සමහර කාන්තාවන්ට දරුඵල අහිමිවන්නේ ඇයි | Gurukam.net - Gurukam.Net

Sunday, May 10, 2020

සමහර කාන්තාවන්ට දරුඵල අහිමිවන්නේ ඇයි | Gurukam.net



පෙර අපරදිග වෛද්‍ය විද්‍යාවන්ට පවා තවමත් නිවැරැදි විසඳුම් සොයා ගැනීමට නොහැකි දරුඵල අහිමි  වීම හේතුවෙන් ඉන් පීඩා විඳින බොහෝ දෙනෙක්‌ විවිධ මිත්‍යා විශ්වාසයන් මත යමින් තම ධනය හා කාලය නිකරුනේ වියපැහැදම් කරන අයුරු වර්තමානය වන විට දකින්නට ලැබෙන සුලභ සිදුවීමක්‌ වී ඇත.
වර්තමාන සමාජය තුළ බහුලව දකින්නට ලැබෙන අවාසනාවන්ත තත්ත්වයක්‌ බවට පත්ව ඇත්තේ දරුඵල අහිමි විවාහක අඹු සැමියන්ය.

 ඇතැම් අවස්‌ථාවල මෙම තත්ත්වය හේතුවෙන් විවාහ සබඳතා පවා බිඳී යැම දකින්නට ලැබෙන අතර තවත් පිරිසක්‌ දැඩි මානසික වේදනා විඳිමින් පසුවන අයුරු දැකගත හැක. නිර්මල බුදුදහමේ යථාවබෝධය මැනවින් ප්‍රගුණ කළ ඒ හරහා ගොඩනඟාගත් අධිමානසික බලය හා චිත්ත ශක්‌තිය උපයෝගී කොට ගනිමින් දරුඵල අහිමි අඹු සැමියන්ගේ ප්‍රාර්ථනාවන් සැබෑ කරන විරල ගුණයෙන් අනූන යෝගිවරයෙක්‌ අපට මුණගැසුන අතර පහත පළවන්නේ සාර්ථක දරු උපතක්‌ හිමිකර ගැනීම සඳහා වැදගත් වන කරුණු කාරණා රැසක්‌ පිළිබඳ කරන ලද පිළිසඳරක්‌ය.

 ප්‍රශ්නයඃ- යෝගිතුමනි සෑම කාන්තාවකටම දරුඵල නැත්තේ ඇයි?

 පිළිතුරුඃ- හොඳ ප්‍රශ්නයක්‌, මනුෂ්‍ය ජීවිතය තුළ දරුවෙකුගේ උප්පත්තියට හිමිවන්නේ සුවිශේෂී තැනක්‌. බොහෝ දෙනකුට කිසිම ගැටලුවක්‌ නොමැතිව දරුඵල හිමි වෙයි. සමහර දෙනකුට කුමණ ප්‍රතිකාර සහ ප්‍රතිකර්ම කළත් දරුඵල හිමි නොවෙයි. එසේම දරුවන් සිටියත් ඔවුනට ආදරය නොදක්‌වන, නිසි ආරක්‍ෂාව ලබා නොදෙන, දරුවන් අත්හැර දමන හා දරුවන් ඝාතනය කරන මව්පියන් ද සිටිති. කාන්තාවන් පස්‌ දෙනකු ගතහොත් ඔවුන් පස්‌දෙනාට ම කාන්තාවන්ට හිමි අංග ලක්‍ෂණ අවයව පිහිටා තිබුණත් එක්‌ අයකුට හෝ දෙදෙනකුට දරු ඵල නොමැති වීම ගැන අප සළකා බැලිය යුතුයි. දරුඵල අහිමි වීම කෙරෙහි පූර්ව කර්මවල මෙන්ම කායික දුර්වලතා හා ආබාධයන්ද බලපායි. පූර්ව කර්ම ඵලයන් කොටස්‌ දෙකකට බෙදා වෙන්කළ හැකියි.

 1) පෙර භවයන් වලදී දරු ගැබ් විනාශ කිරීම, දරුවන් කායිකව හා මානසිකව පීඩාවට පත් කිරීම, දරුවන් අත්හැර දැමීම, දරුවන් ඝාතනය කිරීම, වැනි කර්මයන් නිසා මෙම භවය තුළදී දරුවකු නොමැතිව සොවින් විඳවීමට විශ්ව ධර්මය විසින් ඳඬුවමක්‌ ලබාදී තිබීම.

 2) මාතෘ ශාප පීතෘ ශාප (තම මවට හෝ පියාට කායික හෝ මානසිකව පීඩා කිරීම නිසා ඔවුන්ගේ සිත් තුළත් ඇතිවන වේදනාව ශාප බවට පත්වෙයි.)

 බ්‍රාහ්මණ ශාප ( පූජක හා පැවිදි පක්‍ෂයට පීඩා කිරීම නිසා ඔවුන්ගේ සිත් තුළින් පැමිණි ශාපයන්)

 සර්ප ශාප (නාගයන් මරා දැමීම, ඔවුන්ගේ වාසස්‌ථාන විනාශකර දැමීම නිසා ඇති වූ ශාප)

 ආදියද, සුරතලයට හදන සතුන්, මවගෙන් වෙන් කොට විකිණීම හෝ පිටමන් කර දැමීම, කුරුළු බිත්තර ආදිය විනාශකර දැමීම හා ආහාරයට ගැනීම, දරුගැබක්‌ ඇති ඕනෑම සත්ත්වයකුට හිරි හැර කිරීම හා කායිකව මානසිකව පීඩාවට පත් කිරීම, දරුවන් නැති කාන්තාවන්ට හිරිහැර හා අපවාද කිරීම ගැරහීම හා සමච්චලයට ලක්‌ කිරීම වැනි කර්මයන් නිසාද මෙම භවයේදී දරුඵල අහිමි වීම කෙරෙහි බලපායි.

 ප්‍රශ්නයඃ- යෝගිතුමනි දරුඵල නොමැති වීමට හේතුවන කාරණය නිවැරදිව දැන ගත හැකිද?

 පිළිතුරුඃ- මෙහෙමයි, වෛද්‍යවරයකුට නම් හැකි වන්නේ පරීක්‍ෂණ තුළින් දරුඵල නොමැති වීමට හේතුවී ඇති ශාරීරික කාරණා සොයා බැලීමයි. එයින්ම දරුඵල නොමැතී වීමට කුමන කාරණාවක්‌ හේතු වේ දැයි නිශ්චිතවම කිව නොහැකියි. නමුත් පහත දැක්‌වෙන කාරණා අතින් එකක්‌ හෝ කිහිපයක්‌ නිසා දරුඵල අහිමිවිය හැකියි.

 දෙදෙනාගෙන් එක්‌ අයකුගේ ශරීර ශක්‌තිය දුර්වල වීම, වැරදි ආහාර රටා, වියපත් බව, කාන්තාවට වැළඳී ඇති කළුකුමාර දෝශය හා පුරුෂයන්ට ඇති අමනුෂ්‍ය දෝෂ, ග්‍රහ දෝෂ, ශරීරයේ පවතින අධික උෂ්ණත්වය, විකෘති හැසිරිම්, අන්‍යයන් විසින් කරණ ලද අනවින කොඩිවින හා වෂී ආදිය, පාරම්පරික ගැටලු, සිතාමතා ඖෂධ භාවිත කොට දරුඵල ප්‍රමාද කිරීම්, දිගු කල් පවතින රෝග සඳහා ඖෂධ භාවිතය, ගර්භාසයේ ඇති දුර්වලතා, මත් පැන්, මත්වැටි, මත්ද්‍රව්‍ය භාවිතය, කාන්තා පිරිමි මද සරු බව, හා පෙර කරන ලද අකුසල කර්ම දරුඵල අහිමි වීමට හේතු කාරණා ලෙස බල පෑ හැකියි. දරුඵල අහිමි වීම සහ දරුඵල පමා වීම යනු හේතු දෙකකි.

ඇතැම් කාන්තාවන්ට සහ පුරුෂයන්ට යම් කිසි හේතුවක්‌ නිසා දරුඵල අහිමිවීමක්‌ ඇත්තේ නම් ජ්‍යෙතිෂය හෝ වෛද්‍ය උපදෙස්‌ ගත්ත ද දරුවන් ලබා ගැනීම සිහිනයක්‌ පමණි. දරුඵල පමා වීම ඇත්නම් ඊට විසඳුම් සෙවිය යුතුය.

 ප්‍රශ්නයඃ- යෝගිතුමනිs කර්ම දෝෂ සමනය කිරීමෙන් හා බොදු පිළිවෙත් අනුගමනය කිරීමෙන් දරුඵල ලබා ගැනීමට හැකියාවක්‌ තිබෙනවාද?

 පිළිතුරුඃ- ඇත්තෙන්ම පුඵවන්, එය විස්‌තර කරනවානම්....... කාන්තාවට හා පුරුෂයාට බලපෑ ඇති ශාරීරික දෝෂ, ග්‍රහ දෝෂ ඉවත් කිරීම තුළින්ද කෙනකු විසින් කරන ලද අණවින හදිහූනියම් හා කැවීම් පැන්න වීම් ඉවත් කිරීම තුළින්ද පෙර කළ ඇති කර්ම දෝෂ හඳුනාගෙන එයට නිසි පිළියම් වන බොදු පිළිවෙත් කිරීමෙන් වාසනා වන්ත දරුවකු හිමිකර ගත හැකියි.

 ඔබ කුඩා දරුවන්ට ආදරය කරන්න. කුඩා දරුවන්ට උදවු උපකාර කරන්න. තමාගේ දරුවන්ට මෙන්ම අන් දරුවන්ට ද ආදරය කරන්න. සෑම විටම කරුණාවෙන් දයාවෙන් අන් දරුවන් දෙස බලන්න. ඔවුන්ව සුරතල් කරන්න. නිතරම තිසරණයෙහි ශීලය පිහිටුවන්න. අනුන්ගේ දරුවන්ට ද්වේෂ කරන, වෛර කරන, ඊර්ෂ්‍යා කරන අයට දරුඵල හිsමි නොවේ.

 ප්‍රශ්නයඃ- යෝගිතුමණි, දරුවන් අහිමි අයට ඔබ තුමා ලබා දෙන උපදෙස්‌ මොනවාද?

 පිළිතුරුඃ- එA ප්‍රශ්නය පිළිබඳව නම් කෙටියෙන් විස්‌තර කළ නොහැකියි. නමුත් මා ඉතාම කෙටියෙන් කියනවා නම් දරුවන් ඇති කාන්තාව ලොව ඉහළම සතුට බුක්‌ති වින්දත් දරුවන් නොලද කාන්තාව මානසික පීඩාවට සමාජයේ ගැරහුමට ලක්‌වෙන බව අපි හොඳින් දනිමු. විවිධ තරාතිරමේ පුද්ගලයන් අතර දරුවන් නොමැති අය, ජ්‍යෙතිෂවේදීන්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ස්‌ථානයන්ට පිහිට පතා ගෙන යන බව අපි හොදින් දනිමු. මෙහි සාර්ථක ප්‍රතිඵල ලැබේද?

අතීතයට වඩා වර්තමානයේ දරුවන් නොලැබ දුක්‌විඳින සංඛ්‍යව බොහෝයි. පුංචි පවුල රත්තරන් යන අර්ථය යටතේ දරුඵලයන් සීමා කිරීමෙන් සිදු වූයේ අයහපතකි. එදා උවමනාවෙන්ම දරුවන් පාලනය කළද වර්තමානයේ දැඩි වෙහෙසක්‌ දරා දරු ඵලයක්‌ ලබා ගැනීම දුෂ්කර ක්‍රියාවකි. අද වන විට නොයෙක්‌ නොයෙක්‌ ආකාරයේ ගුප්ත වේදීන් පසුපස යැම කනගාටුවට කරුණකි.

අවශ්‍ය තාවය ඇතත් දරුවකුට සැප දෙන්නට හැකියාව පැවතියද දරුවෙක්‌ නොලබන කාන්තාවන් විඳින මානසික වේදනාව පීඩනය දන්නේ ඔවුන්ම පමණි. සමාජයෙන් ඔවුනට එල්ලවන අපවාද, නිමක්‌ නොමැති පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙන රැවුම් ගෙරවුම් අනන්තය. යහළු යෙහෙළියන්ගේ සරඳම් කොපමණ විඳ දරාගත හැකිද?

ඔවුන් විඳිනා මානසික පීඩාව කිසියම්ම කෙනකුට පෙනෙන්නේ නැත. අඬන්නට බැරිව සිනාසෙන බිරින්දෑවරුන් මෙන්ම පුරුෂයන් ද මා හමුවීමට එන පිරිස්‌ අතර බොහෝය. ඔවුන් සනසන්නට නොව ඔවුන්ට සිනා සෙන්නට නම් බොහෝ පිරිස්‌ ඇත. ගැහැනියක ලබන උතුම්ම පදවිය මව් පදවි යයි.


 දරුඵල නොමැති වීමට කුමණ කාරණයක්‌ හේතු වී දැයි නිවැරදිව හඳුනා ගෙන එයට නිසි පිළියම් යෙදීමෙන් ඔබගේ ප්‍රාර්ථනාව ඉටුකරගත හැක.
මහ රැජිනක්‌ වෙනවාටත් වඩා අම්මා කෙනකු වීම කාන්තාවකට මහා සම්පතකි. බොහෝ පිරිස්‌ දරුඵල අහිමිවීම පිළිබඳව කාන්තාවට ම ඇඟිල්ල දිගු කිරීම වැරදි මතයකි.
 නිවස පුරා කිරි සුවඳ විහිදෙන දිනය කවදා එ දැයි ඇඟිලි ගණිනා අඹුසැමියන්ට මෙය සිසිලසක්‌ වේවායි, ප්‍රාර්ථනා කරමි.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment