ඔබේ අනාගතය ලියා ඇති කේන්දරය | Gurukam.net - Gurukam.Net

Monday, April 27, 2020

ඔබේ අනාගතය ලියා ඇති කේන්දරය | Gurukam.net


උත්පත්තියේ සිට කිසියම් අවධියක්‌ වන තුරු මිනිසාට පරපෝෂිතයෙක්‌ව හැදීමට, වැඩීමට සිදුවෙනවා

. ළමාවිය හසුරුවන්නේ වැඩිහිටි බලවේග. ඔවුන්ගේ අදහස්‌, උදහස්‌, නීතිරීති, මතිමතාන්තර, ඇදහිලි හා පිළිගැනීම්වලට අනුව දරුවා එම කාලය ගත කරනවා.

තුරුණුවිය නැතහොත් වසන්ත කාලය පැමිණීමත් සමඟ මේ තත්ත්වය වෙනස්‌ වෙන්න පටන් ගන්නවා. තමන් තවදුරටත් පරපෝෂිතයෙක්‌ නොවිය යුතු බවත්, තමන්ට යමක්‌ සිතීමේ කිරීමේ හැකියාවක්‌ ඇති බවත්, ඒවා ක්‍රියාත්මක කළ යුතු කාලය මේ බවත්, ඔහුට හෝ ඇයට සිතෙන කාලයයි මේ.

 . ඔබ මෙලොවට බිහිවන අවස්‌ථාවේ ග්‍රහචාරය සටහන් කෙරුණු අහස්‌ සිතියමක්‌ හෙවත් ජන්ම කේන්ද්‍රයක්‌ ඔබට තිබේ. ඔබට ඇති ශක්‌තිය, වාසනාව, උරුමය, හැකියාව, බාධක, අභියෝග මෙන්ම කාලවකවානු ද මෙහි සටහන්ව ඇති බව ඔබ දන්නවාද? මේෂ, වෘෂභාදී ලග්න දොළසින් කිසියම් ලග්නයක්‌ ඔබට හිමිවන අතර, ලග්නයට සුවිශේෂී වූ ගුණාංගයන් බොහෝ වෙයි. එය ඔබේ උරුමයකි. එම ගුණාංග ඔබට උරුම ඒවා වේ. එමෙන්ම ඔබ පිටුපස සෙවනැල්ලක්‌ මෙන් සිටින ඔබට අවශ්‍ය මානසික කායික ශක්‌තියක්‌ දෙන, මරණය දක්‌වා ඔබෙන් ඈත් නොවන, ඔබටම විශේෂ වූ කල්‍යාණ මිත්‍ර ලග්නාධිපති සෑම විටකම ඔබ ළඟම වෙයි.

ලග්නාධිපති කොතැන කොහොම හිටියත් බලවත්ය. තෙදවත්ය. තාවකාලිකව වෙනත් ග්‍රහයෙකු ලග්න කොටුවේ ලැගුම් ගත්තත් ලග්නයේ නියම අයිතිකරු ඔබ දෙස සුපරීක්‌ෂාකාරීව සිටින අතිජාත මිතුරා වෙයි. ඔබේ ගැලවුම්කරු වන්නේද, ඔබේ ශක්‌තිය වන්නේද, ඔබේ අනාගතය වන්නේද ඔබේ ලග්නයයි. ඔබේ ලග්නාධිපතියි. එක්‌ එක්‌ ජන්මියාගේ ලග්නය මෙන්ම ලග්නාධිපති ග්‍රහයාද එකිනෙකාට වෙනස්‌ වෙයි. ගතිගුණ, ශක්‌තියේ ස්‌වභාවය, ක්‍රියාකාරීත්වයේ වේගය වෙනස්‌කම් සහිතව වෙයි.

කුමන වෙනස්‌කම් පැවතියද ලග්නාධිපති ඔබගේ කාර්යයේ පෙරමුණු ගනී. ලග්නාධිපති ඔබට අවශ්‍ය ශක්‌තිය, ආත්ම විශ්වාසය ලබාදීමට ඇප කැපව සිටින හෙයින් ඔබ කිසිවිටෙක දුර්වල යෑයි නොසිතන්න. ඔබගේ කළණ මිතුරු ලග්නාධිපති කෙරෙහි විශ්වාසය තබන්න. ඔහු රවි විය හැකිය. කුජ විය හැකිය. සඳු විය හැකිය. ඔහු ඔබ වැටෙන විට උදව් කරන, බාහිර බාධකවලින් ඔබ මුදවන එකම ගැලවුම්කරුවාය. මේ බව මොහොතකටවත් අමතක නොකරන්නේ නම් ඉදිරි අභියෝග සියල්ල ජයගෙන සාර්ථක ගමනක්‌ යා හැකිය. යොවුන් වියට පා තබන ඔබට ස්‌වාධීනව යමක්‌ සිතීමට, එමෙන්ම යමක්‌ ක්‍රියාත්මක කිරීමට යැමේදී මුහුණදෙන අභියෝගය රැකියාවයි.

එය කුමන හෝ කර්මාන්තයක්‌, ව්‍යාපාරයක්‌ විය හැකිය. මෙහිදී ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපතීත් 10 වැන්නත් 10 වැන්නේ සිටින ග්‍රහයන්, ග්‍රහ දෘෂ්ටි, ග්‍රහ සංයෝග, වෙනත් ග්‍රහ පිහිටීම්, රැකියාව, ව්‍යපාරය පිළිබඳව යම් යම් ඉඟි සපයන අතර, ඒවා ඔබට මඟ පෙන්වන සංඥ පමණකි.

දැඩි ආත්ම විශ්වාසයෙන්ද, දැඩි ආත්ම ශක්‌තියෙන්ද පිරිපුන් අයෙකුට ඒ මඟ ඔස්‌සේ විශ්වාසයෙන් යුතුව, උපයාශීලීව උරුමය කරා ළඟා වීමට පුළුවන්. රැකියාවේ උරුමය සොයා යන ගමනේදී විවිධ බාධක, අභියෝග ඉදිරියට ඒම සාමාන්‍ය දෙයක්‌. එවැනි අවස්‌ථාවන්හිදී ඔබ සැලේ නම්, මන්දොaත්සාහි නම් ඔබ ඔබේ ලග්නාධිපති ග්‍රහයාගේ දොaෂ දර්ශනයට ලක්‌වීම වළක්‌වන්න කාටවත් බෑ. මේෂයෙහි උපන් ඔබගේ ලග්නාධිපති සටන්කාමී කුජය. වේගවත්ය. රජස්‌ හෙවත් ක්‍රියාකාරීය. ඕනෑම තැනක ප්‍රධානියා වීමට උත්සාහ කරන ඔබ ප්‍රමාදය නොඉවසන්නෙකි.

 කර්මස්‌ථානය හෙවත් රැකියා ස්‌ථානය සෙනසුරු අධිපති මකරයයි. රජස්‌ ගුණයෙන් යුක්‌තයි. මේෂ ලග්න හිමියන්ට දරා ගැනීමේ ශක්‌තිය ඉහළින්ම තිබෙන නිසා එවැනි රැකියා අවස්‌ථා උරුමයි. ආරක්‌ෂක සේවා, වෛද්‍ය, නීතිඥ, මිනින්දොaරු, ආයුධ ආශ්‍රිත, සත්ව කර්මාන්ත මෙවැන්නන්ට උරුමය.

දරා ගැනීමේ ශක්‌තිය ඉහළ හෙයින් එවැනි රැකියාවල නිරත වීමටත්, ධනය ඉපැයීමටත් මේෂ ලග්න හිමියා සූරයෙක්‌. තේජෝ ත්‍රිකෝණයේ අයිතිවාසිකම්ද සහිත හෙයින් සෑම අංශයකින්ම ඉක්‌මන් සුබ පලම ඇති කරයි. වෘෂභ ලග්න හිමියා ආත්මාර්ථකාමීත්වයෙන් යුක්‌තය. ව්‍යාපාර කටයුතුවල දක්‌ෂයෙක්‌. ලග්නාධිපති සිකුරු 10 වැන්නාධිපති සෙනසුරු. මුදල් ආයෝජනයට සුදුසුයි. විසිතුරු කර්මාන්ත, භාණ්‌ඩ නිෂ්පාදන, බැංකු කටයුතු, සංගීත, කලා, කෘෂිකර්මාන්තාදියෙන් සාර්ථක වීමට පුළුවන්. එවැනි දැ අතුරින් ව්‍යාපාරික ලෝකයේ ඉදිරියට යැමට ශක්‌තිය වෘෂභ ලග්න හිමියා සතු වෙනවා. අවංක භාවය, විනයගරුක බව නිසා තමාට උරුම ක්‍ෂේත්‍රයේ බොහෝ කල් රැඳී සිටින්නට පුළුවන්. දූරදර්ශීය. අරපරිස්‌සම් සහිතය.

 මිථුන ලග්නයෙන් උපන් ඔබගේ 10 වැන්න ගුරු හිමි මීනය. ගෞරවනීය රැකියාවකට ඔවුන් උරුමකම් ලබනවා. ගුරු දහවැන්නේ මානසික ශක්‌තියෙන් ඉහළ අයෙකු සඳහා සුදුසු උපදේශන, දේශක, ගුරු, ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, නීතිය රැකියා ඔබට උරුමයි. රැකියාව, ව්‍යාපාරය හෝ ස්‌ථානය නිතර නිතර වෙනස්‌ කිරීම නිසා යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමට පුළුවන්.

 කටකයේ ප්‍රධානියා සඳුය. 10 වැන්න මේෂය අධිපති කුජය. සඳු සෞම්‍යයි. එහෙත් කුජ පාපී වුවද 10 වැන්නට දිග් බලයි. දහවැන්නේ මේෂ රාශිගත කුජ ස්‌වක්‍ෂේත්‍ර වීමෙන් ගජකේෂරී නම් යෝගය උදා කරයි. රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත රැකියා, වෙළෙ¹ම්, ජලය ආදිය රැකියා, භූමි ආශ්‍රිත රැකියා ව්‍යාපාර, ධීවර, නාවුක රැකියා ව්‍යාපාර, සිසිල්බීම, මත්පැන් නිෂ්පාදනය, වෙළෙ¹ම හා ඒ ආශ්‍රිත රැකියා කටක ලග්න හිමියාගේ උරුමයන්ය.

 සිංහ ලග්න හිමියාගේ ලග්නාධිපති බලවත් රවි, තෙජෝ රාශියක්‌ 10 වැන්න සිකුරු හිමි වෘෂභයයි. සිංහ හිමියා තේජෝ ත්‍රිකෝණයට හිමිකම් කියනවා. එය ශුභඵල දීමේ බලවත්ම ස්‌ථානයයි. මේ ශක්‌තියත් එකතු වුණාම සිංහ ලග්න හිමියා සුපිරි බලවතෙක්‌. රාජ්‍ය සේවයත්, ව්‍යාපාරික ක්‍ෂේත්‍රයත් දෙකම ඔවුන්ට උරුමයි. සිනමාව, සංගීතය, නාට්‍යය, මාධ්‍ය ක්‍ෂේත්‍රයන්හි ව්‍යාපාර හෝ රැකියා මේ අයට ලැබීම සහතිකයි. ඒවායේ ප්‍රධානීන් වීමට ලග්නාධිපතිගේ බලපෑම ඉහළයි.

 කන්‍යා ලග්නයේ 10 වැන්න මිථුනය. අධිපතීන් දෙදෙනාම බුධ. ලග්නයේ බුධ දහවැන්න වඩා බලවත්. එන එන ඕනෑම බෝලයකට හතරේ, හයේ පහරක්‌ දිය හැකි පිහිටීමක්‌. හැරෙන හැරෙන පැත්තට සුදුසු මුහුණක්‌ සහිත ජන්මියෙකු මෙතනදී පෙන්වනවා. දේශපාලනයට බොහොම හොඳ පිහිටීමක්‌. පහළින් පටන් ගෙන ඉහළට යැමට ශක්‌තිය මෙවැන්නන් ළඟ තියෙනවා. ඕනෑම වෙළෙඳාමකට, ව්‍යාපාරයකට, රැකියාවකට සුදුසුකම් තිබුණත් වාණිජ ක්‍ෂේත්‍රයේ සාර්ථකත්වය ඉහළයි. වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි, රාජ්‍ය අංශයේ ඉහළ තනතුරුවලට මිථුන ලග්න හිමියා උරුමකම් ලබයි. අවශ්‍ය අනෙකුත් සාධක (අධ්‍යාපනය වැනි) සපුරාලන ජන්මියාට ක්‍ෂේaaaත්‍රයේ ඉහළටම යැමට ලග්නාධිපති හා දහවැන්නාධිපති උදව් කරයි.

 තුලාවේ ලග්නාධිපති සිකුරු. දහවැන්න සඳු හිමි කටකය. දෙදෙනාගේ ස්‌ථිර නිවහන 4 වැන්න. දෙදෙනා එතනට දිග්බලයි. කේන්ද්‍රස්‌ථානයක්‌ වූ 10 වැන්නේ සිටින සඳු හතරවැන්න දකිනවා. නිර්මාණාත්මක හැකියාවන්ට මුල්තැන දෙන ක්‍රියාවන්, ව්‍යාපාරයන් මේ අයට සුදුසුයි. ලග්නාධිපති සිකුරුට මෙන්ම 10 වැන්නාධිපති සඳුට වෙනස්‌ වන ලෝකය පිළිබඳව ඉව තියෙනවා.

රැකියාවක නම් එහි කටයුතු අදටත් වඩා හෙට දවසට ඔබින ලෙස, නිෂ්පාදනයක්‌ නම් හෙට දවසේ ඉල්ලුමට සරිලන ලෙස සකස්‌ කිරීමේ අදහස්‌ හා සිතුවිලිවලින් යුත් ශූර ව්‍යාපාරිකයෝ, වෘත්තිකයෝ මෙවැනි පිහිටීම් සහිතයි. මානසික ශක්‌තිය මෙන්ම එහි සමබරතාවය ඇති හෙයින් ව්‍යාපාරික ලෝකයේ ජයග්‍රාහකයන් මෙතනදී බිහිවෙනවා. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ඉහළ සාර්ථකත්වයක්‌ ලබන්නට පුළුවන්.

 වෘශ්චිකයේදී දහවැන්න සිංහය. ලග්නාධිපති කුජ 10 වැන්න අධිපති රවි, ආපෝ, තේජෝ එකතුවක්‌ අහංකාරයි. ඒ නිසාම ගැටුම්කාරීයි. අනුන් යටතේ කරන රැකියාවලට වෘශ්චික ලග්න හිමියා අපොහොසත්ය. රවි, කුජ දෙදෙනාම අනුන්ට යටත් වීමට අකමැති, තම මතයේම එළඹ සිටිනා ග්‍රහ දෙපොළක්‌ බැවින් රැකියාවක නියුතු වූවත්, නොසන්සුන් බව, නොඉවසීම, අසතුටින් කාලය ගත කිරීම වැනි ලක්‌ෂණ දකින්නට පුළුවන්.

එහෙත් ව්‍යාපාර ලෝකයට මෙවැන්නන් සුදුසුකම් ලබනවා. ඉන් ධනලාභියෙකු වීමට පුළුවන්. පුපුරණ ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය, ඖෂධ නිෂ්පාදනය, වෙළෙ¹ම, ධනෝපායන වෙළෙ¹ම් වන්නේ නම් සාර්ථක වීම අනිවාර්යයි.

 ධනුවේ ලග්නාධිපති ගුරු තේජෝ බලැති සත්ව ගුණයට අධිපති රාශියක්‌. 10 වැන්න බුධ හිමි කන්‍යාව. පඨවි රාශියක්‌. දරා ගැනීමේ ශක්‌තියෙන් අනූනයි. එකම කාර්යයකින් සෑහීමකට පත් වෙන්න අපහසුයි. ඒ නිසා තමා කරන දෙය වෙනස්‌ කිරීමට උත්සාහ ගන්නේ ඊට වඩා දෙයක්‌ කළ හැකි යෑයි යන සිතුවිල්ලෙන් කටයුතු කිරීම මෙවැන්නන්ගේ ස්‌වභාවයක්‌. ගත වෙහෙසීමෙන් තොර රැකියාවක හෝ ව්‍යාපාර කටයුතුවලින් ධනය ඉපයීමට හොඳ පිහිටීමක්‌. රජයේ රැකියාවක්‌ ව්‍යාපාර ලෝකයක්‌ මොවුන්ට උරුමයි.

 මකරයේ 10 වැන්න තුලාවයි. ඉක්‌මනින් යමක්‌ පැතිරවීමේ ශක්‌තිය ඇති පඨවි හා වායෝ රාශීන්හි එකමුතුවක්‌. ලග්නාධිපති ශනි දරා ගැනීමේ ශක්‌තියෙන් ඉහළයි. 10 වැන්නාධිපති සිකුරු පිළිවෙළට, ක්‍රමානුකූලව කටයුතු කිරීමට කැමැති ග්‍රහයෙක්‌. ඉහළ මට්‌ටමේ ව්‍යාපාරික ප්‍රජාවට හොඳ පිහිටීමක්‌. ක්‍රමානුකූලව, පියවරෙන් පියවර ව්‍යාපාරික ලෝකය ජය ගැනීමට මේ අය ඉතාමත් සුදුසුයි. අනෙකුත් ග්‍රහයන්ගේ තත්ත්වය අනුව රැකියාවක වුවද මුදුනටම යැමේ ශක්‌තිය, බලය ලග්නාධිපතීත්, දහවැන්නාධිපති සිකුරුත් සපයනවා. මෙවැනි අයට අනාගතය දකින්නට පුළුවන් නිසා බාධක මඟහැර ඉලක්‌කය කරා යැමට හැකියාව තිබෙනවා.

 කුම්භ ලග්න හිමියාගේ ලග්නාධිපති සෙනසුරු ඉවසීම දරා ගැනීමට පුරුදු පුහුණු ග්‍රහයෙක්‌. 10 වැන්න කුජ අධිපති වෘශ්චික ආක්‍රමණශීලී, නිර්මාණාත්මක ග්‍රහයෙක්‌. තනි තීරණ රැකියාවේ ඉදිරි ගමනට බාධාවක්‌. මහජන පාලනයට දක්‌ෂයි. ඉදිකිරීම් ක්‍ෂේත්‍රය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, කම්කරු ක්‍ෂේත්‍රය හා විද්‍යා අංශයන්හි රැකියා හෝ ව්‍යාපාරවලින් සාර්ථක ගමනක්‌ යා හැකියි.

 මීනයේ 10 වැන්න ධනු රාශීන් දෙකෙහිම අධිපති ගුරු ඥනයට, ධනයට, අධිපති ලග්නයේ හා දහවැන්නේ පතිත වීම ඉතාමත් බලවත්. ගුරු තැන්පත්, විචාරශීලී, සෞම්‍ය ග්‍රහයෙක්‌. අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වන රැකියාවක්‌ මෙවැන්නන්ට උරුමයි. අධ්‍යාපනය, මූල්‍ය අංශය, සෞඛ්‍ය සේවය, සමාජ සේවය හා සාහිත්‍ය කලා අංශයන්හි රැකියා හා ව්‍යාපාර අවස්‌ථාවලින් ඉදිරියට යැමට දහවැන්නේ ගුරු අවස්‌ථා උදා කරනවා.

 මේ ඔබගේ ලග්නය හා දහවැන්නාධිපති පෙන්වන හැකියාව හා උරුමය පිළිබඳ ඉඟිය.

                               එය රැකියාවක්‌ විය හැකිය. ව්‍යාපාරයක්‌ විය හැකිය. ඉඟි පවසන තතු තේරුම් ගැනීමේ ශක්‌තිය ලග්නාධිපති විසින් දෙනු ඇත. ක්‍රියාත්මක කිරීමේ වගකීම 10 වැන්නාධිපති භාරගනු ඇත.

ඔබ ඔවුන් අතරට යා යුතුය. ඔවුන් පෙළඹවිය යුතුය. ජයග්‍රහණය ඉතාමත් ඉක්‌මනින් ඔබ වෙත ළඟාවනු ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment