කේන්දරයේ ලියැවී ඇති දරුවාගේ ළමාවිය | Gurukam.net - Gurukam.Net

Saturday, April 25, 2020

කේන්දරයේ ලියැවී ඇති දරුවාගේ ළමාවිය | Gurukam.net



                                          කේන්ද්‍රය හෙළි කරන ළමාවිය පිළිබඳ තොරතුරු හඳුනාගෙන කටයුතු කිරීමෙන් අනාගත ලෝකයට යහපත් වැඩිහිටියෙකු දායාද කිරීමේ පූණ්‍ය කර්මයට දායක වීමට ද අපට අවස්‌ථාව උදා වේ. අද දරු පරපුරේ හෙට දිනයේ අයිතිය ලස්‌සන විය යුතුය. හොඳ විය යුතුය. බුද්ධිමත් විය යුතුය. නිරෝගී විය යුතුය. එසේ වන්නේ දරුවාගේ ළමා විය පිළිබඳව තොරතුරු දැන කටයුතු කළහොත් පමණි. එම පැහැර හැරිය නොහැකි වගකීම පැවරී ඇත්තේ වැඩිහිටියන් වන අපටය. 

ළමාවිය පිළිබඳ තොරතුරු විමසීමේදී බුධ ග්‍රහයා ගැන ප්‍රමුඛ මෙන්ම වැඩි අවධානයක්‌ යොමු විය යුතුය. ළමා විය, අධ්‍යාපනය මෙන්ම කථනය (භාෂණය) පිළිබඳ කාරක අයිතිය බුධ ග්‍රහයා සතු හෙයිනි. 

මහ මොළය, පපුව, පෙණහැල්ල, අත්, දිව, මුඛය, ස්‌නායු පද්ධතිය, ස්‌වර ඉන්ද්‍රියන් ආදිය බුධගෙන් නියෝජනය වන්නා වූ ශරීරාංගයන්ය. මිනිස්‌ දිවියේ සරු හෝ නිසරු බව තීරණය කිරීමට බුධගේ බලපෑම තීරණාත්මක සාධකයක්‌ බව මින් පැහැදිලි වෙයි.ඕනෑම දෙමාපියෙක්‌ බිය වන, බිය විය යුතු ළමාවිය පිළිබඳව ප්‍රධාන දොaෂය බාලගිරි දොaෂයයි. 

සෞම්‍යයන් පාප රාශිගත වීම, පාප භාවගත වීම, පාපී නැකත් නියෝජනය, දෙක, තුන, හය, අට, දොළහ ග්‍රහයන්ගේ ස්‌වභාවය හා ක්‍රියාකාරීත්වය මෙවැනි අවස්‌ථා උදා කරයි. ඊට අමතරව විශේෂයෙන් බුධ හා සඳු දුබලවීම, පාප සංයෝග වීම, පාපපීඩිත වීම, පාපී දෘෂ්ඨි, පාපී නැකත්, පාපී ග්‍රහයන් ශුභයන් අභිබවා යැම, ලග්නාධිපති දුර්වල වීම, බාලගිරි දොaෂය උත්පාදනය කරයි.

මෙවැනි අවස්‌ථා අවම කිරීමේ, භංග කිරීමේ ග්‍රහ පිහිටීම් කේන්ද්‍රය තුළම සැඟවී තිබිය හැකිය. සුපරීක්‌ෂාකාරී විමසීමකින් මෙවැනි තත්ත්වයන් මතු කර ගත හැකි වීම වාසනාවකි. 

ලග්නාධිපති කේන්ද්‍රයක ප්‍රධානියාය. ප්‍රධානියා බලවත්ව ශුභයන් සමඟ යෝගව හෝ දෘෂ්ඨි ලබයි නම් ආයුබලය සහිතය. දෙවැනියා පුරසඳුය. පූර්ණ චන්ද්‍රයා කේන්ද්‍රයේ හෝ නවාංශකයේ උච්ච, ස්‌වක්‍ෂේත්‍ර කේන්ද්‍රස්‌ථානයක හෝ ත්‍රිකෝණස්‌ථානයක ශුභ දෘෂ්ඨි ශුභ සංයෝග ආදියෙන් යුක්‌ත නම් දරුවාගේ බාලගිරි දොaෂය පිළිබඳව ගැටලුවක්‌ නැත. ගුරු, බුධ, සිකුරු අශුභ දෘෂ්ඨි, අශුභ සංයෝග රහිත වේ නම් දරුවා ආයු බලැතිය. 

ගුරු බලවත්ව කේන්ද්‍රයක පිහිටීමද සියලු දොaෂ මඟ හැරවීමට තරම් ප්‍රබලය. දරුවෙක්‌ උපදින විට යම් උච්ච ග්‍රහයෙක්‌ කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණස්‌ථානගත වී නම් දරුවා නිරෝගීය.

 ආයුබලය සහිතය. ජන්මියා උත්පත්තියේදී රාහු ග්‍රහයා 3, 6, 8, 11 රාශියක සිටීමද, එම ග්‍රහයාට ගුරු, බුධ, සිකුරු, පුරසඳුගේ දෘෂ්ඨියක්‌ හෝ සංයෝගක්‌ ලැබේ නම් අරිෂ්ඨ දොaෂභංග වේ. රාහු, මේෂ, වෘෂභ හෝ කටක යන රාශියක නම් දරුවාගේ ආයුෂ පිළිබඳ බියක්‌ ඇති විය යුතු නැත.

බුධ දුබලවීම තමාගේ පාලනයට යටත් ශරීරාංගයන්හි මෙන්ම නියෝජනයන්ටද අහිතකර බලපෑම් ඇති කරයි. කථනාබාධ, ශරීරාබාධ, ශ්‍රවණාබාධ, මානසික ආබාධ, අක්‌ෂි දුර්වලතා, උදාසීනත්වය, අලසකම, අමතක වීම, සෙම් රෝග ඇති කිරීමට දුබල බුධ දායක වෙයි. 

දුබල වූ බුධ 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපති හා පාපී නැකැත්හි පතිත වීම, ඔහුගේම හා දශා, අන්තර් දශාවන්හිදී ශාරීරික, මානසික ආබාධ හා ඒවායේ රෝග ලක්‌ෂණ මතු කරවයි.

බුධ ග්‍රහයා 6 අධිපති වී ගොළු රාශිගත නම් (කටක, මීන, වෘශ්චික), ගොත, වචනයන්හි දුබලකම් හට ගනී. දෙවැන්න ගොළු රාශියක්‌ව බුධ එම භාවයේ නම් මෙම තත්ත්වය ඊටත් වඩා බරපතළය. කිසියම් කේන්ද්‍රයක චන්ද්‍රයා හා බුධ එම භාවයේ නම් මෙම තත්ත්වය තවදුරටත් බරපතළය. කේන්ද්‍රයක චන්ද්‍රයා හා බුධ පාපපීඩිතව දුර්වල තත්ත්වයේ නම් ඉන් කියෑවෙන්නේ ඔහු හෝ ඇය කල්පනා ශක්‌තිය හීන අයෙකු බවයි. 

කේන්ද්‍ර පරීක්‌ෂාවකින් මෙවැනි තත්ත්වයන් පිළිබඳව තොරතුරු දැනගැනීම පිළියම් සඳහා බෙහෙවින් වැදගත්ය.

කේන්ද්‍රයක එක්‌ එක්‌ භාවයකට, එක්‌ එක්‌ ග්‍රහයන්ට පැවරෙන ශරීරාංග මෙන්ම ලෙඩ රෝග, ආබාධ පිළිබඳව තත් කේන්ද්‍රය තුළින්ම කරුණු හෙළිදරව් කෙරේ. එම තත්ත්වය හඳුනා ගැනීමෙන් දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම පහසුය. සියලු දේට බලපාන ලග්නාධිපති හා චන්ද්‍රයාගේ සම්බන්ධතාවය මූලික වශයෙන් විමසා බැලිය යුතුය.

 බුධ, කුජ, රවි, ශනි, කේතු වැනි ග්‍රහයන්ගේ බල දුබලතාවයන්, එම ග්‍රහයන් කේන්ද්‍රයේ දෙවැන්න, තුන්වැන්න, සතරවැන්න, එකළොස්‌වැන්න, දොළොස්‌වැන්න කෙරෙහි කෙරෙන බලපෑමක්‌ සොයා බැලීමෙන් අක්‌ෂි, ශ්‍රවණ, කථන, සෙම්, මානසික හා වෙනත් ශරීර ආබාධ පිළිබඳව යම් යම් ඉඟි පැහැදිලිව හඳුනාගත හැකිය. 

ඔබ ඔබේ යුතුකම, වගකීම පිළිබඳව මනා වැටහීමක්‌ ඇති බුද්ධිමත් දෙමාපියෙක්‌ නම්, වැඩිහිටියෙක්‌ නම් දුවා දරුවන්ගේ හෙට ලෝකය වඩාත් ලස්‌සන වනු නියතය.දරුවාගේ ජීවන රථයේ සුක්‌කානම ඔබ අතේ බැවින් ඉන් සැපයෙන තොරතුරුවලට අනුව කටයුතු කර, ආරක්‌ෂාකාරී ලෙස ගමනාන්තය දක්‌වා රැගෙන යැමේ වගකීමද දෙමාපියන් වන ඔබ සතු අන්සතු කළ නොහැකි වගකීමක්‌ ද වන්නේය. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment