දරු සම්පත් ගැන කිව හැකි ඕරා ශක්‌තිය | gurukam.net - Gurukam.Net

Tuesday, May 19, 2020

දරු සම්පත් ගැන කිව හැකි ඕරා ශක්‌තිය | gurukam.net


වර්තමාන සමාජය තුළ බහුලව දකින්නට ලැබෙන අවාසනාවන්ත තත්ත්වයක්‌ බවට පත්ව ඇත්තේ දරුඵල අහිමි විවාහක අඹු සැමියන්ය. ඇතැම් අවස්‌ථාවල මෙම තත්ත්වය හේතුවෙන් විවාහ සබඳතා පවා බිඳී යැම දකින්නට ලැබෙන අතර තවත් පිරිසක්‌ දැඩි මානසික වේදනා විඳිමින් පසුවන අයුරු දැකගත හැක.

පෙර අපරදිග වෛද්‍ය විද්‍යාවන්ට පවා තවමත් නිවැරැදි විසඳුම් සොයා ගැනීමට නොහැකි මෙම දරුඵල අහිමි හේතුවෙන් ඉන් පීඩා විඳින බොහෝ දෙනෙක්‌ විවිධ මිත්‍යා විශ්වාසයන් මත යමින් තම ධනය හා කාලය නිකරුනේ වියපැහැදම් කරන අයුරු වර්තමානය වන විට දකින්නට ලැබෙන සුලභ සිදුවීමක්‌ වී ඇත

. නිර්මල බුදුදහමේ යථාවබෝධය මැනවින් ප්‍රගුණ කළ ඒ හරහා ගොඩනඟාගත් අධිමානසික බලය හා චිත්ත ශක්‌තිය උපයෝගී කොට ගනිමින් දරුඵල අහිමි අඹු සැමියන්ගේ ප්‍රාර්ථනාවන් සැබෑ කරන විරල ගුණයෙන් අනූන යෝගිවරයෙක්‌ අපට මුණගැසුන අතර පහත පළවන්නේ සාර්ථක දරු උපතක්‌ හිමිකර ගැනීම සඳහා වැදගත් වන කරුණු කාරණා රැසක්‌ පිළිබඳ කරන ලද පිළිසඳරක්‌ය.



 ප්‍රශ්නයඃ- යෝගීතුමනි, ඔබ පසුගිය සතියක ඕරා ශක්‌තිය පිළිබඳ කතාකළා. එය තවදුරටත් ගැඹුරින් පැහැදිලි කරදිය හැකිද?

 පිළිතුරුඃ- ඔව්. සෑම ප්‍රාණියෙකුට මෙන්ම වස්‌තුවක්‌ වටාද රශ්මි වළල්ලක්‌ පිහිටා තිබෙනවා. මෙම රශ්මි වළල්ල ඕරා (නමින් අප හඳුන්වනවා. මෙම රශ්මි වළල්ල ශක්‌ති ශරීරයක්‌  වශයෙන්ද හඳුන්වනු ලබනවා. මෙම රශ්මි වළල්ල සෙ.මී. 30 - 40 අතර විහිදී පවතිනවා. බුදුරජාණන් වහන්සේ වැනි අධ්‍යාත්මික වශයෙන් දියුණු උත්තමයෙකුගේ මෙහි පරාසය විශාලව පවතිනවා. අප තුළ හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරේ ඇති රෝගාබාධ අනුව අපගේ ඕරාව විවිධ වර්ණයන් ගන්නවා. විශේෂයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තලවල සිටින ඇත්තන්ගේ ඕරාව විහිදෙන්නේ කහ පැහැති ඉතා ප්‍රභාශ්වර රශ්මි ධාරාවකින්.

 මෙම රශ්මි ධාරාව පියවි ඇසට දැකීමට අපහසුයි. නමුත් අධි මානසික ශක්‌තියකින් හෙබි ධ්‍යානලාභී, යෝගීන්, සෘෂිවරුන්, භාවනාවෙන් ඉහළ ආධ්‍යාත්මික වශයෙන් සිටිනා පුද්ගලයන්ට මෙම ඕරාව පියවි ඇසට දැකීමට හැකියාව පවතිනවා. ඒ ඒ සිතුවිලි ධාරා හා හැඟීම් අනුව ඔබේ සිරුරේ රශ්මි ධාරාවන් විවිධ වර්ණ ගන්නවා. කෙනෙකුගේ ඕරාව සිතුවිලි අනුව දිනකට විවිධ වර්ණ ගනී. අධිමානසික තත්ත්වයක්‌ හෝ භාවනාවෙන් උසස්‌ ඵලයකට පැමිණි උත්තමයෙකුට මෙම රශ්මි ධාරාවන් නිරීක්‍ෂණය කිරීමෙන් කෙනකුගේ මානසික තත්ත්වය සහ රෝගී තත්ත්වය හඳුනා ගැනීමට හැකියාව පවතිනවා. කෙනෙක්‌ මරණාසන්න වන විට ඔහුගේ ඕරා ශක්‌තිය ඉතා අඳුරු පැහැයක්‌ ගනී. විශ්ව ශක්‌තියේ බලයෙන් ආධ්‍යාත්මික තත්ත්වයට පත්වූ අයෙකුට ශරීරයේ ඖෂධ ගැල්වීමෙන් ඕරා ශක්‌තිය යථා තත්ත්වයට පත් කළ හැකියි.



 ප්‍රශ්නයඃ- යෝගී තුමනි, ඕරා ශක්‌තිය බුදු දහම ඇසුරෙන් විග්‍රහ කරන්නේ කෙසේද?

 පිළිතුරුඃ- කෙනෙකූ කරදරයකට පත්වූ විට සොයා යන්නේ දෙවියන්වයි. නමුත් දෙවියන් පිහිට වන්නේද ධර්මානුකූලව ජීවත් වන ඇත්තන්ටයි. භාවනාවේදී මා හා සම්බන්ධ වන සම්‍යක්‌ දෘෂ්ඨක දෙවියන් පවා බුදුන් පළමුකොට සළකයි.

 මියගිය පසු තණ්‌හාව ආශාව හා බැඳීම් නිසා පුද්ගලයන්ගේ ආත්මයන් ලොවින් චුත නොවී මෙහි ඇලී ගැලී ජීවත් වෙයි. මොවුන් ප්‍රේතයන්, භූතයන්, මළ යකූන් ලෙසත් නිරිසතුන් ලෙසත් හඳුන්වයි.

 මොවුන්ට ඇත්තේ සූක්‍ෂම ශරීරයි. ඕරා ශක්‌ති පහළ වැටුණු පසු මොවුන් අපගේ සිරුරුවලට ඇතූළු වී හෝ අපගේ නිවෙස්‌වලට අරක්‌ගෙන අප තූළ කෝපය, වෛරය, ඇබ්බැහිවීම් ආදී සිතුවිලි ජනිත කර අපගේ ශක්‌තිය උරාගෙන ඔවුන්ගේ සිතැඟි ඉටු කරගනිමින් ජීවත් වෙයි. සමහර නිරි සතුන් මිනිසුන්ගේ ලේ, සෙම්, සොටු අසූචි වැනි අපද්‍රව්‍යද ආහාර වශයෙන් ගනී.

 බොහෝ විට මිනිසුන් ඇබ්බැහි වීම්වලට යොමු කරවන්නෙත් මෙවැනි බලවේගයි. මත්පැන්., මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හා දැඩි ලිංගික ඇසුර ප්‍රියකළ මියගිය ආත්මයන් මිනිස්‌ ශරීරයන් තූළට රිංගා ඔවුන්ගේ පහත් ආශාවන් සංසිඳුවා ගැනීමට මිනිසා තුළින් මාන බලයි. මානසික හා ශාරීරික ශක්‌තිය දුර්වල වුණු අවස්‌ථාවලදී අපගේ ඕරා ශක්‌තියේ කුඩා සිදුරු හටගනී.

අප දැඩි කණස්‌සල්ලට, ශෝකයට රෝගාතුර වූ විට දරුණු අපයෝජනයට ලක්‌ වූ විට අපගේ සිරුරේ ශක්‌තිය, රශ්මි වළල්ලේ සිදුරු වලින් කාන්දු වීමට පටන් ගනී. එවිට ඉහත කී කුඩා සිදුරු ඇතිවේ. එවිට මේ නිරි සතුන්ට අපගේ සිරුරුවලට ඇතුළුවීමට අවකාශ ලැබේ. මෙම ආත්මයන් බොහෝමයක්‌ ඉතා ආත්මාර්ථකාමී පහත් ආත්මයන් වේ. මොවුන් ඔබේ සිරුරේ පාලනයට ඇතුළුවීම ඉතා භයානක තත්ත්වයකි.

 ඔවුන් ඔබ බියපත්කොට ඔබව ඔවුන්ගේ පාලනයට නතුකොට ඔබගේ සිරුරට ඇලී ඔබගේ ශක්‌තිය උරාගෙන ජීවත් වීමට පටන් ගනී. එවිට ඔබ රෝගීවේ. ඔවුන් ඔබව පොලඹවාගෙන අයහපත් දේ කරන්නට පටන් ගනී. සමහරක්‌ තමන්ගේ ඥාතීන්ගෙන් පළිගැනීම සඳහාද සිරුරු තුළට ඇතුළු වේ.

 ඔබගේ ජීවිතය අනතුරකට ලක්‌ කිරීමටද මොවුන්ට හැකියාව පවතී. මෙවැනි සමහර ආත්මයන් මිනිස්‌ සිරුර තුළට ආවේශ වී දෙවිවරුන්ගේ නම් විකුණමින් සාස්‌තර කීමටද පටන් ගනී. සමහරු ඉතා බොරු කියනා අතර සමහරෙක්‌ සත්‍ය තොරතුරු පවසයි.

 අපගේ ඕරාව නැත්නම් රශ්මි වළල්ල පිරිසිදු මෙන්ම ශක්‌තිමත්ව තබා ගැනීමට අප උත්සාහ ගත යුතුය. එය අපට කළ හැක්‌කේ කණස්‌සල්ල, ඊර්ෂ්‍යාව, බිය, වෛරය වැනි සිතුවිලිවලින් තොරව ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය වැනි ධනාත්මක සුබවාදී සිතුවිලිවලින් අප සිත් තුළ ජනිත කිරීම තුළිනි.

 නිරෝගීමත් මෙන්ම සැනසිලිදායක ජීවිතයක්‌ ගත කිරීම සඳහා ආධ්‍යාත්මික ගුණ වගාවන් පිරුණු ආතතියෙන් තොර ශක්‌තිමත් මානසික තත්ත්වයෙන් යුතු දිවියක්‌ ගත කිරීමට ඔබ සිතාගත යුතුය.

 එමෙන්ම ඔබගේ ස්‌වාමි පුරුෂයා වැඩිපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නම් ඔහුගේ හැසිරීම අසාමාන්‍ය නම් බිරිඳ වූ ඔබ වඩාත් හොඳින් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.



 ප්‍රශ්නයඃ- ඕරා ශක්‌තිය දරුඵල සඳහා බලපාන්නේ කෙසේද?

 පිළිතුරුඃ- භාවනාව වූ කලී මානවයාගේ යහ පැවත්මට ඉතා අත්‍යවශ්‍ය වූ දෙයකි. සමාධිය භාවනාවේ උතුම් ඵලයකි. විවාහයට පත්වූ ඔබට දරු සම්පත් ලැබීමට ප්‍රමාද නම් ඔබගේ පෙර කර්මය නිරීක්‍ෂණය කිරීමෙන් දරු සම්පත් ලැබිය හැකිය.


 ඒ සඳහා අවශ්‍ය වන්නේ මනා අවබෝධය හා ඉවසීමයි. යමක්‌ දුටු පමණින්, ඇසූ පමණින්, සතුටක්‌ හෝ අසතුටක්‌ ඇතිවිය හැකියි. අප සිහිපත් කළ යුත්තේ එම ආරම්භක සතුට හෝ අසතුට ඇතිවන්නේ පූර්ව කර්මය අනුව බවයි.

 ඒ නිසා යමක්‌ හෝ යමෙකු පිළිබඳ සතුටක්‌ අසතුටක්‌ ඇතිවූ පමණින් ඊට අනුව කටයුතු නොකර එ පිළිබඳ හොඳින් සිතා අදාළ අයගෙන් විමසා තීරණ ගැනීම ඉතා වැදගත්ය. එසේ කිරීමෙන් අකුසල විපාකය මඟහැර යහපත උදාකරගත හැක.

හිත දියුණුවට පත්කරගත් අධිමානසික තත්ත්වයක්‌ හෙබි උතුමෙකුට ඔබගේ රශ්මි වළල්ල නොහොත් ඕරාව නිරීක්‍ෂණය කිරීමෙන් ඔබගේ සිතැ`ගි ඉටුකරගත හැකියි. බුදු දහමට අනුව කර්ම විපාකය සමනය කළ හැකියි. ඒ සඳහා අප රැස්‌කළා වූ පෙර පින්ද තිබිය යුතුයි.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment