සිකුරුගේ ග්‍රහ බලය රූමත් කතුන් බිහිකරයි | Gurukam.net - Gurukam.Net

Sunday, April 26, 2020

සිකුරුගේ ග්‍රහ බලය රූමත් කතුන් බිහිකරයි | Gurukam.net



 සිකුරුගේ බැල්මට මනුලොව සිටින හැම කාන්තාවක්‌ම හසුවන්නේ ද නැත.  බටහිර හා භාරතීයයන් සිකුරු ග්‍රහයා වීනස්‌ දෙව්දුව කියා හඳුන්වයි.කාන්තාවන් අතරින් රූමත් කතුන් උපදින්නේ ඔවුන් පෙර ආත්ම භවයන්හි රැස්‌ කළ යම් ආකාරයක කුශලාකුශල කර්මය අනුවයි.

ජන්ම කේන්ද්‍රයේ පරීක්‍ෂා කිරීමෙන් එය හොඳින් කිව හැක. එයින් සිකුරුගේ බැල්මට ආකර්ශණයට හසු වී ඇත්නම් රූමත් කතක්‌ වේ. එහෙත්සමහරෙකු තරමක්‌ ද, සාමාන්‍ය ලෙසද, රූමත් කමින් අඩු අය ද සිටින්නට පුළුවන. ස්‌ත්‍රී ජන්ම කේන්ද්‍රයේ පළමු කොටුවේ සිකුරු ග්‍රහයා සිටී නම් ඇය රූමත්ය. නීල වර්ණයෙන් යුක්‌ත කේෂ කලාපයක්‌ ඇත. සුන්දර මිනාවක්‌ ඇත. ලග්නයේ සිකුරු පිහිටි ඇය ධන ධාන්‍ය, භවභෝග ආදියෙන්, යාන වාහන ආදියට හිමිකම් ඇති දැසි දස්‌සන් ඇතිව සුන්දර නිවසක ජීවත් වීමේ භාග්‍ය ඇත්තියකි. නෑදැයන්ට අසල් වැසියන්ට කරුණාව ඇතිව සලකන්නියකි.

පතිවත රකින කාමුක සල්ලාලයන්ගේ රාගික ෙච්තනාවන්ට ඉඩ නොදෙන ඇත්තියක්‌ වේ.සිකුරු හා බුධ ග්‍රහයන් දෙදෙනා එකම කොටුවක සිටී නම් ඉපදුනු ඇය රූමතියකි. උරහිස්‌ දෙක පළලින්ද. සිරුරේ ප්‍රමාණයට උස ඇති, අඩ සඳක්‌ බඳු නලල් තලය ඇති රත් පැහැති ඡවි වර්ණයෙන් යුක්‌ත දුටුවන් මන බඳින ලාලිත්‍යයෙන් ඔපවත් ය. ක්‍රමානුකූලව තමාට පැවරෙන වැඩ කටයුතු කරයි. කලාවට ලැදි පිළිවෙලකට ජීවිතයහි පැවැත්ම ගෙන යන්නියකි.

කේන්ද්‍රයේ 3 හෝ 11 වැන්නේ සිකුරු හා කුජ සංයෝගව සිටී නම් ඒ කාන්තාව ඉතා රූමැත්තියකි. ඉදිරියට නෙරා ඇති පයෝදර යුගලක්‌ ඇති මනා කඩවසම් ලලනාවකි. රූ රැජිනක්‌ වගේය. කාමුක ගතිය පෙන්නුම් කළත් කුජ සමඟ සඳු සංයෝග වූ විට ඇතිවන අනාචාරයේ හැසිssරීමත්, සිකුරු සමඟ කුජ සංයෝග වූ කාන්තාවන් තුළ දක්‌නට නොමැත.

 සියලු සම්පත් යස ඉසුරු ලබා යහපත් සාර්ථක දිවියක්‌ ගත කිරීමේ භාග්‍ය සිකුරු කුජ සංයෝගය ඇති කාන්තාවන්ට හිමිය. ගී සින්දු, නාට්‍ය, නැටුම්, චිත්‍රපටි ආදිය නැරැඹීමට සවන් දීමට වඩා රුචියක්‌ දක්‌වයි.

කේන්ද්‍රයේ සිකුරු සමඟස ඳු සංයෝග වීමෙන් කාන්තාවකට මුතු මෙන් බබලන දත් දෙපළ ඇති පැහැපත් රූමතියකි. එවන් ලඳුන් නිවසක සිටී නම් උදේට සිරිකත එන බව කියති. ඔවුන් විලාසිතාවන්ට කැමතියි. සැමියාට කීකරු හිතකර මුතු මැණික්‌ රන් ආභරණ ධන ධාන්‍ය ලබන්නියකි. තම රූප ශොභාව රැක ගැනීමට උත්සාහ දරයි. වයසට ගිය ද තරුණියක්‌ සේ පෙනේ. මිරිහි වදන් කියන මේ කාන්තාවෝ සිරියාවන්තයි. වාසනාවන්තයි.

සිකුරුට ගුරු සංයෝගව සිටී නම් රූමත් කමට වඩා ගුණවත්කම ඇත. සිකුරු ගුරු සමඟ එකට සිටින විට උසින් හා මහතින් යුත් ශරීරයක්‌ ඇත්තියක්‌ වේ. නමුත් ඇය රූමත් භාවයෙන් අඩු වුවද අවලක්‍ෂණ නැත. සිකුරුට ශනි සංයෝග වීමෙන් කාන්තාව ලක්‍ෂණ නොවේ.

සැමියාට එතරම් ප්‍රිය මනාප නොවේ. යුග දිවියේ රසයට වඩා එහි ඇති දුක්‌ කම්කටොළු ආදිය ගැන හිත යොමු කරයි. එහෙත් සිකුරුට රාහු හෝ කේතු යෝග වූ විට රූප ශෝභාව දැකුම්කළු නොවේ.

සමහර විට ඉතා ගුණ යහපත් අවලක්‍ෂණ කතුන් ද ලක්‍ෂණ තිබුණද තණ්‌හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අසත්පුරුෂ අය ද මේ අතර සිටී. එසේ සිදුවන්නේ කාන්තාවකගේ කේන්ද්‍රයේ පිහිටි ග්‍රහ පිහිටීම් ඇයගේ ගති ගුණයන් ක්‍රියාවන් හා චරිතය කෙරෙහි බලපාන බැවින් බව කිව හැක.

එය එසේ වුවද දේහ ලක්‍ෂණ විද්‍යාවේ සඳහන් පරිදි කාන්තාවක්‌ ලක්‍ෂණ වූ පමණින් ගුණ යහපත් කතක්‌ කියාද, අවලක්‍ෂණ වූ පමණින් අයහපත් කතක්‌ කියා ද හැඳින්වෙන්නේ නැත.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment