දස පනත මගින් විභාගය ජය ගන්න | Gurukam.net - Gurukam.Net

Thursday, April 30, 2020

දස පනත මගින් විභාගය ජය ගන්න | Gurukam.net


 'ඉගෙනීම' යනු මිනිස්‌ දිවියේ ඉතාම වැදගත් පරිච්ඡේදය බව අමුතුවෙන් කිව යුතු නැත. ඉගෙනීම නැතහොත් අධ්‍යාපනය හේතු කොටගෙන සාර්ථක මිනිසකු ලොවට දායාද වනු ඇත. "එක්‌ පාසලක්‌ තැනීමෙන් සිර ගෙවල් සියයක්‌ වැසේ..." යන පිරුළින් අධ්‍යාපනයේ ඇති වැදගත්කම කොතෙක්‌ දැයි ඔබට වැටහෙනු ඇත.ළදරු, ළමා, තරුණ හා මහලු විය වශයෙන් මනුෂ්‍ය දිවිය කොටස්‌ හතරකට බෙදී ඇත. මේ අතරින් ළමා විය හා තරුණ වියේ කොටසක්‌ ද වැය වනුයේ ඉගෙනුම සඳහා ය.

 මෙම දෙකොටසේදී ලබාගන්නා අධ්‍යාපනික දැනුම් සම්භාරය උරගා බැලීමේ කඩඉම් අවස්‌ථාව ලෙස සැලකෙනුයේ 'විභාගය' යි.


'නූගත්කම' නමැති අඳුරින් මනුෂ්‍යයා මුදවා 'උගත්කම' නමැති ආලෝකය වෙත ගෙන යනුයේ ඉගෙනීමයි. හෙට දවසේ සමාජය බබළවන සාර්ථක මනුෂ්‍යයකු බිහිකරලීමට මිල මුදල් පරයා ඉදිරියෙන්ම සිටිනුයේ අධ්‍යාපනයයි.ලෝකය වෙනස්‌කරලීමට 'අධ්‍යාපනය' තරම් මහානර්ඝ වස්‌තුවක්‌ මෙලොව තවත් නැත. "තැබූ තැනෙක සොර සතුරන් ගත නොහෙනා, උගතමනා ශිල්පමයි මතු රැකෙනා..." ශිල්ප ශාස්‌ත්‍ර නොහොත් අධ්‍යාපනය කෙතරම් වටිනා වස්‌තුවක්‌ දැයි එම පැරැණි කවියෙන් මොනවට වැටහේ.

කෙතරම් වස්‌තුව තිබුණ ද පෙර රජවරු තම දරුවන් ශිල්ප ඉගෙනුම සඳහා 'තක්‌සලාව' වෙත යොමු කරන ලද්දේ ධනය හා වස්‌තුව පමණක්‌ රජකම් කිරීමට නොසෑහෙන බව සක්‌සුදක්‌සේ තේරුම්ගත් බැවින් විය යුතුය. 'අධ්‍යාපනය' යනු ජීවිතයට අත්‍යවශ්‍යම ආභරණයක්‌ බව එමඟන් ගම්‍ය වනු ඇත.

උත්සාහය, උනන්දුව, කැපවීම හා වාසනාව යන කරුණු හතර 'විභාගය' නමැති රථයට සවිකර ඇති රෝද හතර වේ. එම රෝද හතරෙන් එක්‌ රෝදයක්‌ හෝ අබලන් වුවහොත් රථයට ගමන් කළ නොහැක. එම නිසා ඉහත කී කරුණු හතරම විභාගයකට මුහුණදීමේදී සමබර විය යුතුය.අපගේ අත්දැකීම් වලට අනුව සමහර දක්‌ෂ දරුවන් කඩඉම් විභාගවලදී තමන් බලාපොරොත්තු වූ තරම් සාර්ථක ප්‍රතිඵල ලබා නොගත් අවස්‌ථා දැක තිබේ. බොහෝ වෙහෙස මහන්සි වී දිවා රෑ නොබලා පාඩම් කළ ද අවසානයේ ප්‍රතිඵලය අසතුටුදායක වූ අවස්‌ථා එමටය.

 කරන ලද පර්යේෂණයන්ගෙන් හෙළිවූයේ ජ්‍යෙdතිෂයට අනුව ඔවුන්ගේ උත්පත්ති කේන්දරයන්හි තිබූ දුර්වල ග්‍රහ පිහිටීම් හා ග්‍රහ ගෝචරය එයට බලපා ඇති බවයි.

රාහු, කුජ හා සෙනසුරුගේ දුර්වල මහ දශා හා අතුරු දශාවන්ගේ බලපෑම දක්‌ෂ ලෙස අධ්‍යාපනය ලබමින් ආ ජන්මියකුට ඉතා අවාසනාවන්ත ලෙස බලපෑම් කළ අවස්‌ථා අප දැක තිබේ. වසර ගණනක දිගු කාල පරාසයක්‌ ඔස්‌සේ ආ සාර්ථක අධ්‍යාපන චාරිකාව අවසාන මොහොතේ කඩඉම ළඟදී අවාසනාවන්ත ලෙස නිමාවීම කොතරම් ශෝචනීය ද?

එමෙන්ම වාසනාව පිළිබඳ කතා කරද්දී අදක්‌ෂයන් නොසිතූ ලෙසින් විභාග උසස්‌ ලෙසින් ජයගත් අවස්‌ථාවන් ද අපගේ පර්යේෂණයන්ට බඳුන් වී තිබේ. දැනට වසර කිහිපයකට උඩදී ඉංග්‍රීසි භාෂාවට ඉතාම දුර්වල ළමයකු අ. පො. ස. (සාමාන්‍ය) පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය ඉතා විශිෂ්ට අයුරින් සමත් විය. එය වාසනාව මත සිදුවූවක්‌ ලෙසට උපකල්පනය කළ හැකි අතර ඒ සඳහා ඔහුගේ ග්‍රහචාරය ද එම ජයග්‍රහණය සඳහා ඉවහල් වූ බව නොරහසකි.

කෙසේ වෙතත් දුර්වල ග්‍රහචාරයන් පිළිබඳව විභාගයට මුහුණදීමට ප්‍රථම දෙමාපියන් විමසිලිමත් වීම අත්‍යවශ්‍ය බව මගේ හැඟීමයි. කුඩා කල සිට ඉතා වේගවත් අයුරින් දක්‌ෂ ලෙස ඉගෙන ගනිමින් ආ සමහර දරුවන් 10, 11, 12 වසර වලදී දුර්වල වන්නට සමාජීය හේතු රැසක්‌ ද ඇත. ඒ අතරින් නරක මිත්‍ර ඇසුර, ප්‍රේම සබඳතා, පවුලේ අසමගිතාව මුල් තැන්හි ලා සැලකිය හැක.

ලොව ඇති ලොකුම කිල්ල වනුයේ 'නොසැලකිල්ලයි' දෙමාපියන්ට භාරකරුවන් දරුවා පිළිබඳව ඇත්තේ වචනයෙන් කිව නොහැකි තරමේ අයිතියකි. එබැවින් අඩුතරමින් විභාග අභිමුඛයේ සිටින තරුණ සිසු දරුවන් පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.

දෙමාපියන් රැකියාවට යන දරුවන්ගේ චර්යාවන් පිළිබඳවත් ඔවුන් ඇසුරු කරන්නේ කුමන තරාතිරමක අය සමඟ ද යන්නත් විශේෂයෙන් මාපියන් සොයාබැලිය යුතුමය. එමෙන්ම ටියුෂන් පන්ති යන දරුවන් පිළිබඳව ද වැඩි අවධානයක්‌ යොමු කිරීම ඉතාම වැදගත් වේ.

විභාග අසමත් වීමට දුර්වල ග්‍රහචාරය පමණක්‌ නොව. විෂම සමාජ ඇසුර ද බලපානු ඇත. 10, 11, 12 වසරවල සිසු සිසුවියන්ට සිකුරු මහ දශාව ලැබීම ද සිකුරු පාප ග්‍රහයකු වීම ද විභාග අසමත් වීමටත්, අධ්‍යාපනය කඩාකප්පල් වීමටත් හේතුවක්‌ බව පර්යේෂණ මඟින් හෙළිවී ඇත. මන්ද සිකුරු ශුභ ග්‍රහයකු ලෙස ජ්‍යෙdතිෂයේ පෙන්වා තිබුණ ද සමහර ලග්න වලට සිකුරු පාපියෙකු වේ. නමුත් සිකුරු පාපියෙකු වුව ද උච්ච, ස්‌වක්‌ෂේත්‍ර බලයකින් පිහිටා ඇති විට අශුභ ඵල ගෙන නොදෙන බව ද පැවසිය හැක.

ඔබේ දරුවාගේ හඳහන පිළිබඳව විභාගයට වසරකට පෙරවත් පරීක්‌ෂා කර බැලීම වැදගත් ය. එවිට දුර්වල ග්‍රහචාරයක්‌ ඇත්නම් එය මඟහරවා ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කර අපල තත්ත්වය වෙනස්‌ කර ගැනීමට ඔබට හැකියාව තිබේ. ජ්‍යෙdතිෂයේ එවැනි සාර්ථක ප්‍රතිකර්ම පිළිබඳව Rෂිවරුන් ලියා දක්‌වා ඇත. එවැනි ක්‍රමවේදයන් ලහි ලහියේ කළ නොහැකි අතර අඩුම තරමේ ගුණ පණ ගැනීමට තෙමසකට පෙර සිටවත් එම කටයුතු සිදුකළ යුතුය.

විභාගයට මුහුණදෙන සිසු දරු දැරියන්හට පහතින් දක්‌වා ඇති ප්‍රධාන කරුණු දහය පිළිබඳව වැඩි අවධානයක්‌ ----යොමු කිරීමෙන් ජයග්‍රහණය අත්පත්කර ගැන්මට හැකිවනු ඇතැයි මනෝ විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත.

1. පාඩම් කරන කාලය තුළ සමබර ආහාර වේලක්‌ ගැනීම. එලෙස ගැනීමෙන් නිදිමත ගතිය දුරුවන අතර සිත හා ගත ප්‍රාණවත් වීමෙන් පාඩම පිළිබඳව අවධානය වැඩි වශයෙන් යොමුකළ හැකි වනු ඇත.

2. සිත එක අරමුණක තබා ගැනීම

සිතට එහෙ මෙහේ දුවන්නට ඉඩ නොදීම විශේෂය. එය රූපවාහිනිය නැරඹීම, පරිගණක ක්‍රීඩා, අනවශ්‍ය පොත්පත් හා මිත්‍ර ඇසුරු පැවැත්වීම ලෙස නිර්වචනය කළ හැක. විශේෂයෙන් හිත මිතුරන් සමඟ දුරකථන සංවාදයන්හි යෙදීම. ඔබේ දුරකථනය විසන්ධිකර තබා ගැනීම මෙහිදී විශේෂ උපක්‍රමය ලෙස පෙන්වා දිය හැකිය.

3. ආරම්භක ගැටලුවලට බිය නොවන්න

පාඩම් කිරීමට ප්‍රථම ඔබ තුළ විවිධ ගැටලු පැන නඟිනු ඇත. ඒවා එකිනෙක කොලයක ලියා ඒවාට නොබියව ඔබට මුහුණදිය හැකි බව සිතට ඇතුළු කරන්න. හැම විටම ඔබට පුළුවන් බව සිතන්න. 'නැහැ', 'බැහැ' යන වචන දෙක ඔබට අයිති නැති බව නිතර නිතර සිහිකරන්න.

4. පුනරීක්‌ෂණ කටයුතුවලට ඔබ තවමත් ප්‍රමාද නැති බව සිතන්න

ඔබ තවමත් පුනරීක්‌ෂණ කටයුතුවල නොයෙදුන ද ඒ බව නොසිතා සිටින්න.

5. කාමරය තුළම රැඳී නොසිට තම ගෙවත්තේ ඔබමොබ යමින් එමින් පාඩම්වල යෙදීම

ස්‌වභාවික පරිසරය ඔබගේ මනස සුවපත් කරනු ඇත. කුරුලු හඬ මෙන්ම මාළු ටැංකියේ පීනා යන මාළුන් ද ඔබගේ මානසික වෙහෙසට සුවයක්‌ ගෙනෙන බව අමතක නොකරන්න.

6. දෙවියන්ගේ ආකර්ෂණය හා ආශිර්වාදය ලබා ගන්න

ඔබ පාඩම් කරන මේසයට ඉහළින් ගණ දෙවියන්ගේ හා සරස්‌වතී මෑණියන්ගේ රූප දෙකක්‌ තබා "ඔබ වහන්සේලා මා සමඟ බව මම දනිමි. ඒ නිසා මම විභාගය ජය ගන්නව. ඔව්...මම ජය ගන්නව...මට පුළුවන්...·" යන වදන් පෙළ ලියා තබා එය ඇස ගැටෙන සෑම මොහොතකම හඬ නඟා කියවන්න.

7. ඔබ පාඩම් කිරීමට පළමුව ගත සිත එයට එකඟ කරගත යුතුය

ඒ සඳහා ඔබ කළ යුත්තේ පාඩම් කිරීම ඇරඹීමට පෙර ස්‌නානය කිරීමය. එවිට ගත සිත සිසිල් වීමෙන් සිරුර තුළ පාඩම් කිරීමට අවශ්‍ය පසුබිම සකස්‌ වනු ඇත.

8. එක දිගට පාඩම් කිරීමෙන් නිදිබර ගතියක්‌ හා වෙහෙසක්‌ දැනීම

එම අවස්‌ථාවලදී තමා සිටින ඉරියව්ව වෙනස්‌ කිරීම හෝ නැඟිට මඳක්‌ එහාට මෙහාට ගමන් කිරීමෙන් එම විඩාබර බව පහව යනු ඇත. හැකි නම් වතුර වීදුරුවක්‌ පානය කිරීම ද ඒ සඳහා උපක්‍රමයකි.

9.විභාග ශාලාවේදී කලබල නොවීම

ඔබ එහිදී කලබල නොවී, ඔබ ඉගෙනුම ලැබූ පන්ති කාමරයට මනසින් යන්න. ඔබ ඉන්නේ එම සුපුරුදු ස්‌ථානයේ බව සිහිපත් කරන්න. අවට සිටින අය ද තම සමීපතම මිත්‍රයන් බව සිතන්න. පරීක්‌ෂකවරුන් ද ඔබ නිතර නිතර දුටු ඔබේ විදුහලේම ගුරුවරු බව සිතට ඇතුළු කරන්න. මනස ක්‍රමයෙන් සංසුන් වූ පසුව පිළිතුරු ලිවීම අරඹන්න.

10.  ගත සිත ශක්‌තිමත් කර ගැනීම

පාඩම් කරන අතරතුරදී ශක්‌ති ජනක පානයක්‌ ගැනීමෙන් ඔබට ඒ සඳහා අවශ්‍ය උත්තේජනයක්‌ සිරුර තුළ නිර්මාණය වනු ඇත. එය ඔබ කැමති රසවත් මෙන්ම සිසිල් හෝ උණුසුම් එකක්‌ විය හැකිය.



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment