අකුරු කියවීමට සුබම සුබ නැකැත් දෙක | Gurukam.net - Gurukam.Net

Saturday, May 23, 2020

අකුරු කියවීමට සුබම සුබ නැකැත් දෙක | Gurukam.net



උදාවූ මැයි මාසයේ ඔබගේ සිඟිති දුවට හෝ පුතාට
 අකුරු කියෑවීම,
  කන් විදීම,
 බත් කැවීම
                සඳහා ඉතාමත් ප්‍රබල හා බලගතු සුබ නැකැත් දෙකක්‌ එළැඹෙන මැයි මස දෙවැනි හා සිව්වැනි සතිය තුළ උදා වේ.

එනම් මැයි මස 07 වැනි සඳු දින පෙ.ව. 06.26 ට දකුණු දිශාව හා මැයි 24 වැනි ගුරු දින පෙ.ව. 10.08 ට නැඟෙනහිර දිශාව බලා ඉතා යහපත් වනු ඇත.

 මෙවැනි බලගතු සුබ මුහුර්ථයකින් දරුවෙකුට අකුරු කියවීම තුළින් එම දරුවා අනාගතේ මෙරට ඉතාමත් දැනුමැති අධ්‍යාපනයෙන් පරතෙරට ගිය සමාජයට වැඩදායී යහපත් වාසනාවන්ත උගතෙකු වනු නොවනු මානය.

 මැයි මස 07 වැනි සඳුදා දින පෙ.ව. 06.26 ට යෙදෙන මෙම නැකත වඩාත් යහපත් වන අතර මේ වන විට තත්කාල මේෂ ලග්න කේන්දරය තුළ සිකුරු ග්‍රහයා වෘෂභ රැසේ බලවත් වීමත්, හතර කේන්ද්‍රයේ ම සුබ ග්‍රහයන් යෙදීමත් යහපත්ය. මෙම දිනය සඳු බලවත් සඳුදා දිනයක්‌ වීමත්, අකුරු කියවීම ඇතුළු දරුවන්ගේ ඉහත කටයුතුවලට අදාළ සුවණ නැකත පැවතීමත් ඉතාමත් යහපත් වනු ඇත.

 එසේම කුජ බලවත් වීමත් තවදුරටත් යහපත් වේ. රවි මෙන්ම චන්ද්‍රයාගේ බලයද යහපත් වේ. අටවිසි මහා යෝග චක්‍රය අනුවද සියලු දෝෂ දුරු වනු ඇත.

 දෙවැනි දිනය වන මැයි 24 වැනි බ්‍රහස්‌පතින්දා දින පෙ.ව. 10.08 ට යෙදෙන මෙම නැකත ඉහත කටයුතු වලට වඩාත් යහපත් වන අතර මේ වන විට තත්කාල කටක ලග්න කේන්දරය තුළ ගුරු ග්‍රහයා තුලා රැසේ කේන්ද්‍ර ගත වීමත්, හතර කේන්ද්‍රයේම සුබ ග්‍රහයන් යෙදීමත් යහපත්ය.

 මෙම දිනය පුර පක්‌ෂයේ බලවත් ගුරු දිනයක්‌ වීමත්, අකුරු කියවීම ඇතුළු දරුවන්ගේ ඉහත කටයුතුවලට අදාළ උත්‍රපල් නැකත පැවතීමත් ඉතාමත් යහපත් වනු ඇත. එසේම කුජ බලවත් වීමත් තවදුරටත් යහපත් වේ. රවි මෙන්ම චන්ද්‍රයාගේ බලයද යහපත් වේ.

 මේ සමගින් වයස 3 / 7 අතර කුඩා දරුවන්ට අකුරු කියවීම හෙවත් මංගල පොත් අත තැබීමේ කාර්යයට මෙම අති ප්‍රබල සුබ නැකත ඉතාමත් යහපත් හා සුබ දායක වනු ඇත. එදින මුලින්ම දරුවා ලවා ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු උගත් යහපත් වැඩිහිටියෙකු විසින් සුබ නැකතට අනුව දරුවාට අකුරු කියවිය යුතුය. මෙම නැකැත් දරුවාගේ ජන්ම නැකතට ගැළපෙන ලෙස යොදාගත යුතුය.

 සුබ නැකතට අකුරු කියවීම

 මෙම චාරිත්‍රය දරුවෙකු ගේ ජීවිතයේ අතිශය වැදගත් වූ චාරිත්‍රයකි. එම දරුවා සමාජයේ යහපත් මෙන්ම දැන උගත්a පුරවැසියෙකු වීමට නම් ඉතාමත් සුබ වේලාවක මෙම කටයුත්ත ඉටුකළ යුතුය. මෙම චාරිත්‍රය එදා මෙන්ම අදත් සුබ වේලාවකට සිදු කිරීමට අප ජන සමාජය තුළ ඇත්තේ ඉමහත් වූ උනන්දුවකි.
ඒ අනුව පුරාණයේ නම් දරුවාට අකුරු කියවීම යෙදී ඇති සුබ වේලාව තුළ කැවුම් කිරිබත් ආදිය රැගෙන ගමේ පන්සලට හෝ අකුරු කියවන වියතාණන්ගේ නිවසට හෝ යැම සිරිතයි. ඒ අනුව ජ්‍යෙdතිෂ්‍යානුකූලව දරුවාගේ උපන් ජන්ම නැකතට සීහෙන ලෙස යොදා ගත් සුබ වේලාව තුළ හාමුදුරුවන්ට හෝ ගුරුවරයාට බුලත් අතක්‌ පිළිගන්වන ළමයා ගුරුවරයාගේ දෙපා මත සිරස තබා පළමුව වඳී.
ඉන් අනතුරුව ගුරුවරයා විසින් අදාළ පොත දරුවා අත තබා Ñස්‌වස්‌ථි සිද්ධම් (යහපතක්‌ම වේවා) යෑයි පවසා දරුවා පොතට වැඳීමෙන් අනතුරුව අකුරු කීපයක්‌ දරුවාට කියවා අකුරු කීපයක්‌ දරුවා ලවා ලියවනු ලබයි. මුල් කාලීනව මෙම කටයුත්ත ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා මූලික කොටගෙන සිදු වූවත් අද වනවිට එය වෙනස්‌ව එය ගෙදරම වැඩිහිටියෙකු විසින් කරන තත්ත්වයට පත් වී ඇත. කෙසේ වෙතත් මෙම සුබ කටයුත්ත දරුවාට හිතවත් උගත් බුද්ධිමත් ගුණ ගරුක වැඩිහිටියෙකු විසින් කළ යුතුය. අකුරු කියවීමට අස්‌විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, හත, මා, සිත, සා, අනුර, සුවණ, සියාවස, රේවතී යන නැකතක්‌ යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බ්‍රහස්‌පතින්දා හා සිකුරාදා යන දිනයක සුදුසුම හෝරාවක සුදුසුම පංචම කාල හෝරාවක්‌ මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත.

එසේම රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත. එසේම අට වැන්නේ කිසිම ග්‍රහයෙකු නැති උභය ලග්නයක්‌ උදා වූ වේලාවක මෙම නැකත සකස්‌ විය යුතුය.

 අකුරු කියවීම මුල්කාලීනව වයස අවුරුදු 05 ට පෙර සිදු කළ යුතු වුවද, වත්මනේ එය පෙර පාසල් සංස්‌කෘතියත් සමඟින් වයස 03 ට පෙර කියවිය යුතු යෑයි මතයක්‌ ගොඩනැඟී ඇත.
අකුරු කියෑවීමේ අවස්‌ථාවේදී තෙරුවන් නැමැද ජය පිරිත සඡ්ධායනය කිරීමත් ඉතාමත් යහපත් වන අතර එසේම මෙහිදී ගණ දෙවියන්ටද විශේෂ ස්‌ථානයක්‌ හිමි වේ.

 ධාරණ ශක්‌තිය ඇති වීම, සබකෝලය දුරු වීම, විභාග සම්මුඛ පරීක්‍ෂණ ආදියට පෙනී සිටීමට ආත්ම ධෛර්ය ඇතිවීම ආදිය සඳහා ගණදෙවි පූජාවක්‌ මගින් ආශිර්වාදය ලබා ගැනීම මෙම කටයුත්තේදී ඉතාමත් වැදගත් වනු ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment