ඡ්‍යොතිෂ දැනුමක් නැති කෙනෙකුට වුවද කේන්දරයබලා ගැනීමට | Gurukam.net - Gurukam.Net

Wednesday, April 8, 2020

ඡ්‍යොතිෂ දැනුමක් නැති කෙනෙකුට වුවද කේන්දරයබලා ගැනීමට | Gurukam.net



තමන්ගේ කේන්දරය ගෙන දිගහැර බැලීමෙන්  ඡ්‍යොතිෂ දැනුමක් නැති කෙනෙකුට වුවද  පලාපල බලා ගැනීමට හැකි වෙනු පිණිස මෙම ලිපි සකස් කිරීමට උත්සාහ ගෙන ඇත.මෙහි දක්වා ඇති කේන්දර සටහනෙහි මැද කොටුවේ ලග්නය සඳහන් වේ. ලග්න දොළසක් තිබේ. එම ලග්න දොළහෙන් කේන්දරයේ මැද කොටුව අයත් වන ලග්නයට හිමි ග්‍රහයා ලග්නාධිපති නම් වේ.

ඒ අනුව මේෂ / වෘශ්චික ලග්න දෙක කුජ ග්‍රහයට ද වෘෂභ / තුලා ලග්න දෙක සිකුරු ට ද මිථුන / කන්‍යා ලග්න දෙක බුධට ද කටක ලග්නය චන්ද්‍රයාට ද සිංහ ලග්නය රවීට ද ධනු / මීන ලග්න දෙක ගුරුටද මකර / කුම්භ ලග්න දෙක ශනිට ද අයත් වේ. ලග්න භාවයෙන් ශාරීරික පෙනුම, දේහ විලාශය නීරෝගිකම, චරිත ලක්ෂණ, ශරීර ශක්තිය, නුවණ, ආයුෂ, යෝග්‍ය රැකියාව, අභිමානය, ශරීරයේ උඩ කොටස හිස හා මුහුණ ලග්නයට අයත් වේ.

ලග්නාධිපති ලග්නයේම තැන්පත් වූ විට:අනුන්ගෙන් ලැබෙන උදව් උපකාර ගැන නොසිතා ස්වකීය කටයුතු උසස් අන්දමින් කිරීමේ හැකියාවක් ලබයි.උත්සාහවන්තයි. උපන් තත්ත්වයට වඩා උසස් තත්ත්වයක් ඇති කර ගනී. ආත්ම ගෞරවය ආරක්ෂා වෙන අන්දමට කටයුතු කරයි. ජය පරාජය දෙකටම ඔරොත්තු දෙයි. ලග්නාධිපති ලග්නයේම තැන්පත් වූ විට අරිෂ්ට යෝග මැඩ පැවැත්වේ.

ලග්නාධිපතියා ශුභ සෞම්‍ය ග්‍රහයෙක් නම් ඉතා හොඳ ගුණයෙන් යුත් තැන්පත් ගති පැවතුම් ද කෲර ග්‍රහයෙක් නම් සැඩ පරුෂ තද ගති ලක්ෂණ ද ඇති දරුණු දේට පෙළඹෙන ජන්මියෙක් වීමට ද ඉඩ තිබේ.ලග්නාධිපති පාප ග්‍රහ දෘෂ්ටිවලට හසු වූවොත් ශුභ ගති වෙනස් වෙනු ඇත.

ලග්නාධිපති දෙවැන්නේ නම් :

බොහෝ විට සිල්වත් ධාර්මික ගති ඇති වෙයි. ඉපයීම ගැන නිතරම සිතයි. නමුත් අධාර්මික නොවේ. තමන්ගේ හා තම නිවසේ වැඩ කටයුතුවලට මුල්තැන දෙයි.
කතාවට දක්ෂ වේ. එක දෙයකින් වරැදුණොත් තවත් දෙයක් ආරම්භ කරයි.
ලග්නාධිපති තුන්වැන්නේ නම්:

තමන්ගේ තීරණවලට අනුව කටයුතු කිරීමට පෙලඹෙන අතර තීරණ ගැනීමට බොහෝ කල්ගත වේ. සතුරන් මැඩ පැවැත්වීමට හැකි වේ.
ආරම්භ කළ වැඩක් අසාර්ථක වූවොත් අධෛර්යමත් නොවී වෙනත් දෙයක් කරන්නට යොමු වන්නකි.
බාල අවධියේ පටන්ම හම්බ කිරීමට උනන්දු වන්නෙකි. ඉගෙණීමට කැමති වෙයි. තුන්වන්නේ රවී නම් උසස් අධ්‍යාපන වරම් ලැබිය හැකිය.

සඳු, බුධ, ගුරු, ශුක්‍ර වැනි ශුභ ග්‍රහයෙක් තුන්වැන්නේ වී නම් බාහිර අලංකාරයට පිරිසුදුකමට ප්‍රිය වෙයි.



ලග්නාධිපති සවුවැන්නේ නම් :

දෙමව්පියන්ට සලකන අතර මවට විශේෂ ලැදිකමක් ඇතිවේ. ගේ දොර ඉඩකඩම් යාන වාහන පවා හිමි වීමට ඉඩ තිබේ. අනුන්ගේ සිත් නොරිදවයි. සාමයෙන් සමගියෙන් වැඩ කිරීමට වැඩි කැමැත්තක් ඇති වේ. කලබල වැඩවලට අකමැති වේ. ලග්නාධිපති පස්වැන්නේ නම් : අධ්‍යාපන කටයුතුවලට දක්ෂකම් ඇති විය හැකිය. දමනය වූ සිතක් ඇති විය හැකිය. හික්මීමෙන් කටයුතු කරයි.

අනුන්ට කරදරයක් ඇති නොවන සේ කටයුතු කිරීමට නිතරම සිතයි. තමන්ගේම අත්දැකීම් තුළින් අනාගතය ගැන තීරණයකට එළැඹීමට හැකි ජන්මියෙකි.

පස්වැන්නේ කුජ නම් දරුවන්ට අපට යෙදිය හැක. විශේෂයෙන් පළමු පිරිමි දරුවා මාරක අපල යෙදීමට ඉඩ තිබේ. බොහෝ විට සූදු ක්‍රියාවලින් දිනුම් ලැබීමට ඉඩ යෙදිය හැකිය.

ලග්නාධිපති හයවැන්නේ නම් :

උපායශීලීව සතුරන් මැඩලීමට හැකි වෙයි. නිරෝගී වේ. සුරතල් සතුනට කැමති වේ. පවුලේ අනිත් අයට වඩා තත්ත්වයක් ඇතිව ජීවත්වීමට උත්සාහ ගනී.

ලග්නාධිපති හත්වැන්නේ නම් :

තමාගේ භාර්යාවට අගුණයි. විවාහ ජීවිතය කරදරයකට පත්වීමට ඉඩ තිබේ. කුජ හෝ ශනි හත්වැන්නේ නම් අපල යෙදීමට බල වැඩිය.

සමහර විට පුරුෂ වීර්්‍යය හීන විය හැකිය. බොහෝ විට සහකරුගේ හෝ සහකාරියගේ බස්වලට අනුව කටයුතු කිරීමට පෙළඹිය හැකිය.

රජකමට හෝ සිඟමනට යෝග්‍ය පිහිටීමක් බව ඡ්‍යොතිෂයේ සඳහන් වේ.

No comments:

Post a Comment