දෙවන විවාහයක්‌ හිමිදැයි හරියටම දැන ගන්නේ මෙහෙමයි | Gurukam.net - Gurukam.Net

Wednesday, April 29, 2020

දෙවන විවාහයක්‌ හිමිදැයි හරියටම දැන ගන්නේ මෙහෙමයි | Gurukam.net


ප්‍රථමයෙන් මතක්‌ කළ යුත්තේ යම් කෙනෙක්‌ දෙවන විවාහයක්‌ සඳහා යොමුවන්නේ පළමු විවාහය අසාර්ථක වූ විටදීය. ජන්ම පත්‍රයට අනුව යම් පුද්ගලයකුගේ විවාහය සිදුවන දවස හරියටම දැනගත හැකිවන අතර තමාගේ පළමු විවාහය අසාර්ථක වීම හා දෙවන විවාහයක්‌ සිදුවන්නේද? නැද්ද යන්නත්, දෙවන විවාහ සිදුවන්නේ කවදාද? නව සහකරු හෝ සහකාරිය කවුරුන්ද? ඔහුගේ හෝ ඇයගේ ගති ලක්‌ෂණ මොනවාද? තමාට සහකරු ලැබෙන්නේ කෙසේද? යන්නත් ජන්ම පත්‍රයට අනුව ප්‍රකාශ කළ හැකි අතර ඔබගේ දෙවන විවාහය සාර්ථක වේද? අසාර්ථක වේද? යන්නත් දැනගත හැකිවේ.

පළමු විවාහය අසාර්ථක වන්නේ තමාගේ ස්‌වාමියා හෝ භාර්යාව මියයාම නිසා හෝ දෙදෙනා නීතියෙන් දික්‌කසාද වී වෙන්වීම නිසා විය හැකිය. දික්‌කසාද වීම අද ලංකාවේ සාමාන්‍ය දෙයක්‌ බවට පත්වී ඇත. දිසා අධිකරණයක දිනකට විභාග කරන දික්‌කසාද නඩු දෙස බැලුවොත් ඒ බව මනාව පිළිබිඹු වේ.


 දික්‌කසාදය සඳහා හේතුවන කරුණු කාරනා ලෙස එකිනෙකාගේ අදහස්‌ නොගැලපීම, අනියම් සබඳතා පැවැත්වීම, තම සහකරු සුරාවට සූදුවට ඇබ්බැහි වීම, ලිංගික ගැටලු හෝ වෙනයම් හේතුවක්‌ විය හැකිය. මෙය ජන්ම පත්‍ර පරීක්ෂාව තුළින්ද පැවසිය හැකිය. පළමු විවාහය අසාර්ථක වී දෙවන විවාහය පමණක්‌ නොව කීපවරක්‌ විවාහ වන අවස්‌ථාද දැකිය හැක. විවාහ වීමට පෙර දෙදෙනාගේ පොරොන්දම් සියල්ල ගැලපුනත් ඔවුන්ගේ ජන්ම පත්‍රවල ග්‍රහ ගැලපීම් පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳව සලකා බැලිය යුතුවේ.

 පළමු විවාහය අසාර්ථක වීම ආකාර 2 කකට සිදුවිය හැකිය. එනම් දික්‌කසාද වීම හෝ තම ස්‌වාමියා හෝ භාර්යාව මියයාම වේ. ජ්‍යොaතිශයේදී මෙය වැන්දඹු යෝග ලෙස හඳුන්වනු ලබන අතර එයට බලපානු ලබන්නේ ස්‌වාමි භාර්යා නාශක යෝග වේ.

 නමුත් ස්‌වාමි භාර්යා නාශක යෝග යෙදුණු පමණින් විවාහය මරණයකින් කෙළවර නොවූ අවස්‌ථාවන් කොතෙකුත් දක්‌නට ලැබෙන අතර එයට හේතු වන්නේ විවාහ වූ සහකරුගේ හෝ සහකාරියගේ ආයුෂ බලවත් වීමයි. නමුත් එම අවස්‌ථාවන් වලදී මරණය සිදුනොවී, දික්‌කසාදයකින් විවාහය බිඳ වැටෙනු දැකිය හැ කිය.

මෙවැනි යෝගයක්‌ දළ කේන්ද්‍රයක දුටු පමණින් ජ්‍යොaතිශවේදියා අනාවැකි ප්‍රකාශ නොකළ යුතු අතර, එය නිවැරදිව යෙදී ඇත්දැයි අනෙකුත් වර්ග පරීක්ෂා කර, භාව පරීක්ෂාකර, පැවසිය යුතුවේ. භෞම දෝෂය හෙවත් කුජ දෝෂය දුටු පමණින් හෝ 7 වැන්නේ පාපින් සිටීම, 7 වැන්නාධිපති දුර්වලව, පාප පීඩිතව සිටි පමණින් විවාහය අසාර්ථක නොවූ පුද්ගලයන්ද දැකිය හැකිය.

නමුත් එයට හේතුව සූක්‌ෂමව ජන්ම පත්‍රය පරීක්‌ෂාව තුළ එනම් ග්‍රහයන් පිහිටි භාව හා වර්ගවල එම දෝෂයන් යෙදී තිබීම දක්‌නට නොලැබීමයි. නමුත් ඉහත සඳහන් කළ වැන්දඹු හා දික්‌කසාද යෝග පිහිටා ඇත්නම් එය සූක්‌ෂම පරීක්‌ෂාවකින් පසු ඒ ආකාරයටම යෙදේ නම් කර්මානුරූපී බලපෑම ප්‍රබලවී එය එසේම සිදුවේ.

එය සිදුවන කාලසීමාව මහ දශාවන්, අන්තර්දශාවන්, ගුරුගේ, රාහුගේ, ශනිගේ ගෝචරයන් පදනම් කරගෙන සිදුවේ. මෙය ජන්ම පත්‍රයෙන් ජන්ම පත්‍රයට වෙනස්‌වන අතර ඉහත සඳහන් කළ න්‍යාය සෑම විටදීම පලාඵල කථනය සඳහා උපයෝගී කරගත යුතුවේ. වැන්දඹු යෝග හා දික්‌කසාද යෝග විශාල සංඛ්‍යාවක්‌ තිබෙන අතර, ඒවා තිබෙන්නේ 2, 8, 11, 2, 3 යන අධීපතීන් සම්බන්ධකරගෙන වේ.

 උදාහරණයක්‌ ලෙස 7, 8 අධිපතීන් සම්බන්ධවීම ස්‌වාමියාට අපල ගෙන දෙන යෝගයක්‌ වන අතර, රාශියක 7, 8 අධිපතීන් දුටු පමණින් එය එකවර පැවසිය නොහැකි වේ. එයට හේතුව එම ග්‍රහයන් දෙදෙනාගේ බල දුබලභාවය, එම ග්‍රහයන්ට අනෙකුත් ග්‍රහයන්ගෙන් ලැබෙන ග්‍රහ දෘෂ්ඨිය ග්‍රහයාට අනුරූප වීම ග්‍රහයන් අතර සංයෝගය සිදුවීමට තිබිය යුතු අවම දුර (අංශක ගණන) ඉතා සූක්‌ෂමව පරීක්ෂා කර පලාඵල කථනය සිදුකළ යුතුවේ.

 උදා- කුජ, සිකුරු, සම්බන්ධ වීම තුළ අති ධාවනකාරී කාම යෝගයන් ක්‍රියාත්මක වීම පවසන නමුත් ගුරුගේ රවීගේ දෘෂ්ඨය, ශනිගේ දෘෂ්ඨ§ය තුළ උදාසීන වීම, සංයෝගය සිදුවූ රාශිය, අංශක ගණන තුළ එම යෝගය ක්‍රියාත්මක නොවූ අවස්‌ථා කොතෙකුත් දක්‌නට ලැබේ. සූක්‌ෂම පරීක්‌ෂාව තුළ භාවානුරූපීව ඉහත යෝගයන් නිවැරදිව නිර්ණය කරගත හැකිවේ. මෙය එක්‌ උදාහරණයක්‌ පමණි.

 දෙවන විවාහයේ පලදායීතාව සලකා බැලීමේදී 2,3,10 අධිපතීන් පිළිබඳව හා එම ස්‌ථානවල පිහිටි ග්‍රහ පිහිටීම පිළිබඳව විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතුවේ. ප්‍රථම විවාහයේ දරුවන් නොමැතිවීම, දෙවන විවාහයේ දරුවන් ලැබීම ආදී කාරණා ජන්ම පත්‍ර පරීක්‌ෂාව අනුව නිවරදිව නිර්ණය කළ හැකිය.

දික්‌කසාද යෝග හා වැන්දඹු යෝග ජන්ම පත්‍රයෙන් ජන්ම පත්‍රයට වෙනස්‌ ආකාරයට යෙදෙන අතර එවැනි යෝගයක්‌ ඇත්නම් සහ දෙවැනි විවාහයක්‌ සඳහා ජන්ම පත්‍රයේ ග්‍රහපිහිටීමක්‌ පවතීනම්, එම යෝග බලවත්නම් පළමු විවාහය අසාර්ථක වී, දෙවැනි විවාහය සාර්ථක වී දියුණුවට පත්වීම සිදුවේ.

නමුත් පළමු විවාහය අසාර්ථක වී පුද්ගලයාගේ ජීවිතය ග්‍රහයන්ගේ ග්‍රහයෝගවල බලපෑමට අනුව ලෝකෝත්තර දිශානතියක්‌ පෙන්නුම් කරන්නේ නම් දෙවන විවාහයක්‌ සඳහා ජන්මපත්‍ර හිමියාට කටයුතු සිදු නොවේ.

විවාහ කීපයක්‌ පිහිටන යෝග බහුවිවාහ යෝග ලෙස හඳුන්වන අතර සල්ලාලයෝග හා වෛශාස යෝග යෙදේ නම් විවාහ කීපයක්‌ම සිදුවිය හැකිය. මෙවැනි යෝග තිබේ නම් ධර්මානුකූලව ජීවත්වීම තුළින් හා වත්පිළිවෙත් සිදුකිරීම මගින් එහි බලපෑම මැඩපැවැත්විය හැකි වන අතර, ඒ සඳහා ගතකරන මහදශාව, අන්තර් දශාව, හා ග්‍රහ ගෝචරය සෘජුවම බලපෑම් ඇති කරයි.

 නමුත් ප්‍රබල ආකාරයට මෙහි බලපෑම ජන්ම පත්‍රයෙන් පෙන්නුම් කරයි නම් මතුභාවයන්හි යහපත් විවාහයක්‌ හා යුග දිවියේ සතුටක්‌ ඇතිවීම පිණිස ප්‍රාර්ථනා සහිත මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් යුක්‌තව, දාන ධර්ම පිළිවෙතවලින් හා සිල්වත්කමින් ලෞකික ජීවිතය ගෙන යායතු වේ.



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment