පාඩම් අමතක කම්මැලි  දරුවන්ගේ    මතක  ශක්තිය වර්ධනය කිරීමට | Gurukam.net - Gurukam.Net

Tuesday, April 14, 2020

පාඩම් අමතක කම්මැලි  දරුවන්ගේ    මතක  ශක්තිය වර්ධනය කිරීමට | Gurukam.net



                                   
                              තම දරුවන්ගේ බුද්ධි මට්‌ටම මෙන්ම ඔවුන් යොමු කළ යුතු අංශ ගැන කිසිදු ආකාරයක දැනුමක්‌ අවබෝධයක්‌ නොමැතිව දරුවන් පීඩාවට මෙන්ම අපහසුතාවට පත් කරමින් අද පවතින තරගකාරී අධ්‍යාපන රටාවේ තරගකරුවෝ බවට පත්වෙති.

තමන් ලැබූ අධ්‍යාපනයට වඩා තම දරුවන්ට උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාදීම සෑම දෙමාපියකුගේම එකම බලාපොරොත්තුවයි. එම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට වෙහෙසෙන දෙමාපියන් බොහෝ අවස්‌ථාවල කිසිදු වග විභාගයකින් තොරව  ගන්න තීන්දු තීරණ නිසා අවසානයේ දරුවන් මෙන්ම තමන් ද දුකට පත්වන්නේ නොසිතන ආකාරයෙනිs.

 වයස අවුරුදු 3 සම්පූර්ණ වීටම පෙර දරුවාට අකුරු කියෑවීමට සුබ නැකැත් බලන අවස්‌ථාවේදීම තම ජ්‍යෙdතිෂවේදියා සමග කතා බහ කොට දරුවාගේ බුද්ධි මට්‌ටම මෙන්ම අධ්‍යාපනයේ කුමන අංශ හිමි ද යන්නත් බාධාවකින් තොරව ඒ කරා දරුවා යෑවිය යුත්තේ කුමන ක්‍රමවේදය ඔස්‌සේද යන්නත් කල්තියා තීරණය කරගතහොත් ඉහත කී අපහසුතාවට දරුවන් මෙන්ම දෙමාපියන් ද කිසිවිටෙක පත් නොවනු ඇත.
යම් දරුවකුගේ උප්පත්ති කේන්ද්‍රයේ බුධ ග්‍රහයා හෝ බ්‍රහස්‌පති ග්‍රහයා බලවත් වීමත් බුධ හා ගුරු සංයෝග වීමත් පස්‌වැන්න අධිපති බලවත් වීමත් ගුරු හෙවත් බ්‍රහස්‌පති බලවත් වීම මෙන්ම බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් බලවත් වීම හෝ ශුභ දෘෂ්ටි ලැබ සිටීම දරුවකුට මතක ශක්‌තිය උපතින්ම හිමිවන ග්‍රහ පිහිටීම් වේ.

 එවැනි දරුවන් කිසිවිටෙක අධ්‍යාපන කටයුතුවලට විශේෂ ලෙස උනන්දු කරවීමට අවශ්‍ය නොවන අතර පෙර කුසල් බලය හේතුවෙන් හිමිවූ එම බුද්ධි යෝග තුළ අධ්‍යාපනයේ නිසි ජය ලබන්නේය. එසේ නොවන දරුවන්ගේ නැණ නුවණ මතක ශක්‌තිය වර්ධනය කිරීමටත් අධ්‍යාපනයේ බාධා නැසීමටත් පැරණි සෘෂිවරුන් තුණුරුවන්ගේ ගුණ මෙනෙහි කරමින් බෝධි පූජා වැනි උසස්‌ ශාන්තිකර්ම වෙතද ගණදෙවියන්, සරස්‌වතී දෙවඟන ආදී අධ්‍යාපනයේ බාධා නසන දෙවියන්ගේ දේව බලය ද යොදාගෙන පිහිට ලබාගෙන ඇත.

 එවැනිම වූ දරුවන්ගේ මතක ශක්‌තිය වර්ධනය කිරීමට මහෝපකාරී වන විශේෂ ප්‍රතිකර්මයක්‌ නැකත පාඨක ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමි. පුර පක්‍ෂයේ දිනයක පිරිසිදු ස්‌ථානයක මල් බුලත් තට්‌ටුවක්‌ තනා එහි තැඹිලි ගෙඩියක්‌ තැන්පත් කර

 "නමෝ පුබ්බෙයිය හර දේ විගාම

 රූපනීය විඡ්ජෝ රම්බන් හරිස්‌සාමි

 සිද්ධි භවතු මේ"

 යන මන්ත්‍රයෙන් 108 වරක්‌ මතුරා මසකට වරක්‌වත් උදෑසන හිස්‌බඩ දරුවාට බීමට දීමෙන් මතක ශක්‌තිය ධාරණ ශක්‌තිය මතුවී අධ්‍යාපනයට ඔවුන් තුළ තිබෙන්නා වූ මැලිකම් දුරුවී සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට එය මහත් වූ ශාන්තිකර්¨මයක්‌ වනු ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment