රාජකාරිය ඉහලින් සලකන ධනු ලග්න හිමියෝ | Gurukam.net - Gurukam.Net

Saturday, April 25, 2020

රාජකාරිය ඉහලින් සලකන ධනු ලග්න හිමියෝ | Gurukam.net


 පරිත්‍යාගශීලී පුද්ගලයන් බිහිකරන ධනු ලග්නයෙන් උපත ලද ඔබ සැබෑම වාසනාවන්තයෙකි. ගුරු හෙවත් බ්‍රහස්‌පතිට අයත් පළමු ලග්නය වන ධනුව ගෞරවනීය ලග්නයක්‌ සේ ජ්‍යෙතිෂ්‍යයේ හැඳින් වේ ධනුවෙන් උපන් ඔබ නිර්භීතය. එඩිතරය. මනස වෙහෙස කරවන වැඩ කටයුතවලට දක්‌ෂතා දක්‌වන අතර සිරුර වෙහෙසවා කරන කටයුතුවලට කම්මැලිකමක්‌ දක්‌වයි. මනා වාග් චාතුර්යයක්‌ උපතින් ලබා ඇති ඔබ වාද විවාදයන්ට දක්‌වනුයේ මහත් අභිරුචියකි.

හැඩ වැඩ දමා කතා කරන ඔබ, තම කතාවට විද්‍යාත්මක හෝ ආගමික න්‍යායන් එකතු කර ගනිමින් යස අගේට කරුණු ඉදිරිපත් කරන දක්‌ෂයකු වේ.ආගම දහමට මෙන්ම දෙවියන්, බුදුන් හට ගෞරවාදරය හා භක්‌තිය දක්‌වන ධනුවෙන් උපන් ඔබ තුළින් උපසන්න භාවයක්‌ බොහෝ අවස්‌ථාවලදී විද්‍යමාන වේ.

පල්ලිය, පන්සල, දේවාලය හා කෝවිල්වලට නිතර යන එන ඔබ දෙවියන්ගේ දේව දාසෙකු යෑයි කිවහොත් මා නිවැරදිය. ධනුවෙන් උපන් ඔබට බෝධියකින් ලැබෙන පිහිට අපමණය. ඊට හේතුව වන්නේ ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයාට බෝධියේ අයිතිය දෙවියන් විසින් පවරා දී ඇති බැවිනි.

  අපල උපද්‍රවවලදී බෝධිය කරා ගොස්‌ බෝධි පූජා තැබීමෙන් ධනු ලග්නයෙන් උපන් ඔබගේ අපල දුරු වී මහත් අස්‌වැසිල්ලක්‌ හා සහනයක්‌ ඔබගේ ගතට හා සිතට නියත වශයෙන්ම ලැබෙනු ඇත. එමෙන්ම අධ්‍යාත්මික අංශයට වඩාත් නැඹුරුතාවක්‌ දක්‌වන ඔබ ලෞකික ජීවිතයට වඩා නිරාමිස සුවය අපේක්‌ෂා කරන දැඩි අධිෂ්ඨානශීලී ගුණ සපිරි අයෙකු වේ.ධනු රාශිය සෑදී ඇත්තේ මිනිස්‌ හා සත්ත්ව ශරීර දෙකක එක්‌වීමෙනි. ධනුවෙන් උපන් අය තුළ ද ගති ලක්‌ෂණ දෙකක්‌ පිහිටා ඇති බව මගේ පර්යේෂණයන්ගෙන් හෙළි වී ඇත. වරෙක කිසිම ගරු සරුවක්‌ නොමැතිව ඉදිරියට පැන කටයුතු කරන ඔබ නිර්ලෝභීව වියපැහැදම් කරන අතර තවත් අවස්‌ථාවකදී බොහෝ ඉවසිල්ලෙන්, සිහිකල්පනාවෙන් හා සකසුරුවම්කමින් යුතුව ගෞරවනීය ලෙසින් කටයුතු කරන බවක්‌ දැකගත හැක.

 ධනු ලග්නයෙන් උපන් ඔබට කිසිම දෙයක්‌ අලුත් දෙයක්‌ නොවේ. භාරගත් ඕනෑම කාර්යයක්‌ අකුරටම ඉටු කිරීමට සෑහෙන කැපවීමක්‌ කරන ඔබ කිසිම විටෙක නීත්‍යානුකූල නොවන දෙයට අත නොතබන අයකු බව විශ්වාසයෙන් පැවසිය හැක. නීති ගරුක ජීවිතයක්‌ ගත කරමින් ධාර්මික කටයුතුවලට වැඩි ඇල්මක්‌ දක්‌වන ඔබ නීතිමය ක්‍රියාදාමයන්ට සම්බන්ධ වීමට කොහෙත්ම කැමැති නැත. එසේ වුවහොත් නඩු මඟට බසින්නේ නොබැසම බැරි අවස්‌ථාවකදී වීම විශේෂත්වයකි. ඔබ හැකි සෑම විටෙකදීම බලනුයේ ඉන් මිදී සිටීමටය.

 පුළුල් මානසික වැටහීමක්‌ ධනුවෙන් උපන් ඔබට ඇත. අවංක කමත්, සත්‍යවාදී බවත් අවශ්‍යතාවටත් වැඩියෙන් පිහිටා ඇති අතර බුද්ධිමත් කමද උසස්‌ ලෙස ඔබ තුළ අන්තර්ගතව ඇතැයි අවිවාදයෙන් පැවසිය හැකිය. බොහෝ දුරට ඉවසිලිවන්තව කටයුතු කරන ඔබ ප්‍රියමනාප, මිත්‍රශීලී අයෙකු බැවින් නිරන්තරයෙන්ම උසස්‌ මිතුරු මිතුරියන් ඇසුරු කිරීමෙන් මහත් සතුටක්‌ ලබනු ඇත.

 ධනු ලග්නයෙන් උපන් ඔබ සහජයෙන්ම බුද්ධිමත්ය. සාකච්ඡා මගින් ප්‍රශ්න විස¹ ගත හැකිය යන මතය ඔබ තුළ කි¹ බැස ඇත. යහපත් මානුෂික ගුණධර්මවලින් ඔබ නිරන්තරයෙන්ම පොහොසත් වන අතර ඇසුරු කරන්නන්ගේ සිත් රිදෙන අයුරින් කටයුතු නොකිරීමට ඔබ හැම මොහොතකම උත්සාහ ගනු ඇත. අන්‍යයන් ඉදිරිපත් කරන ඉතාම හොඳ අදහස්‌වලට මුල්තැන දී කටයුතු කිරීමට තරම් ඔබ බුද්ධිමතෙකු බව එකහෙළා පැවසිය හැක. උපතින්ම කාරුණික හදවතකට උරුමකම් පාන ඔබ, වරදකරුවන්ට පවා සමාව දෙන්නට සෑදි පැහැදී සිටින අතර ඔවුන්ගෙන් සිදු වූ වරද අමතකර කර දැමීමට ද සූදානම් අයෙකි.

මෙම යහගුණය හේතු කොට ගෙන ධනු ලග්නයෙන් උපත ලද ඔබ සමාජයෙන් උසස්‌ ගරු නම්බු ලබා ගන්නා අතර ගෞරවනීය දිවිපෙවෙතකට උරුම හිමිකම් පානු ඇත. එමෙන්ම හොඳ ජීවන තත්ත්වයක්‌ පවත්වාගෙන යැමේ මනා හැකියාවක්‌ ද ඔබ සතුව පවතී ප්‍රඥකාරක ගුරුට අයත් ධනු ලග්නයෙන් උපන් ඔබ දැඩිව ගත් තීරණයන් කිසි ලෙසකින්වත් වෙනස්‌ නොකරන අතර තමන්ට අයිති නැති වැඩවලට ඇඟිලි ගසන්නේද නැත. බොහෝ විට සැකයෙන් හා අවිශ්වාසයෙන් කටයුතු කරන ඔබ දුර පළාත්වල ඇවිදීමට මෙන්ම වන්දනා හා විනෝද ගමන් යැමට ද මහත් රුචියක්‌ දක්‌වයි. එමෙන්ම ඔබ සොබා සෞන්දර්ය අගය කරන්නෙකු ලෙස ද පෙන්වා දිය හැක.

 රාජකාරිය දේවකාරියටත් වඩා ඉහළින් සලකන ධනු ලග්නයෙන් උපන් ඔබ තම හාම්පුතුන් හටද දක්‌වනුයේ ඉමහත් ගෞරවයකි. එමෙන්ම අවනත භාවයකි. ඔවුන්ගෙන් හෝ යම් අයුක්‌තියක්‌, අසාධාරණයක්‌ තමාට හෝ අන් අයෙකුට සිදු වුවහොත් තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට මොහොතක්‌ හෝ පමා වන්නේ ද නැත.අසරණයන්, දුර්වලයන් හා පීඩිතයන් කෙරෙහි උපන් මානව දයාවෙන් ඔබේ ආත්මය පිරී ගොසිනි. පිනට දීමට දක්‌වනුයේ බලවත් ආශාවකි. ආගම පිළිබඳව වුවද අනවශ්‍ය අන්දමට කටයුතු කරන්නේ නැත. "ඕනෑම දෙයක්‌ ඕනෑවට වැඩියෙන් ඕනෑම නැත" යන සංකල්පයේ පිහිටා කටයුතු කරන ඔබ කිසිම දෙයක්‌ ඕනෑවට වඩා සිතට ගන්නා අයෙකු නම් නොවන බව අනිවාර්යයෙන් පැවසිය හැකිය.

 ජ්‍යෙdතිෂය හා ගුප්ත විද්‍යාවන් පිළිබඳ දැනුම හා දක්‌ෂතා ඔබට උපතින්ම උරුම වූවකි. ඔබට ඇත්තේ එය වැඩි දියුණු කර ගැනීම පමණි. දේව ආකර්ශනයෙන් හෝ මළගිය ප්‍රාණකරුවන් ලවා හෝ ශාස්‌ත්‍ර කීම, අනාවැකි පැවසීම මෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් ඔබට හැකියාව ඇත. එය ඔබ සහජයෙන් ලද දායාදයකි.නිදහස්‌කාමී ජීවිතයක්‌ ප්‍රාර්ථනා කරන ධනු ලග්නයෙන් උපන් ඔබ නිහතමානී බවෙන් යුක්‌තය. එමෙන්ම තරමක්‌ ආඩම්බරය. සමාජයේ ඉහළින් ජීවත් වීමට ආශා කරන ඔබ තුළ දඩබ්බර, හිතුවක්‌කාරී බවක්‌ ද නැත්තේ නොවේ. නමුත් වැඩිම කාලයක්‌ ගත කරනුයේ සන්සුන් ලෙසින් වීම ඔබගේ විශේෂත්වයයි.

 අධ්‍යාපන කටයුතුවලට මෙන්ම පොතපත කියවීමටත් ඔබ තුළ ඇත්තේ නොමද ආශාවකි. නොයෙක්‌ විද්‍යාවන් ඉගෙනීමටත්, විද්‍යා දැනුමින් යුතුව කතා කිරීමටත් ඔබ ගජ හපනෙකි. ධනුවෙන් උපත ලද ඔබ තුළින් තරමක පණ්‌ඩිතකමක්‌ ද බොහෝ අවස්‌ථාවලදී දැකගත හැකි අතර ඔබ ගත කරන සරල දිවිපෙවෙත ඔබගේ ජීවිතයට මහඟු ආභරණයකි.

 ඥති මිත්‍රාදීන් සමඟ සාමකාමීව හා සහජීවනයෙන් යුතුව ජීවත් විම ධනුවෙන් උපන් ඔබගේ බලාපොරොත්තුව වන අතර නමුත් එය අතේ දුරින්ය. ධනු ලග්නයෙන් උපන් ඔබ පිළිබඳව විශේෂයෙන් කිවයුත්තක්‌ ඇත. එනම් විවාහ දිවිය අසාර්ථක වීමට ඇති ඉඩකඩ වැඩි බවය. ප්‍රේම සම්බන්ධතා පවා අතමඟදී නොසිතූ ලෙස කැඩී බිඳී යැමට ඇති ප්‍රවණතාවය වැඩි අගයක්‌ ගනී.

 ලෙඩ දුක්‌ ගැන දුරතියා බිය වන ඔබ බොහෝ දුරට දරුණු ලෙඩ රෝගවලට ගොදුරු වන්නේ නැත. ඌෂ්ණ රෝග ඇති විය හැකි අතර අර්ශස්‌ රෝගය සෑදීමේ වැඩි ඉඩකඩක්‌ පවතින බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීමෙන් එම තත්ත්වය පාලනය කරගත හැක.

 සත්‍යවාදී, අවංක අයෙකු ලෙස ඔබ ප්‍රසිද්ධියට පත් වන අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙකු මෙන් ක්‍රියා කරන අවස්‌ථා ජීවිතයේ මැද භාගයෙන් පසු උදාවනු ඇත. ඔබගෙන් උපදෙස්‌ ගැනීමට බොහෝ දෙනා ඔබ සොයා එනුයේ මැදි වයසෙන් පසුව වීම මෙහි ඇති විශේෂත්වය වන අතර ඔබගේ නම යහපත් අයුරින් සමාජගත වනු ඇත. අනුන්ගේ සිත් නොරිදවන ඔබ zනයාද නොමරා, පොල්ල කඩා ගන්නේ ද නැතිව...." කටයුතු කිරීමට දක්‌ෂයෙකි. විශේෂයෙන් ඕපා දූප කතාවට අකැමැති ඔබ එම කාලයද බුද්ධිය දියුණු වන අන්දමේ කටයුතු සඳහා යෙදවීමට වග බලා ගනී. අහිංසාවාදී චරිතයක්‌ වන ඔබ තුළ කපටිකම් හා උපායශීලී බව අඩුවෙන් පිහිටා ඇත.

 ධනුවෙන් උපන් සමහරකු ආත්මාර්ථයෙන් ඔද වැඩුණ අය බව මගේ පර්යේෂණයන්ගෙන් හෙළි වුණ අතර ඔවුන් තමා සතු දෙයක්‌ යමෙකුට දෙන්නේ බොහොම කලාතුරකිනි. එයද බොහෝ අවස්‌ථාවලදී නොදීම බැරිකමට පොරැත්ත කිරීම මතය. එවැන්නන් සමාජයේ සිටිනුයේ අඩු වශයෙනි. ඔබ එවැනි අයෙකු නොවෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඔවුන් තම කට නිසා සමාජය තුළ වියවුල් සාදා ගන්නා බක පණ්‌ඩිතයන්ය. මොවුන් සමඟ කතා කර දිනන්නට බැරිය.

 ප්‍රසන්නවත් පෞරුෂයකට උරුමකම් කියන ධනුවෙන් උපන් ඔබට අලුතෙන් හඳුනා ගත් අයෙකු වුවද තම වසඟයට ගත හැකි උත්පත්ති හැකියාවක්‌ පිsහිටා ඇත. ආකර්ෂණීය වූ මනහර කටහඬ ඒ සඳහා ඔබට අනුග්‍රහය ලබා දෙනු ඇතැයි මට සිතේ. එසේ වුවද ඔබ ගත කරන සෝබනයෙන් තොර ගෞරවනීය ජීවිතය හේතුවෙන් කිසිවෙකුටවත් ඔබගෙන් අනතුරක්‌ සිදු නොවන බව ඉඳුරා පැවසිය හැක.නැපෝලියන් බොනපාට්‌ගේ මෙන් ඔබගේ ශබ්ද කෝෂයේ දනැහැ, බැහැ යන්න ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ඇත්තේඔව් පුළුවන් යන වචන දෙක වීම විශේෂත්වයකි. සමාජ සුබසාධනය හා අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් කැප වී කටයුතු කරන ඔබව පරාජය හමුවේ නිහඬ කිරීමට කිසිවෙකුටත් නොහැක.

    ඔබේ වයස අවුරුදු 36 ට පසු ජීවිතයේ දියුණුව ආරම්භ වන අතර දෙමාපියන්ගෙන් හෝ ස්‌වෝත්සහයෙන් විශාල ධනයකට උරුමකම් කියනු ඇත. ධනුවෙන් උපන් ඔබ කවදත් ලොකු වැඩවලට වැඩි කැමැත්තක්‌ දක්‌වන අතර පොඩි පොඩි වැඩවලට අත ගසන්නේද නැත. එය ලග්නාධිපති ගුරුගේ නෛසර්ගික ස්‌වභාවය හේතුවෙනි.


ධනුවෙන් උපන් ඔබගේ වචන ආඥ දායක වීම ඔබටම අවාසි සහගතය. එම නිසා තමා තුළ පවතින එම දුර්වලකම නිවැරදි කර ගැන්මට අදිටන් කර ගත යුතුය. විනීත භාවයත්, ක්‍රමානුකූල වැඩපිළිවෙළත් නිසාම ඔබ දියුණුව සලසා ගන්නා අතර ගනුදෙනුවලදී දැඩි ප්‍රවේශම් සහගත බවක්‌ දැක්‌වීම හේතු කොටගෙන අනාගත ආර්ථික සූරක්‌ෂිතභාවය සලසා ගනු ඇත. නමුත් එය ලෝභ කමක්‌ නොවන්නකි. ඔබට සුදුසු රැකියාවන් අතර හෙද, හෙදි සේවය, වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, කථිකාචාර්ය, උපදේශක, ආචාර්ය, මහාචාර්ය තනතුරු, ගුරු වෘත්තිය වඩාත් ගැලපෙන අතර එම වෘතතීන්වල යෙදීමෙන් ඔබට ආර්ථික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද තෘප්තිමත් ජීවිතයක්‌ ගත කළ හැකි අතර විශේෂයෙන් ජනමාධ්‍යයන්ට සම්බන්ධ රැකියාවන් ඔබට දීප්තිමත් අනාගතයක්‌ සකසා දෙනු ඇත.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment