ඔබත් විවහය ගැන ලත වනවානම් දැන්ම බලන්න | Gurukam.net - Gurukam.Net

Monday, May 11, 2020

ඔබත් විවහය ගැන ලත වනවානම් දැන්ම බලන්න | Gurukam.net




  විවාහයක්‌ නොමැතිව පසුතැවෙන විවාහ දිවියට ඇතුළත් වීමට උත්සාහ දරමින් ලතවෙන පිරිස්‌ ද අද සමාජයේ අනන්ත අප්‍රමාණ ලෙස අපට හමුවේ.ඒ අතර  ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව එක්‌ කොට්‌ඨාසයක්‌ සතුටින් තම තමන්ගේ විවාහ දිවිය භූක්‌ති විඳින අතර තවත් කොට්‌ඨාසයක්‌ විවිධ හේතු සාධක මුල්කරගෙන විවාහ කඩාකල්පල් කරගෙන පසු තැවේ.


 විවාහයක්‌ සිදුවීමටත් විවාහ දිවියක්‌ අහිමිවීමටත් සිදුවූ විවාහය යහපත් හෝ අයහපත් වීමටත් බලපාන්නා වූ හේතුකාරණා බොහෝමයක්‌ ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥ යකුට පෙන්වාදීමට හැකියාව ඇත.මූලික වශයෙන් දෙදෙනකු අතර අෙන්‍යාන්‍ය බැඳීමක්‌ ඇතිවීම හා දෙදෙනා අතර අදහස්‌ ගැලපීම මෙන්ම දෙදෙනාගේ බැඳීමේ ශක්‌තිය නොවෙනස්‌ මට්‌ටමක පැවැතීම තුළ විවාහය සිදුවීම හා එලෙස සිදුවන විවාහයන් පැවතීම සාර්ථක වේ.

 ඉහත කාරණා දෙක අසාර්ථක වූ තැන බොහෝ දෙමාපියන් ඉතා අසරණව විවිධ වංචනිකයන්ගේ අනන්ත අප්‍රමාණ වූ ශාන්තිකර්ම වත් පිළිවෙත් වෙත යොමුවී තමන් සතු ධනය විනාශ කර ගනිමින් අපහසුතාවට ලක්‌වීම සුලබ දසුනක්‌. මෙලෙස හරයක්‌ නැති වත් පිළිවෙත්වලට යොමුවී විවාහයක්‌ සිදුකර ගැනීමට මෙන්ම විවාහ දිවියක පවතින කිසිදු ආකාරයක ගැටලුවක්‌ නිරාකරණය කර ගත නොහැකි වන අතර ඕනෑම ජන්මියෙකුගේ ජන්ම පත්‍රය ගැඹුරින් පරීක්‍ෂා කිරීම තුළ ඉහත කාරණා දෙකටම නිසි විසඳුම් සොයාගත හැකි බව සත්‍ය වූ කාරණාවක්‌ වන අතර අදාළ ගැටලුව පවතින්නේ කොතැනද යන්න අවබෝධ කර ගැනීමෙන් අනතුරුව ජ්‍යෙතිෂ විද්‍යාත්මකව එවැනි දේ සඳහා පිළියම් යෙදීමට හැකියාව පවතී.

 ශාස්‌ත්‍රය මැනවින් ප්‍රගුණ කළ ජ්‍යෙතිෂවේදියකුට ජන්මියකුගේ කර්මය විග්‍රහ කිරීම ඉතාමත් පහසු කටයුත්තක්‌ වන අතර ලග්න කොටුවේ දහවැන්න නාවාංශක කොටුවේ දහවැන්න පස්‌වැන්න නව වැන්න සහ හය වැන්න වැනි ස්‌ථාන ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් පෙර භවයන්වල න්‍යායන් නැතහොත් මූලාශ්‍රයන් (පෙර අකුසල් හෙවත් කර්මය) ඉතා පැහැදිලිව හඳුනා ගැනීමට හැකිය.ප්‍රීතිමත් විවාහ දිවියකට අවශ්‍ය පසුබිම සැකසීම යනු පෘතුවියේ පවතින්නා වූ ග්‍රහ තාරකා මණ්‌ඩලය අපට විවාහයන් සිදුවීමට හෝ සිදුවූ විවාහයන් සාර්ථක කර ගැනීමට සුදුසු ලෙස පිහිටීම නොවන අතර පෙර භවයන්වල ප්‍රීතිමත් විවාහ දිවියක්‌ ගතකිරීමට අවශ්‍ය කුසලය හෙවත් පින අපගේ විඤ්ඤානය තුළ අප රැගෙන නොගෙනා බව වේ.


 කෙනෙක්‌ යහපත්ව විවාහ දිවියක්‌ ගෙවන අතර තවත් කෙනෙකුට එය අහිමිය. මේ විවිධත්වය නැතහොත් විෂමතාවයට නිවැරදි උපදේශයක්‌ හෝ පිළියමක්‌ දැනට නොපවතින අතර ඉදිරියේදී ද එවැන්නක්‌ ඇති නොවන අතර එනම් සාර්ථක පිළිතුර හා පිළියම කර්මානුරූපීව ඇතිවන්නා වූ එකී තත්ත්වයට පිළියම් යෙදීම පමණකි.ඔබ කුමන තරාතිරමක කෙනෙකු වුවද විවාහ දිවිය ගැටලු සහගතනම් හෝ විවාහ දිවියට ඇතුළත් වීමට බැරිව ලතැවෙන අයෙක්‌ නම් ඔබ කළ යුතු එකම සහ නිවැරදිම ප්‍රතිකර්මය වනුයේ ප්‍රථමයෙන් මෙකී තත්ත්වයට හේතුවන්නාවූ අකුසලය කුමක්‌ද යන්න සොයා බැලීම වේ.

 සමහර විටෙක ඔබ පෙර භවයේ පරපුරුෂ සේවනයේ හෝ බහු භාර්යා සේවනයේ යෙදුන කෙනෙක්‌ විය හැකිය. එසේත් නැතිනම් දෙදෙනකු අතර පැවැති පෙම් සබඳතාවක්‌ කඩාකප්පල් කළ අයකු විය හැකිය.

සමහර විටෙක සිතතුළ පවතින ඊර්ෂ්‍යා කුහක ගති නිසා සතුටින් පවුල් දිවියක්‌ ගතකරන දෙදනෙකු විරසක කර භේදබින්න කළ අයෙක්‌ විය හැකිය.

 එවැනි විටක පෙර භවයේ ඔබ විසින් කරන්නට යෙදුණ අකුසලයේ ප්‍රමාණය දැන හඳුනා ගෙන ඊට සාපේක්‌ෂව කුසලයන් සිදුකිරීම තුළ ඔබ තුළ පවතින අකුසලය යටපත්කර ගැනීම තුළ ඔබට ප්‍රීතිමත් විවාහ දිවියකට ඇතුළත්ව එය සතුටින් ගතකිරීමේ වාසනාව ද උදාවනු ඇත.

අපගේ සෑම කටයුත්තක්‌ම සිදුවන්නේ අපට හොඳ හෝ නරක ප්‍රතිඵල ලබා දෙන්නේ පින හෙවත් කුසලය මත බව අප අවිවාදයෙන් තේරුම් ගත යුතු කාරණාවකි. එසේනම් මේ භවයේ විවාහ දිවියට ඇතුළත් වීමට නොහැකි වීම මෙන්ම ඇතුළත්වූ විවාහ දිවියේ සතුට භුක්‌ති විඳීමට වාසනාව නොමැතිවිම යනු එකී කුසලය අපි සපුරා නැති බවය.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment