අනුන්ගේ හිත් කියවන්න පහසුම මගක් මෙන්න | Gurukam.net - Gurukam.Net

Wednesday, May 13, 2020

අනුන්ගේ හිත් කියවන්න පහසුම මගක් මෙන්න | Gurukam.net



සමහර මිනිස්සු කරන වැඩ දැක්කම කලින් ම මේ හිත කියවගන්න පුළුවන් වුණා නම් කියලා ඔබට අනන්තවත් හිතෙනවා ඇති. අනුන්ගේ හිත් කියවන්න කැමතිද?
    ඔබ නොදන්නවා වුණාට ඔබටත් පුළුවන් අනුන් ගේ හිත් කියවන්න. 

මේ කියන්නේ විශ්වය විනිවිද දකිනට පුලුවන් කුණ්ඩලණී ශක්තිය පිළිබඳවයි. ගුද මාර්ගයේ ඉහලින් කශේරුව ආසන්නයේ සීමාව තුළ තමයි මෙය ඇතිවන්නේ. කශේරුවේ පුරුකෙන් පුරුකට ඉහළට විත් හිස් මුදුනෙන් පිටතට නිරාවරණය වෙනවා.

මතකද බුදු මැදුරේ සමාධි ප්‍රතිමාවේ සිරසින් විහිදෙන සවනක් රැස්මාලාව? 

එතකොට රහතුන්වහන්සේලාගේ සිරසින් නික්මෙන කහ පැහැති ආලෝකය මතකද? 

ඕනැම පුද්ගලයෙකුගේ ශරීරය වටා එවැනි රශ්මි කදම්භයක් පවතිනවා.නමුත් පියවි ඇසට දකින්නට තරම් අපි කවුරුවත් සිත දියුණු කරලා නැති නිසා අපි හිතුවේ කලාකාරයාගේ අතිශයෝක්තියක් කියලා. 

කුණ්ඩලණී ශක්තිය අවදිවනවා කියනේ ස්නායු අධි ක්‍රියාකාරීවීමකටයි. සින්තටික් හෝමෝනය අධික ලෙස ශ්‍රාවය වීම නිසා සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ මනසේ ක්‍රියාකාරීත්වය වගේ දහස් ගුණයක ක්‍රියාකාරීත්වයක් දකින්න පුලුවන්.සරලව කිව්වොත් ඉන්ද්‍රීය සංවේදීතාවය වැඩිවෙන්න පටන් ගන්නවා. රාත්‍රි කාලයේදීත් දිවා කාලයේ වගේ පේන්න ගන්නවා.

 ඇස් පියාගෙන ඉන්න මොහොතක දී වුවත් අවට සිදුවන දේ දකින්න පුලුවන් වෙනවා.ක්ෂුද්‍ර අංශූන් විශාල වෙලා පේන්න ගන්නවා. ප්ලැස්මා අවධියේ ජීවීන් පවා පියවි ඇසින් දකින්න සමත් වෙනවා. සරලව කිව්වොත් බූතයෝ, හොල්මන් එහෙම දකින්නත් පුලුවන්.අපිට ඇසෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතරපරාසය, 

 නමුත් කුණ්ඩලණී ශක්තිය අවධි කරගත් කෙනෙක්ට ඉතාම සියුම් ශබ්ද පවා ග්‍රහනය කරගන්නට පුලුවන්.ඇස්දෙක පියාගෙන මනසින් කෙනෙක්ට පණිවිඩයක් යවන්න පුළුවන්. ඔබ ඉදිරියෙ සිටින කෙනාගේ හිත කියන දේ ඔබට ම ඇසෙන්නට ගන්නවා.

ඉතින් ඔබ නොදැනුවත්ව ම අනුන්ගේ හිත් කියවන්න ඔබට පුලුවන් වෙනවා.
හැබැයි හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි මේ ක්‍රියාවලිය. ඔක්කෝටම කලින් අනවශ්‍ය සිතුවිලි සිතෙන් බැහැර කරන්න පුලුවන්වෙන්න ඕනෑ.

වැරදි මාර්ගයක ගියොත් ශක්තිය අවදි වීමේදී සිදුවන ක්‍රියාවලිය දරාගන්නට නොහැකිව මියයන්න හෝ අංශභාග තත්ත්වයකට පත්වෙන්නට වුවත් පුලුවන් බව මතක තබාගන්න.ඒ වගේම තමයි පුහුණු ගුරුවරයෙක් යටතේ භාවනාව ප්‍රගුණ කරන්නට ඕනැ.මොකද කුණ්ඩලණී කියන්නේ එසේ මෙසේ ශක්තියක් නෙවෙයි. 

No comments:

Post a Comment