරීමෙන් පමණි. කාන්තාවන්ගේ සැඟවුණු ගතිගුණ ශුභ අශුභ කේන්ද්‍රය මගින් දැන ගත හැක.
 සමහර ස්‌ත්‍රි ජන්ම පත්‍රවල අශුභ යෝග දැකිය හැක. එවන් කාන්තාවක්‌ විවාහ කර ගත් පුරුෂයන්ට දුක්‌ කම්කටොලු කරදර හිරිහැර සමහරවිට මරණය ද සිදු වනු ඇත. එවන් යෝගයන් ගැන බලමු.

 ස්‌ත්‍රි ජන්ම පත්‍රයක දුබල වු හෝ පාප පීඩිත වූ රවි හත්වැනි රාශියේ වූයේද උතුම් කුලයක වුවත් දුරාචාර ඇත්තියකි. එසේම නීච වූ කුජ හත්වැන්නේවත් සෙනසුරු සමඟ සිංහ රාශියේවත් සිටියේද ඇයද උතුම් කුලයක උපත ලැබුවත් දුරාචාරයට යොමු වූ කණවැන්දුම් කතක්‌ වේ.රාහු හත්වැන්නේ සිටියදී උපන් ස්‌ත්‍රියගේ හත්වැන්න පාප පීඩිතව දුබල වුවොත් ඇයට ස්‌වාමි සැප හීනය.යම් කාන්තාවක්‌ උපදින කල කුජ ශනි රාහු යන ග්‍රහයන් චන්ද්‍රයාගෙන් හත්වැන්නේ හෝ ලග්නයෙන් හත්වැන්නේ හෝ අටවැන්නේ පාප දෘෂ්ටි සහිතව සිටියේ ද ඇගේ සැමියා මිය යන්නේය.

 කාන්තාවකගේ ලග්නාධිපති හෝ හත්වැන්නාධිපති පාප ග්‍රහයන්ගේ වර්ගවල සිටියදීවත්, ලග්නයෙහි හෝ හත්වැන්නෙහි පාප ග්‍රහයන්ගේ වර්ග ඇති වූ කලවත් ඇය කුලය විනාශ කරන සැමියා නසන පරපුරුෂයන් සොයා යන ස්‌ත්‍රියකි. පාප ග්‍රහයකුගේ ලග්නය වූයේද ලග්නයේ පාප ග්‍රහයන් සිටියේද සඳු පාපයකුගේ රාශියක වූයේද හෝ පාපයන් සමඟ වූයේද එම ලග්නය සහ චන්ද්‍රයා ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්‌ නොවන්නේද එකල උපන් ස්‌ත්‍රිය අධික කාමයෙන් මත් වී සොර සැමියන් සමඟ එක්‌ වී පුරුෂයන් දෙදෙනෙකු මරා දමයි.

 මේෂය හෝ වෘශ්චිකය අටවැන්නේ හෝ දොළොස්‌වැන්න වී එයින් එක්‌ තැනක පාප ග්‍රහයකු සමඟ රාහු සිටියේද එම කතගේ සැමියා මිය යන්නේය. තවද හත්වැන්න කටකය වී රවි සමඟ කුජ සිටියේද ඇයද පරපුරුෂයන් සොයා යන්නියකි.
ස්‌ත්‍රි කේන්ද්‍රයක 4 8 7 12 යන රාශියක පාප ග්‍රහයකු සමඟ කුජ සිටියේ නම් ඇය තම හිමියා අතහැර සොර සැමියන් සොයා යනු ඇත.

 තවද උපතේදී කුජගේ අංශකයේ සිකුරුත් සිකුරුගේ අංශකයේ කුජත් සිටියේද ඇය කාමයෙන් මත් වී අභිසාරිකාවක මෙන් පිරිමි සොයා යන්නියකි. කාන්තාවකගේ උපතේදී ශුභ ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්‌ වූ පාප ග්‍රහයකු දුබලව හත් වැන්නේ සිටියේද ඇය ස්‌වාමි සැප හීන කෙනෙකු වන අතර දුබල ඔහු සමඟ කුජ සිකුරු දෙදෙනා (සතුරු) හත්වැන්නේ සිටියේද ඇය සැමියාගේ අනු දැනුම ඇතිව සොර සැමියන් සමඟ යන්නියකි.

 දුබල වු පාප ග්‍රහයන් හත් වැන්නේත් ලග්නයේත් සිටියේද ඇගේ සැමියා ජීවත් වන්නේ වර්ෂ හතකි. තවද දුබල වූ චන්ද්‍රයා හය වැන්නේ හෝ අටවැන්නේ සිටිවිටදී සැමියා අටවසරකින් මිය යනු ඇත.පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්‌ වු හත්වැන්නාධිපති අටවැන්නෙත් අටවැන්නාධිපති හත්වැන්නේත් සිටියේද ඇගේ සැමියා මිය ගොස්‌ ඇය වැන්දඹුවේ. තවද දුබල වූ හත අධිපතියා සමඟ අට අධිපතියා හයේවත් දොලහෙවත් සිටියේද ඇය වැන්දඹුවක්‌ය.

 සිකුරු මකර කුම්භ මේෂ වෘශ්චික යන රාශියක සිටියදී පාප දෘෂ්ටියට ලක්‌ වූ සඳු ලග්නයේද එම කාන්තාව තම මව සමඟ පරපුරුෂයන් සොයා යනු ඇත. තවද සෙනසුරු කුජගේ අංශකයේ සිටියේද ඇය යෝනි ව්‍යාධියෙන් පෙළෙන කාන්තාවකි.

 කේන්ද්‍ර සටහන් අංක 1
මෙම කේන්ද්‍රයේ 7 වැන්නාධිපති කුජ සතුරු රාශි වූ සෙනසුරු සමඟ 4 වැන්නේ සිටී. 8 සහ 11 වැන්නාධිපති ගුරු නීචය. 4 වැන්නාධිපති රවි නීචය. 6 වැන්නාධිපති ශුක්‍ර 8 වැන්නේ සිටී. මෙම ග්‍රහ පිහිටීම් ඇය සමඟ විවාහ වන සැමියන්ට අනිසි ලෙස බලපානු ඇත. මේ හේතු කොටගෙන ඇගේ එක්‌ සැමියකු වසර 12 කදී මිය ගිය අතර දෙවන සැමියා වසර 6 කදී මිය ගියේය. දැන් සිටින්නේ තෙවන සැමියාය.

 කේන්ද්‍ර සටහන් අංක 2
මෙහි හත්වැන්නාධිපති සිකුරු අටවැන්නේද අටවැන්නාධිපති කුජ හත්වැන්නේද සිටින අතර නීච කේන්ද්‍රව වූ සෙනසුරුගේ පාප දෘෂ්ටිය කුජට එල්ල වී ඇත.මෙම කාන්තාවගේ පළමු සැමියා වසර දෙකකදී මිය ගියේය. දැන් ඇය දෙවන වරටද විවාහ වී සිටී. එම විවාහයද සාර්ථක තත්ත්වයෙන් නොමැති අතර දෙදෙනා වෙන්වීමට දික්‌කසාද නඩුවක්‌ ගොනුකර ඇත. තවද ඒ අතර ඇය වෙනත් පුරුෂයකු සමඟ අනියම් සබඳකමක්‌ද පවත්වා ගෙන යයි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment