කේන්දරයෙන් මාරක අපල හදුනා ගන්න | Gurukam.net - Gurukam.Net

Tuesday, April 28, 2020

කේන්දරයෙන් මාරක අපල හදුනා ගන්න | Gurukam.net



තමාට උදාවන මාරක අපල තත්ත්වයන් මොනවාද? ඒවා උදාවන කාලවකවානු මොනවාද? ඒවා වළක්‌වා ගැනීම සඳහා කළ යුතු වත්පිළිවෙත් මොනවාද? තමාගේ ආයුෂ කොපමණද? ආදී ගැටලු ඔබටත් පවතිනවා ඇති. මේ සඳහා ජ්‍යෙතිෂය මගින් නිවැරදි පිළිතුරක්‌ ලබාගත හැකි වේ. පුද්ගලයකු උපන්දා සිට මරණය සිදුවන දින දක්‌වා විටින් විට මාරක අපල තත්ත්වයන් උදාවන අතර ඒවා නියත මාරක හෝ අනියත මාරක විය හැකිය.  නියත මාරකයක්‌ ඇති වුවහොත් ඉන් මිදීමට නොහැකි වන අතර, අනියත මාරකයක්‌ ඇති වූ විට, එය වත්පිළිවෙත් හා ප්‍රතිකර්ම මගින් මඟහරවා ගත හැකිය.

මරණය පිළිබඳව විග්‍රහ කිරීමේදී 8 වැන්න, 8 වැන්නාධිපති, 22 වැනි දෙර්කාණාධිපති, 2, 7 අධිපතීන්, 3, 11 අධිපතීන් පදනම් කර ගනිමින් පලාපල කථනය සිදු වේ.

 උපන් නැකතට අනුරූපීව ගහනය කරනු ලබන, එනම් සඳු සිටින නැකත, වින්ශෝෂ්තරී දශාව තුළින් මරණය සඳහා දායකත්වය දක්‌වන දශා, අන්තර් දශා නිර්ණය කිරීමත්, ඉහත සඳහන් කළ ස්‌ථාන හා ස්‌ථාන අධිපතීන් සම්බන්ධ කරගෙන ග්‍රහ ගෝචරය සම්බන්ධ කර ගනිමින් අනියත මාරක යෙදෙන කාලය නිර්ණය කරගත හැකිය.

 මේ සියල්ල සංකීර්ණ ක්‍රියාවලියක්‌ වන අතර, එයට අමතරව හස්‌ත රේඛාවල පිහිටි සම්බන්ධතාව කාලවකවානුවලට අනුරූපීව බැඳී පවතී. එය නිවැරදිව නිර්ණය කිරීමෙන් අනතුරුව මාරකය නියතද? අනියතද? යන්න ගළපා ගත හැකිය.

 කෙසේ නමුත් මාගේ ජ්‍යෙdතිෂය අත්දැකීම් මත ආයු යෝග පැවතියද? වර්තමාන කල්ක්‍රියාව තුළ අයහපත් දැ සිදු කිරීම තුළ අනියත මාරක, නියත කරගත් අවස්‌ථා දක්‌නට ලැබේ. එහිදී මරණය සඳහා හේතු වන කාරණය දුක්‌ පීඩා සහිත එකක්‌ද? ක්‌ෂණිකව සිදුවන දෙයක්‌ද? මරණින් පසු පුනර්භවය කුමන දිශානතියකටද? යන්න නිර්ණය වේ. එනම් කවුරුත් දන්නා ආකාරයට මතු ආත්මය පිළිබඳව වේ. ශුභයන්ගෙන් 8 වැන්නේ සිsටියදී මරණය කටුක නොවේ.

නමුත් එසේ වුවත් මාරක යෙදෙන කාලච්ඡේදයේ 8 වැන්නේ අශුභයන් ගෝචර වේ නම් සුළු කාලයක්‌ විඳවීමට සිදුවේ. මෙහිදී මාරකය නිර්ණය කිරීම ජන්ම පත්‍රය පරීක්‌ෂාවට පැමිණි පුද්ගලයාගේ සිතේ පවතින ශක්‌තිය ජන්ම පත්‍රයට අනුව තේරුම්ගෙන කරුණු කාරණා ජන්මපත්‍ර හිමියාට පැවසිය යුතු අතර, ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත් හා ප්‍රතිකර්ම ග්‍රහයන්ට අනුරූපීව කිරීම හා මරණයට කැපවූ සතුන් නිදහස්‌ කිරීම, භාවනාවලට යොමු වීම, සිල් රැකීම (සිත. කය, වචනය වැනි දැ) වැනි දැ කිරීම මගින්ද එහි බලපෑම අහෝසි කර ගත් අවස්‌ථා දැකගත හැකිය.

 මෙහිදී ඔබට ඇති වන අනියත මාරක තත්ත්වය කල්තියා හඳුනා ගැනීම තුළින් ජීවිත ගමන නිවැරදිව ඉදිරියට ගෙන යැමට ජ්‍යෙdතිෂය මගින් මහඟු උපදේශනයක්‌ ලබාගත හැකිය.

 කෙසේ නමුත් මෙසේ මඟ හරවා ගත හැක්‌කේ අනියත මාරක තත්ත්වයන් පමණි.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment