කුජ දොෂය යනු කුමක්‌ද නිවරදිව හදුනා ගන්න | Gurukam.net - Gurukam.Net

Tuesday, April 28, 2020

කුජ දොෂය යනු කුමක්‌ද නිවරදිව හදුනා ගන්න | Gurukam.net


අද සමාජයේ පවතින 'විවාහ ප්‍රමාදය' යන දැවෙන සමාජ ගැටලුවට මෙම කුජ දොaෂය සෘජුවම බලපෑම් කරයි. විවාහය සඳහා කේaන්ද්‍ර ගැළපීමේදී කුජ දොaෂය හෙවත් භෞම දොaෂය පිළිබඳව නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. ඔබ, ඔබගේ දරුවාගේ ජන්ම පත්‍රයේ කුජ දොaෂය ඇති බව පැවසුවත්, කුජ දොaෂය යනු කුමක්‌ද? එහි බලපෑම කෙසේද? යන්න නොදන්නවා විය හැකිය.

කේන්ද්‍රයක කුජ දොaෂය දුටු පමණින් බොහෝ දෙනකු බිය වෙති. සමහර ජ්‍යෙdතිෂවේදීන් එවැනි කේන්දර හිමියන්ව බිය ගන්වති.කුජ දොaෂය හෙවත් භෞම දොaෂය යනු කුජ ග්‍රහයා කේන්ද්‍රයක 1, 2, 4, 7, 8 හෝ 12 වැනි ස්‌ථානයක පිහිටා තිබීමයි. මෙම පිහිටීම දුටු පමණින් විවාහය සඳහා බාධා පවතින්නේද? විවාහ සහකරුට හෝ සහකාරියට අයහපතක්‌ සිදුවේද? යන ගැටලු මතු වේ.

මෙහිදී කුජ ග්‍රහයා ඉහත ස්‌ථානවල පිහිටීමේ සම්භාවිතාව අනුව කේන්දර හිමියන්ගෙන් 50% ටම කුජ දොaෂය පවතී. එයට හේතු වන්නේ කේන්ද්‍ර ස්‌ථාන 12 න් ස්‌ථාන 6 ට මෙම දොaෂය යෙදීමයි. කුජ දොaෂය යනු කුමක්‌ද? යන්න හඳුනා ගත් ඔබට මීළඟට ඇති ප්‍රශ්නය වන්නේ කුජ දොaෂය පවතින විට විවාහ ප්‍රමාදයට හෝ විවාහ ගැටලුවලට මෙය හේතු වේද? කුජ දොaෂය ඇති කෙනෙකු විවාහ විය යුත්තේ, මෙම දොaෂය සහිත කෙනෙකු සමඟ පමණද? යන්නයි.

 ඇත්තෙන්ම හරිහැටි කුජ දොaෂය හඳුනා නොගැනීම තුළ, හඳහන් පරීක්‌ෂා කිරීමේදී ඇතැමුන් මේ පිළිබඳව වැරදි මත ඉදිරිපත් කරයි. ප්‍රථමව මෙම කුජ දොaෂය භාවානුරූපීව යෙදේද? යන්න පරීක්‌ෂා කළ යුතු වේ.

එනම් රාශියම භාවය කර ගැනීමේ සංකල්පය තුළ එය නොපෙනේ. එනම් කුජ දොaෂය ඉහත සඳහන් කළ ස්‌ථානවලට අනුරූපීව භාවගත වේද? යන්න නිර්නය කළ යුතු වේ. භාවානුරූපීව කුජ ග්‍රහයා ඉහත ස්‌ථානවල පැවතුණහොත්, ඉන්පසු පරීක්‌ෂා කළ යුත්තේ දොaෂය භංග වන අවස්‌ථාවන්ය. කුජ දොaෂය හෙවත් භෞම දොaෂය භංග වන අවස්‌ථාවන් මොනවාද? යන්න සලකා බලමු.

 na5 5මෙහිදී කුජ ග්‍රහයා චර රාශියක නම් දොaෂය භංග වේ. එසේම සිංහ, කටක, මකර, කුම්භ රාශිවලදී දොaෂය නොයෙදේ. කුජ ග්‍රහයා ගුරු සමඟ යෝග වීමෙන්ද දොaෂය භංග වේ. මීට අමතරව කුජ ග්‍රහයා ඉහත ස්‌ථානයක වී ගුරු විසින් දකින ලද්දේ නම්, එවිටද මෙම කුජ දොaෂය අහෝසි වී යයි. කුජ ග්‍රහයා චන්ද්‍රයා සමඟ යෝග වේ නම් එවිටද දොaෂය භංග වෙයි. යම් කේන්ද්‍රයක රුචක යෝගය යෙදී ඇත්නම්, එවැනි අවස්‌ථාවකදීද කුජ දොaෂය භංග වෙයි. කුජ ග්‍රහයා 8, 12 අධිපතියා ලෙස 8, 12 යෙදීම තුළද කුජ දොaෂය හෙවත් භෞම දොaෂය භංග වෙනු ලැබේ. මීට අමතරව ගුරුට අයත් රාශියක්‌ 8 වැන්න වී එහි කුජ සිටීම තුළ යෙදෙන කුජ දොaෂය ද භංග වී යනු ඇත. තවද තුලාව, වෘෂභය 12 වැන්න වී එහි කුජ යෙදුණේද? භෞම දොaෂයේ බලපෑම නැති වේ. කුජ, ගුරු පරිවර්තන යෝග යෙදී ඇති විටදී කුජ දොaෂය යෙදුනු අවස්‌ථාවල කුජ දොaෂය භංග වන අතර, කුජ දොaෂයට කුජ දොaෂය ඇති කෙනෙකු සමඟ විවාහ වීමෙන් කුජ දොaෂයේ බලපෑම නැති කර ගත හැකි වේ. තවද කටක, සිංහ ලග්නවලින් උපත ලැබූවන්ට කුජ දොaෂයේ බලපෑම අවම වේ.

මෙම කාරණාවලට අමතරව තවත් කාරණා කීපයක්‌ ඇත. එනම් කුජ දොaෂය යෙදී ග්‍රහයන්ගේ පාප දෘෂ්ටීන්, පාප පීඩිත වීම් ආදිය ඇත්නම් එහි අයහපත් බලපෑම තවත් බලවත් වේ.

 විවාහයක්‌ සඳහා කේන්ද්‍ර ගැළපීමේදී බහුලවම දක්‌නට ලැබෙන්නේ කුජ දොaෂය දුටු පමණින් එහි බලපෑම නැති කිරීමට, එවැනි දොaෂයක්‌ සහිත පුද්ගලයකුගේ ජන්ම පත්‍රයකට ගැළපීම පමණි. එහිදී එක්‌ අයෙකුගේ කුජ දොaෂය භංග වී, තව කෙනකුගේ දොaෂය තිබිය හැකි අතර විටෙක දෙදෙනාගේම දොaෂ රහිත විය හැකිය.

බොහෝ විට මෙම ගැටලුවට මුහුණපාන්නට සිදුවන්නේ ප්‍රේම සබඳතා මගින්, විවාහ වීමට සූදානම් වන අවස්‌ථාවන්වලදීය. මා සතු ජ්‍යෙdතිෂය අත්දැකීම් හා පරීක්‌ෂණ මත දළ කේන්ද්‍රයක 1, 2, 4, 7, 8, 12 යන ස්‌ථානවල කුජ ස්‌ථානගත වීම මත කුජ දොaෂය පවතින කේන්ද්‍ර හිමියන්ගේ ජන්මපත්‍ර භාවානුරූපීව ඉහත සඳහන් කළ භංග වීම ආදි කාරණා සලකා බැලූ විට ඔවුන්ගෙන් 35% කට පමණ කුජ දොaෂය යෙදී ඇති අතර, 65% කට මෙම දොaෂය නැති වෙයි.


 කුජ දොaෂය නිසා පීඩා විදින ඔබට මෙම ලිපිය මගින් කිසියම් අවබෝධයක්‌ ලැබුණේ නම් ඉහත කාරණාවලට අනුව කේන්ද්‍ර සටහනේ ග්‍රහ පිහිටීම් සූක්‌ෂම ලෙස පරීක්‌ෂා කර සමස්‌ත දැක්‌මකට අනුව ජන්ම පත්‍රය පරීක්‌ෂා කර ගත යුතු අතර,

 එසේ වන්නේ නම් අවිවාහක තරුණ තරුණියන්ගේ අනාගත ජීවිත සදාකල් තනිකඩ ජීවිත බවට පත් නොවන බව මගේ අදහස වේ.

මෙය මා විසින් නිදි කීපයක්‌  යොදාගෙන කළ පරීක්‌ෂණවල ප්‍රතිඵලයක්‌ වන අතර, දොaෂය යෙදී විවාහ වී ඇති පුද්ගලයන්ගේ ආයුෂ, දරු ඵල, සැප සම්පත් ආදී සියල්ලම කුජ දොaෂයේ බලපෑම කෙසේ සිදුවේද? යන්න පරීක්‌ෂා කොට ජ්‍යෙdතිෂ න්‍යායන්වලට අනුව කරුණු සොයා බලා අනාවරණය කර ගත් දැ වේ.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment