අගිලි පුරුක් තුලින් හෙලිවන ජීවන රහස් | Gurukam.net - Gurukam.Net

Thursday, April 16, 2020

අගිලි පුරුක් තුලින් හෙලිවන ජීවන රහස් | Gurukam.net



අතේ ඇඟිලි එකකට එකක්‌ සමාන නොවන්නාසේම එක්‌ එක්‌ අයගේ ඇඟිලි පිහිටි ආකාරය අනුවද එක්‌ එක්‌ අයගේ ගතිගුණ මෙන්ම ජීවන රටාවන්ද විවිධාකාරය සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි.

අතේ ඇඟිලි දබරැඟිල්ලේ සිට සුළඟිල්ල දක්‌වා ඇඟිලි හතර පටන් ගන්නා ස්‌ථාන (ඇඟිලි මුල) එක පේළියට හෙවත් එකම මට්‌ටමට තිබීම ශෝභන දැක්‌මක්‌ වගේම එය සමාජයේ උසස්‌ තත්ත්වයකට පත්වන අයගේ අත්ල මත දැකිය හැකි ලක්‍ෂණයකි. බොහෝ අයගේ අත්ලේ මෙම ඇඟිලි ආරම්භ වන කොටස ආරක්‌කුවක හැඩය ගනී.

 එය අශුභ ලකුණක්‌ නොවූවත් එයින් ඇතිවන සුභඵලයක්‌ද නැත. සමුද්‍ර සෘෂිවරුන් පෙන්වා දෙන පරිදි අතේ ඇඟිලි වනාහි විශ්වයේ ඇති ග්‍රහයන්ගේ චලන ශක්‌තීන් රැස්‌කර ගන්නා ඇන්ටනාවක්‌ බඳුය. අත්ලේ ඇඟිලි පහ ග්‍රහයින් පස්‌ දෙනකුට අයත් වෙයි. ප්‍රධාන ඇඟිල්ල හෙවත් මහපටැඟිල්ල සහ ග්‍රහයන් පස්‌ දෙනෙකු අයත් සිකුරුගේ හා කුජගේ බලයත් දඹරැගිල්ල ගුරු ග්‍රහයාගේ බලයත් මැදඟිල්ල සෙනසුරුගේ හෙවත් ශනිගේ බලයත්, වෙදගිල්ල රවි ග්‍රහයාගේ බලයකුත් සුළැඟිල්ලට බුද ග්‍රහයාගේ බලයත් පෙන්නුම් කරයි.

 සඳු හෙවත් චන්ද්‍රයාට ඇඟිල්ලක බලයක්‌ නැතත් චන්ද්‍රයා හිරුගේ බලයෙන් දීප්තිය ලැබීමෙන් අන් සියලු ඇඟිලිවලින් මිනිස්‌ සිරුරට එන ශක්‌තීන් අත්ල් චන්ද්‍ර මණ්‌ඩලය තුළ ඇති කරයි. දබරැඟිල්ලේ නිය සහිත පුරුක මේෂ රාශියටද, මැද පුරුක වෘෂභ රාශියටද මුල පුරුක මිථුනයටද, මැදඟිල්ලේ මුදුන් පුරුක මකර යටද, මැද පුරුක කුම්භයටද මුල පුරුක මීනයටද, වෙදඟිල්ලේ මුදුන්පුරුක කටකයටද, දෙවැනි සිංහයටද, මුල පුරුක කන්‍යා රාශියටද, සුළඟිල්ලේ මුදුන් පුරුක තුලාවටද, මැද පුරුක වෘශ්චිකයටද මුල පුරුක ධනු රාශියටද අයත් වේ.

ඇඟිලි අතරින් සුවිශේෂ ස්‌ථානයක්‌ මහපටඟිල්ලට හිමිවෙයි. සිකුරු මණ්‌ඩලයෙන් ඇරඹෙන මහපටඇඟිල්ල සිකුරු ග්‍රහයාට අයත් වේ. පහසුවෙන් නොනැමෙන සුළු මහපටැඟිල්ලක්‌ පිහිටීම දැඩි ආත්ම ශක්‌තියක්‌ ඇති කුමන ප්‍රශ්නයක්‌ හමුවේ වුවත් නොසැලෙන අයෙක්‌ පෙන්නුම් කරයි. ඉතා ගෞරවනීය ලෙස ජීවිත ගතකරන අයගේ අත්වල මෙවැනි ආකාරයේ මහපට ඇඟිල්ලක්‌ පිහිටයි.

මහපට ඇඟිල්ලේ නිය සහිත පුරුක මැදපුරුකට වඩා දිගුවුවහොත් බුද්ධියට වඩා අධිෂ්ඨානයෙන්, ධෛර්යයෙන් දියුණුව සලසා ගනී. මැද පුරුක නිය සහිත පුරුකකට වඩා දිගු වුවහොත් කාර්යශූර නොවන කුසීන බවක්‌ පෙන්නුම් කරයි. මහපටැඟිල්ලේ අග පුරුද දබරැඟිල්ලේ මුල පුරුකට වඩා දිගුවුවහොත් අධිෂ්ඨාන ශක්‌තියත් තර්ක ශක්‌තියත් මනාව ප්‍රකට කරන අතර මුල පුරුකට වඩා කෙටි වුවහොත් බුද්ධි හීනවේ. මහපටැඟිල්ලේ අග මුදුන දබරැඟිල්ලේ දෙවන පුරුක්‌ ස්‌පර්ෂ වේ නම් හෙතෙම ශිල්ප ශාස්‌ත්‍ර විවිධ කර්මාන්තයන්හි ප්‍රවීණයෙක්‌ වෙයි. මහපටැඟිල්ලේ නිය සහිත පුරුක මැද පුරුකට සමානව දිගු නම් බුද්ධියෙන්, අධිෂ්ඨානයෙන් සමාන බුද්ධිමත් අයෙකු වේ.

ගුරු ග්‍රහයාට හිිමි දබරැඟිල්ල ශක්‌තිය, බලය, ධෛර්ය ආදී ගුණයන් ප්‍රකට කරයි. දබරැඟිල්ලේ නිය සහිත පුරුක මනාව වැඩී ඇත්නම් චිත්ත ශක්‌තිය බලය ආධිපත්‍ය්‍ය ආදී ගුණයන් මනාව පිහිටයි. දබරැඟිල්ලේ දෙවන පුරුක හෙවත් මැද පුරුක නිය පුරුකට වඩා මනාව දිගුව වැඩී ඇත්නම් ගෞරවනීය පුද්ගලයකු වේ. දබරැඟිල්ලේ අල්ලට යාව ඇති පුරුක අනෙක්‌ පුරුක්‌ දෙකට වඩා මනාව පිහිටියේ නම් ඉඳුරන් පිනවීමේ ආශාව බලවත් වන අතර ළමුන් අන්‍යයන් අතර කැපී පෙනීමට උත්සාහ කරන අය වෙති.

සෙනසුරු ග්‍රහයාගේ ගුණයක්‌වන ස්‌ථානෝචිත බව, ඉවසීම, චිත්ත ශක්‌තිය ආදී ලක්‌ෂණ මැදඟිල්ල තුළින් මූර්තිමත් කෙරේ. එමෙන්ම එම අයගේ ඥානය, අධ්‍යාපනය, ආගම, දහම කෙරෙහි ඇති විශ්වාසය දක්‌වන්නේ ද මැදැඟිල්ලෙනි. එම ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුක අනිත් පුරුක්‌ දෙකට වඩා දිගින් වැඩිනම් හෙතෙම තද මසුරුකමින් යුතු අයෙක්‌ විය හැක. එසේම ඊර්ෂ්‍යාවෙන්, කුහකකමෙන් පිරුණු අයෙකු ද වෙයි. සාමුද්‍රික ශාස්‌ත්‍රයට අනුව දෙවැනි පුරුක අනික්‌ පුරුක්‌ දෙකට වඩා දිග නම් එය සුභදායකය. එබඳු අයට වැවිලි කර්මාන්ත වගා කටයුතු හා සත්ත්ව පාලන කටයුතුවලින් දියුණු විය හැක. මැද පුරුකේ කොඩියක ලකුණක්‌ පිහිටා ඇතිවිට හදිසි ධන ලාභ ලැඛෙන බවද සඳහන්ය. මැදඇඟිල්ලේ සෘජුව විහිදුන රේඛාවක්‌ දර්ශනය වේ නම් හේ හැමවිටම ජයග්‍රහණ ලබයි.

වෙදැඟිල්ල තුලින් විචාර බුද්ධිය කලාකාමිත්වය, ජයග්‍රහණය කරුණාව, ගෞරවය ආදී ගුණාංග සංකේතවත් කරයි. වෙදැඟිල්ල දබරැඟිල්ල තරමටම දිගු වුවහොත් අධික ආශා ඇත්තෙකු වෙයි. හදිසි ධන ලාභ, ලොතරැයි ආදියෙන් ජය ගැනීමට උනන්දුවක්‌ දක්‌වන අයෙකුද එමගින් පෙන්නුම් කරයි. වෙදැඟිල්ල මැදඟිල්ල තරමටම දික්‌වුවහොත් කලබලකාරී පැවතුම් නිසා තම ජීවිතය අවුල්කර ගත්තෙක්‌ වෙයි. ඉක්‌මන්කාරී බව නිසාම බොහෝ දේ නැති කරගනී. මෙම ඇඟිල්ල කෙටිනම් කලාකාමී අදහස්‌ නොමැති උදාසීන බවක්‌ ප්‍රකට කරයි. මෙම ඇඟිල්ලේ දෙවන පුරුක අනෙක්‌ පුරුක්‌ දෙකට වඩා දිගු නම් මූර්ති ශිල්පය, කැටයම් කලාව බතික්‌ කලාව ආදියෙහි දක්‌ෂතාවක්‌ පෙන්නම් කෙරේ. වෙදැඟිල්ල කෙටිවීම සුබ නොවන අතර එමගින් ආත්මාර්ථකාමී කුහක පුද්ගලයකු හඳුන්වා දෙයි.

සුළැඟිල්ලේ හැඩරුව හා පිහිටීම අනුව යමෙකුගේ ප්‍රකෘති ස්‌වභාවය, චිත්ත ශක්‌තිය, ක්‍ෂණික කෝපය, කථාවෙහි දක්‌ෂතාවය, උද්‍යෝගය ආදී කරුණු විනිශ්චය කළ හැකි වේ. සුළැඟිල්ල වෙදැඟිල්ලේ නිය සහිත පුරුක ඉක්‌මයැම ඉතා සුබ ලක්‌ෂණයකි. දික්‌වූද, මනාව වැඩි නොවූ සුළැඟිල්ලක්‌ ඇත්නම් හෙතෙම ධනවතෙක්‌ බවට පත්වේ. දක්‌ෂ ලේඛකයෙක්‌, කතිකයෙක්‌ හෝ දියුණු ව්‍යාපාරිකයකු විය හැකිය. සුළැඟිල්ල කෙටි වූයේ නම් උපායශීලී නොවන කථාවෙහිද දක්‌ෂතාවයක්‌ නොපෙන්වයිමානසිකත්වයද දුර්වලය.

 සුළැඟිල්ලේ නිය සහිත පුරුක දික්‌ව මනා ලෙස වැඩී තිබීම ක්‍රියාශීලී බව පෙන්වයි.

 නිතර කාර්යන්හි යෙදෙන ඔවුන් නිකරුනේ කාලය ගතකරන්නෙකු නොවේ.

 චතුර ලෙස කතා කිරීමේ දක්‌ෂතා ඇති ඔවුන් අසන්නන්, වසඟකිරීමෙහි සමත් වන්නකු වෙයි.

සුළැඟිල්ල වෙදැඟිල්ල තරමටම දික්‌වුවහොත් දාර්ශනිකයෙක්‌ හෝ ප්‍රඥාවන්තයෙක්‌ වේ.

අතෙහි වෙනත් ලක්‍ෂණ අශුභ නම් ප්‍රයෝගකාරයෙක්‌ විය හැක.



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment