යන යන තැන ජය ගෙනගෙන සූර්ය මණ්ඩල යන්ත්‍රය | Gurukam.net - Gurukam.Net

Saturday, April 18, 2020

යන යන තැන ජය ගෙනගෙන සූර්ය මණ්ඩල යන්ත්‍රය | Gurukam.net


අන්ධයකු පයට පෑගුණු මැණිකේ අගය නොදන්නාක්‌ මෙන් අද මන්ත්‍ර විද්‍යාවද කොන් වී ඇත්තේ ව්‍යාජ මන්ත්‍රධාරීන් නිසා බව කිවහොත් නිවැරදිය.

භාරතීය හා දේශීය පුස්‌කොළපොත් බොහොමයක්‌ම කියවා බලා මෙරට ජනවාසීන්ට උචිත වන මන්ත්‍ර විධි දෘඪාධිෂ්ඨානයෙන් යුතුව පාඨක ඔබ අත මෙසේ තබන්නේ නැණවතුන්ට මෙයින් ඵල ලබා ගැනීමටය.කේසර සිංහ රජකු මෙන් ගිය තැන ජය ගන්නා මහා බල ඇති සූර්ය මණ්‌ඩල යන්ත්‍රය හා අඳුන ජ්‍යෙdතිෂ, මන්ත්‍ර, වෛද්‍ය යන ත්‍රි විද්‍යාවන් අෙන්‍යාන්‍ය සබඳකමින් වෙලී ඇති බව දත් පැරැන්නෝ මන්ත්‍ර විද්‍යාවට අයත් ලෝක වශී, සර්වජන වශී, ස්‌ත්‍රී පුරුෂ වශී, දේව වශී, මුඛ වශී ආදි විවිධ වශී ක්‍රමයන්ගෙන් විපුල ඵල ලබා ගෙන ඇති බව වීදාගම තොටගමු ජනකථාවලින් අපට හොඳින් පැහැදිලි වේ. රාජවශියට, තරගයට, සභාවට සර්වජන වශියට, වෙළෙඳ ව්‍යාපාර පවා ඔබේ දියුණුවට, ග්‍රහ නැකත් මරවේධ දුරුවීමට, නිවාස ආරක්‌ෂාවට, විවාහ බාධා මැඬලා යහපත් විවාහ ඇතිවීමට නඩුවට, යන එන තැන්වලදී කේසර සිංහ රජකු මෙන් ජය ලබන්න.

ධන ධාන්‍ය ලැබීමට, සිරියාව වැඩීමට ගිය තැන සම්මාන බුහුමන් ලැබී තම කටයුතු සඵල වීමට මෙම මහා බලගතු අඳුන හා යන්ත්‍රය වර්තමානයේ කෝටියකටත් වඩා වටින්නේය.

20 4අඳුන හා යන්ත්‍රයෙහි විස්‌තර මෙසේය.

 රන් රිදී යහුණු පස්‌ පසසුන් තතු සපුරා
 ගෝරෝචන සඳුන් පිනිදිය තෙල මොනරා
 සසඳ කපුරු රස දිය දිවිතෙල් එවරා
 තැඹිලි කොපුවේ පස්‌ තෙල් අඳුනෙහි තවරා

 අටමඟලෙට අට කොණ සිරි අට තබනූ
 අටමඟලේ මැද රිවි යතුරක්‌ තබනූ
 දෙපස සිරි විෂ්ණු ඉසිවර රුව තබනූ
 පස රන්දෙකග පා සඳරුව ඇඳ තබනූ

 පස්‌විධි පුදා යහනක්‌ පිට අඳුන්ගල සරා
 දින තිථි සුබ නැකැත් තුළ ඇඳ සහ යෝග කරා
 නිරුවත්වී කුජ රවි හෝරා ගෙන අඹරා
 ජපකරගත් තඹපතේ හරිමැද අඳුනද තවරා

 මේ සුරු යොදා වීසා, පුෂ නැකතින් සොඳුරු
 සොඳුරු සුරකලා ගෙල පළඳිනු මිතුරු
 මිතුරු වේය රජ යුවරජ දන වතුරු
 චතුරු ලෙස වසඟවේ ලොව තෙද පැතුරු

 උත්තර දෙනු තිලකලා නඩු කියන දින
 සත්තිර ලෙස ලඳුන් වසඟෙට දෙබැම ලන
 ගත්පෙර ඉසිවරුන් සබමැද වැඩ සිටින
 සත්ඉර පෑවූ ලෙස බබළයි තේජසින

 ඉතා දුර්ලභ මහා බල ඇති මන්ත්‍රය:

 ඕං හිං හිං රවින්ද යමකාල දේවතා වා පූර්වයම හීංකාර මරු දිෂ්ටි වර වර අග්නි සුර නැ`ගී මරු දිෂ්ටි වර වර යම්‍ය විජය යමරාජපුල දිෂ්ටි වර වර නෛරිත්‍යා ශ්‍රීං යමකාල දිෂ්ටි වර වර පශ්චිම විභූෂණ යම දේවරාජා දිෂ්ටි වර වර ව්‍යාබ්භ්‍යානං ශ්‍රී රාම යමකාල දේවතාවා දිෂ්ටි වර වර සෞම්‍යා රජගුරු යමනන්ද කාලයා දිෂ්ටි වර වර ඊශාන්‍ය ඉනද වෛකායක යමකාල රාජයා දිෂ්ටි වර වර ආකාශ සත්ත්‍රීන්දය යම රඡ්ජුරුවන්නේ දිෂ්ටි රාවයෙන් ජවි ජවි පාතාල භද්‍රකීල යම රඡ්ජුරුවන්නේ දිෂ්ටියෙන් ඡවි, ඡවි පංචාක්‍ෂරයට හිං හිං යමකාල දිෂ්ටි වර වර නැ`ගී නැ`ගී ත්‍රිඩ ත්‍රිඩ ත්‍රිංචි ත්‍රිsංචි දිරි දිරි හිං හිං බන්ද බන්ද භූමි ප්‍රලාඩ නෛරුත්‍ය නාරායනේ යම කාල දේව දේවා පුලයේරා මරු නැ`ගී පුර ප්‍රතාං කොණ්‌ඩු අෂ්ට යම දිෂ්ටි භූමි ප්‍රලඩ හිරන්කාම බන්ද හිර හිර විච්ඡාන් තෛල යාල කොංඩුං තේවර තේවින්ද ඉන්ද හර සුර රාජයම දිෂ්ටි දිෂ්ටි ග්‍රිං ග්‍රිං රං රං හූං හූං තේවින්ද නෛනාරායනේ ඌනාල් තෝංගු අටදිග් සොලදිග් යම හිං රාජ රාජතමේ තේ වින්දා නෛ නාරායනේ නමං... ඕං හිං යමකාල දේවාතාවා පුලයේරු මරු නැ`ගී සුඅක්‌සර යට හිංකාර මරු දිස්‌ටි දිෂ්ටි දිරි දං ඕං ග්‍රීං ග්‍රීං සුං සුං සුං මරු සූනියන් යමකාල දේවතාවා හිං හිං වේද දිරි දං ඕං ග්‍රීං කුජකාල යම දේවතාවා හිං හිං රවින්ද මරු නැ`ගී කැප දිෂ්ටි එන්ඩ ඛත්ත දිරි දං ඕං ග්‍රීං සරන්ද යම රාජ දේවතාවා දිෂ්ටිලා අක්‌ෂර දිෂ්ටි දිරි දං... ඕං ග්‍රීං ගුරු කාලි දිෂ්ටි කි නම් යමරාජ නන්ද රාජ යමකාල දේවතාවා හිං ක්‍රිං ක්‍රිං දිරි දං

 (108 වරක්‌ මතුරා ගන්න.)

 ජපය(- ඕං කාම දේවයා පුෂ්ප ඛනයා සර්වඥනයා සර්ව ස්‌තම්බෝගනයා හෝම් ඡවලජවල සකල ශ්‍රී පුරුෂ රාජ මෘග වාක්‌ෂ පක්‌ෂි සමුද්‍ර මෙධ්‍ය මොහේ මෝහේ මෝහච්චු මෝහට්‌ටු වින් උල්ලගේ එන් අඩක්‌කු කිල්වනංගි කෙඩෙක්‌ක ඒස්‌වාහඃ (108 වරක්‌ කියා ජප කරන්න.)

 කාව්‍යයෙන් දැක්‌වෙන අදහස - ගෙයක්‌ ගොමගා හෝ ගොම දියර ඉස උඩුවියන් බැඳ කන්‍යාශ්‍රයක්‌ වට ඇද අලු වෙන් බිම ඊශ්වර යන්ත්‍රය ඇඳ කහ හා සුවඳ පැනින් සේදූ අඹරන ගල පිට තබා එම අඳුන හා යන්ත්‍රය ඇඳ සුබ යෝගය ලැබූ ඉරිදාවක ඉහත කී ඖෂධ ගලේ ලා ජීවම් කරමින් අඹරනු.

පංචෝපවාර විධි සියල්ලම සකසා මල් බුලත් තටුව වෙනුවට ගලවටා මල් තටුව මෙන් සකක පුදතබා ඊශ්වර, විෂ්ණු, කන්ද කුමාර දැහැන් පංජර ආදියෙන් දෙවියන් සතුටු කරවා සුභ යෝගයකින් ආරම්භ කර අඳුන හා යන්ත්‍රය ගෙල පළඳින්න.

දුටු දුටු අය ප්‍රියංකර පසසා ගුණ කියති. ජය අත්වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment