ඕනම වැඩකට හොදම හෝරාව මෙන්න | Gurukam.net - Gurukam.Net

Tuesday, May 12, 2020

ඕනම වැඩකට හොදම හෝරාව මෙන්න | Gurukam.net


                        නියමිත හෝරාවකට ඔබෙ වැඩ කටයුතු සිදුකිරීමෙන්,ඔබේ කටයුතු සාර්තකව කරගත හකිබව ඔබ මෙතෙක් දැන සිටියද,දේශපාලන වැඩකටයුතු ආරම්භයට,පොලිස් පැමිණිලි ඉදිරිපත් කිරීමට ,පෙම් සබඳතා ඇරඹීමට, කවි ගීත නිසඳැස් ආදිය රචනා කිරීම වැනි ඕනෑම දෙයක්  හෝරාවකට  සාර්තකව කරගත හකිබව ඔබ මෙතෙක් දැන සිටියද,

හිරු මේෂ සිංහ රාශිවල ගමන් කිරීම කැති - උත‍්‍රපල - උත‍්‍රසල නැකැත් යෙදෙන ඉරිදා දින රවි හෝරාව තම පියාගෙන් මෙන්ම පවතින රජයකින් උදව් ඉල්ලීමටත් පොලිස් පැමිණිලි ඉදිරිපත් කිරීමටත් රාජකාරී තනතුරු භාර ගැනීමටත් දේශපාලන වැඩකටයුතු ආරම්භයටත් සුබ වේ. රවි හෝරාවේ අවසාන විනාඩි 12 අසුබය.

 ⋆ සඳු හෝරාව

 චන්ද්‍රයා වෘෂභ - කටක රාශිවල ගමන් කිරීම රෙහෙන - කැති සුවණ නැකැත් යෙදෙන සඳුදා දින රවි හෝරාව කාන්තා පාර්ශ්වයෙන් උදව් උපකාර ඉල්ලීමට, පිටරට යෑමට සුබය. සිකුරාදා සඳු හෝරාව පෙම් සබඳතා ඇරඹීමට සුබය. සඳු හෝරාවේ පළමු විනාඩි 12 අසුබය.

 ⋆ කුජ හෝරාව

 අඟහරු මේෂ වෘශ්චික රාශිවල ගමන් කිරීම මුව සිරස - සිත දෙතට නැකැත් යෙදෙන කුජ හෝරාව සටන් විරෝධතා වලට මෙන්ම නඩු භාරදීමටත් වස් කවි කියැවීමටත් සුබ වේ. මුදල් ලබා ගැනීම අසුබ වන අතර කුජ හෝරාවේ අවසාන විනාඩි 12 අසුබය.

 ⋆ බුධ හෝරාව

 බුධ මිථුන කන්‍යා රාශිවල ගමන් කිරීම දෙට - අස්ලිස රේවතී නැකැතින් බදාදා දිනයේ බුධ හෝරාව ඉගෙනීමේ කටයුතුවලට මෙන්ම පොත්පත් ලිවීමට සියලූ ලේඛන කටයුතුවලට සුබය. බුධ හෝරාවේ මැද විනාඩි 12 අසුබය.

 ⋆ ගුරු හෝරාව

 බ‍්‍රහස්පති කටක ධනු මීන යන රාශිවල ගමන් කරන විට පුනාවස - විසා - පුවපුටුප නැකතින් ගුරු හෝරාව විවාහ බන්ධන කටයුතු සඳහා මෙන්ම මැති ඇමැතිවරුන් හමුවීමට සුබය. වාහන මිලදී ගැනීමට නිවාස සඳහා මුල්ගල තැබීමට යහපත් ය. ගුරු හෝරාවේ අග විනාඩි 12 අසුබ වේ.

 ⋆ සිකුරු හෝරාව

 සිකුරු වෘෂභ තුලා මීන රාශිවල ගමන් කරන විට බෙරණ පුවපල් පුවසල නැකතින් සිකුරාදා සිකුරු හෝරාව නිවාස මෙන්ම තානායම් ගොඩනැඟිලි ඉදිකිරීම ආම්භයට ඉතා සුබ වේ. කවි ගීත නිසඳැස් ආදිය රචනා කිරීමට ද යහපත් ය. සිකුරු හෝරාවේ මැද විනාඩි 12 අසුබය.

 ⋆ සෙනසුරු හෝරාව

 සෙනසුරු මකර කුම්භ රාශිවල ගමන් කරන විට පුෂ අනුර උත‍්‍රපුටුප නැකතින් සෙනසුරු ශනි හෝරාව දික්කසාදය සඳහා නඩු පැවරීමට, වෙන්වීමට මෙන්ම මහණ දම් පිරීම ආරම්භයට සුබය. ශනි හෝරාවේ මුල් විනාඩි 12 අසුබය.
මෙම හෝරාවන්ට වැඩ කිරීමෙන් ඔබට සුබ පල ගෙනෙන බවින්,අද සිට ඔබත් එය අත්විදින්න.

No comments:

Post a Comment