සත්‍ය ලෙසටම අහසේ ලග්නවල රූප තියනවාද | Gurukam.net - Gurukam.Net

Friday, April 24, 2020

සත්‍ය ලෙසටම අහසේ ලග්නවල රූප තියනවාද | Gurukam.net

                     


                            සිංහ ලග්නෙට සිංහයෙක්‌ගෙම රූපෙ දාල තියෙන්නේ ඇයි? ඕක බල්ලෙක්‌ගෙ රූපයක්‌ වෙන්න බැරිද? ඔය තාරකා කීපයක්‌ යා කරලානේ ඇඳලා තියෙන්නේ. මේ වූ කලි ජ්‍යෙතිෂයට විරුද්ධ තර්ක ගෙන එන කෙනකුගේ අභියෝගයකි.

 සිංහ විතරද?
ලග්නවලට අයිති ගවයෙකුගේ, කකුළුවෙකුගේ, ගෝනුස්‌සෙකුගේ ආදී රූප අහසේ තරු අතර තියෙනවද?
 මීන කියන්නේ මාළුවෝ දෙන්නෙකුට, තුලා කියන්නේ තරාදියකට. ඔය වගේ රූප ඔබට දැකගන්න පුළුවනි ද?
                     
                 රාත්‍රියට අහසේ පේන්නේ තාරකා ගොඩක්‌ විතරයි නේද කියලත් කෙනකුට හිතෙන්න ඉඩ තියෙනවා.

 එක්‌තරා තාරකා විද්‍යා පොතක තිබුණා ඉස්‌සර

 පැරැණි මිනිස්‌සු අහස දිහා බලාගෙන ඉන්නකොට එක එක සත්ව රූප දැක්‌කා කියලා. මේ මෝඩ නූගත් මිනිස්‌සු ඒ රූපවලට අනුව තාරකා පංති නම් කළා කියලා.ඇත්තටම ඔබේ ලග්නයටත් හිමිවෙන යම්කිසි රූපයක්‌ තියෙනවා. මේ රූප අහසේ දකින්නේ නැත්නම් ඇයි එහෙම නම් කළේ, මොනවද ඒවයින් කියන්නේ කියලා අපි ටිකක්‌ සාකච්ඡා කරමු.

 ලග්න රූපවලින් සංකේතවත් කරල තියෙන්නේ විශේෂ ජ්‍යෙdතිර්විද්‍යාත්මක හේතුවක්‌ ඇතිවයි. ලග්න කියන්නේ පෘථිවිය වටේ අංශක 360 කොටස්‌ දොළහකට බෙදල ඒවා ඇතුළේ තියෙන තාරකා පංතිවලට. මේ රාශි දොළහේ ගුණා ගුණ විවිධයි. ඒ වගේම ඒ ඒ රාශිවලින් කියන දේවල් විවිධයි. මේව වචන රාශියකින් කියනවට වඩා සංකේතයකින් පැහැදිලි කිරීම පහසුයි. ඒ ඒ ලග්න වලින් උපන් අයගේ ගතිගුණ, තත්කාල නිමිත්තේදී නම් ප්‍රශ්න කරන භූමියේ ස්‌වභාවය, බඩුවක්‌ නැතිවෙලා නම් ඒ බඩුවේ ස්‌වභාවය එහෙම තේරුම්ගන්න මේ සංකේත නිසා පුළුවනි.

 හැම රාශියක්‌ම ග්‍රහයෙකුට අයිතියි. ඉතින් මේ ග්‍රහයගෙ ස්‌වභාවයත් රාශියේ සංකේතයෙන් පේනවා. නව ග්‍රහයන්ට අයිති රාශි මෙහෙමයි.

 රාශිය ග්‍රහයා රූපය

 මේෂ කුජ එළුවෙක්‌

 වෘෂභ සිකුරු ගවයෙක්‌

 මිථුන බුධ නිඹුල්ලු දෙන්නෙක්‌

 කටක සඳු කකුළුවෙක්‌

 සිංහ රවි සිංහයෙක්‌

 කන්‍යා බුධ කන්‍යාවක්‌

 තුලා සිකුරු තරාදියක්‌

 වෘශ්චික කුජ ගෝනුස්‌සෙක්‌

 ධනු ගුරු ධනුර්ධර අශ්ව රූප යුගල

 මකර ශනි මකර රූපය

 කුම්භ ශනි කළයක්‌ කරටගත් මිනිසෙක්‌

 මීන ගුරු මත්ස්‍ය ජෝඩුවක්‌

 රවි හිමි සිංහ ලග්නය (සිංහයා)

 සිංහයාගේ රූපය, ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධාන ග්‍රහයා තමයි රවි නැත්නම් සූර්යයා. අනිත් ග්‍රහයෝ ගමන් කරන්නේ සූර්යා වටේ. ආලෝකය ලැබෙන්නෙත් හිරුගෙන්. මේ නිසා සතුන් අතර රජු ලෙස සැලකෙන සිංහ රූපය ඒ රාශියට හිමියි.

ඒ වගේම සිංහයා තනිව හැසිරෙන රජයේ ඉඩම් වනාන්තරවල වාසය කරනවා. පරාජය වෙන්න අකැමැතියි. සිංහ ලග්න හිමියන්ට මේ ගතිගුණ තියෙනවා. ශරීරයෙත් ප්‍රධානම ඉන්ද්‍රිය වන හෘදය වස්‌තුවට හිමියි.

 සඳු හිමි කටක ලග්නය. (කකුළුවා)

 රවිට හෘදය වස්‌තුව හිමිකරල තියනව වගේම රවිට ළඟින්ම අපට පේන ප්‍රධාන ග්‍රහයා වන සඳුට හෘදය වස්‌තුව ළඟම තියෙන ආමාශය හිමියි. කකුළුවා ජලාශ්‍රිත පරිසරවල වාසය කරනවා. සඳුගෙනුත් කියන්නේ දියර වර්ග ගැනයි. කටක ලග්න හිමියන්ටත් ආපෝ ධාතුව අධිපති වෙනවා. කටක උදාවෙන වෙලාවක නැතිවුණු බඩුවක්‌ ගැන ප්‍රශ්න කළොත් කකුළුවා වැනි රන්වන් පාට වෘත්තාකාර දෙයක්‌ බව කිව හැකියි.

 බුධ හිමි මිථුන (නිඹුල්ලූ දෙන්නෙක්‌)

 ස්‌ත්‍රී පුරුෂ නිඹුල් ළමයි දෙන්නෙක්‌ගෙ රූපය මිථුනයට හිමි වෙනවා. එක ළමයෙක්‌ගේ අතේ යගදාවක්‌. අනෙක්‌ ළමයගේ අතේ වීණාවක්‌. මෙයින් කියන්නේ සටන් කිරීමේ හා පිඹීමේ ශක්‌තියයි. හෘදය වස්‌තුව ළඟම තියන පෙණහලු දෙකට අධිපති වෙන්නේ රවි ළඟින්ම ගමන් කරන බුධ ග්‍රහයාටයි. පෙණහලු දෙකත් හරියට නිඹුල් දරුවො වගේ සමාන රූප. ශරීරයට ශක්‌තියත් ශ්වසනයත් පෙණහලු හරහා ලැබෙනවා. මේ රූපය මගින් මේ දේවල් තේරුම් ගැනීම පහසුයි.

 බුධ හිමි කන්‍යා (කන්‍යාවකගේ රූපය)

 වී කරල් මිටියක්‌ එක අතකිනුත් ලාම්පුවක්‌ තවත් අතකිනුත් ගත්ත කන්‍යා ස්‌ත්‍රියකගේ රූපය තමා කන්‍යා ලග්නයට හිමි සංකේතය වන්නේ. කන්‍යා රාශියට හිමි වෙන්නේ ආමාශය ළඟටම තියෙන බඩවැල්. එතකොට මේ රූපය සංකේතවත් කරන වී කරල්වලින් ආහාරත්, ලාම්පුවෙන් එය ජීර්ණය කරන තේජෝ ධාතුවත් නිරූපණය කරනවා. තත්කාල නිමිත්තකදී කන්‍යා රාශිය උදාවෙනකොට බොහෝ වෙලාවට කන්‍යා ස්‌ත්‍රීන්ට හිමි ප්‍රශ්න උදාවෙනවා
.
 සිකුරු හිමි තුලා (තරාදිය)

 තරාදිය කියන්නේ තුලනය කරන්න අපහසු නිතරම චලනය වෙන දෙයක්‌. හරියට කිරල මැනල ගන්නයි තරාදිය තියෙන්නේ. ඒ වගේම තුලා ලග්නය හිමි අයත් හරියට කිරල මැනල බලල අපක්‌ෂපාතිව තීරණ දෙනවා. විනිශ්චයත් දීමට ඉතාම සුදුසු කෙනා තුලා ලග්නකරුවායි. මේ තුලා රාශිය තරාදියකින් සංකේතවත් කරන්නේ මේ නිසායි.

 සිකුරු හිමි වෘෂභ (ගවයකුගේ මුහුණ)

 මේ සංකේතයත් හරිම ශාස්‌ත්‍රීය පදනමක්‌ මත පිහිටලයි දාලා තියෙන්නේ. වෘෂභ රාශියෙන් පෙන්වන්නේ මුහුණ ගැනයි. ඒක තේරුම්ගන්න ගවයකුගේ මුහුණ පෙන්නල තියෙනවා. වෘෂභ කියන්නේ තිර-ස්‌ථිර රාශියක්‌. මේ ලග්නෙන් උපන් අයට තරමක්‌ මහත ශරීරයත්, සෙමෙන් චලනය වීමත්, බර ස්‌ථිර ඉඩකඩම් හිමි වීමක්‌ පෙන්වනවා. ගවයාත් චලනය සෙමෙන්.


 කුජ හිමි මේෂ (එළුවා)

 ශරීරය ආරක්‌ෂා වෙන්නේ හිසෙන්. ඒ වගේම මේෂය සංකේතවත් කරන්නේ එළුවෙකුගේ හිසෙන්. ඒකත් චර රාශියක්‌. චර කියන්නේ නිතර චංචල වෙන බව. ඉතින් එළුවන් කිසිම වෙලාවක එක විදිහකට ඉන්නෙ නැති නිතර එහෙ මෙහෙ යන සතෙක්‌. එළුවා ඉන්නේ ජලාශ්‍රිත පරිසරවල නෙවෙයි. මේ අතරේ මේෂයත් තේජෝ ධාතුව අයත් ඉහළ ප්‍රදේශ නියෝජනය කරනවා.

  ශනි හිමි මකර (මකරා)

 මකර රූපය හැදිල තියෙන්නේ තවත් සත්ව රූප ගණනාවක්‌ එකතු වෙලා. ඇත්තටම ඒ කල්පිත සතෙක්‌. ඒ වගේම මකර ලග්න හිමියන්ට ඒ ඒ තැනේ හැටියට තමන්ගේ ස්‌වභාවය වෙනස්‌ කරගන්න හැකියාව තියෙනවා. ශරීරයේ දණහිස්‌, ඇටකටු, කෙස්‌ වගේ දේවල්වලට මකර රාශිය අධිපති වෙනවා. මේ සන්ධි විවිධ වගේම චලනය වෙනවා. මකර සත්ව රූපයත් එහෙමයි.

 කුජ හිමි වෘශ්චික (ගෝනුස්‌සා)

 ගොනුස්‌සා ඉන්නේ වැඩිපුරම කසළ ගොඩවල්වල. ඒ වගේම වෘශ්චික කියන්නේ ආම්ලික දියර වර්ගවලට. ශරීරයේ මළ මාර්ග, බහිස්‍රාවය කෙරෙන ස්‌ථාන තමා වෘශ්චික රාශියට අයිති වෙන්නේ. නිතර චලනය නොවන අපිරිසිදු කසළ ගොඩවල් ආශ්‍රිතව ඉන්න ගෝනුස්‌සාගෙන් වෘශ්චික රාශිය සංකේතවත් කරනවා.

 ගුරු හිමි ධනු රාශිය (අශ්ව රූප යුගල)

 ධනුර්ධර අශ්ව රූප යුගල එඩිතර ධනුර්ධර රූපයක්‌, අශ්වරූපයත් එකතුව තමා ධනු ලග්නය සංකේතවත් කරන්නේ. ශක්‌තිය පෙන්නනවා. ඒ වගේම රූප දෙකක එකතුවක්‌. ශරීරයේ කලවා ප්‍රදේශයට අයිති වෙනවා. ධාවනයට අශ්වයා දක්‌ෂයි. ඒ වගේම ශරීරයේ කලවා ප්‍රදේශ ශක්‌තිමත් වීම පෙන්වනවා.


 ශනි හිමි කුම්භ (කළයක්‌ කරතියාගත් මිනිසා)

 කුම්භ කියන්නේ කළේට. කරේ තියාගෙන ඉන්න මේ කළය ඇතුළ පිරිලා තියෙනවාද, බාගයක්‌ පිරිලා තියෙනවා ද කියලා පිටින් බලලා කියන්න බැහැ. ඒ වගේම කුම්භ ලග්න හිමි අයගේ හිත ඇතුළේ තියෙන දේ එළියට පෙන්නන්නේ නෑ. දැනගැනීම දුෂ්කරයි. මහජනයාට සේවය කරන්න බර දරන ජනතාවාදී අය කුම්භ ලග්නයෙන් ගොඩාක්‌ ඉපදිලා තියෙනවා.

 ගුරු හිමි මීන ලග්නය

 (මාළුවන් දෙදෙනෙක්‌)

 මාළුවන් දෙදෙනෙකුගේ රූපය තමා මීන ලග්නයට හිමි වෙන්නේ. මාළුවෝ ඉන්නේ ජලාශ්‍රිතවයි. ඉතින් ශරීරයේ පාදවල යටි පතුල් දෙක මීනයට හිsමි වෙනවා. හරියටම මාළු දෙන්නා වගේ. මීන ලග්න හිමියනුත් වතුරට කැමැතියි. ආපෝ ධාතුව අධිකයි.

 මේ විදිහට ග්‍රහයන්ට හිමි රාශිවල සංකේත ඒ ග්‍රහයන්ගෙන් උපන් ලග්න හිමියන්ගේත් ගතිගුණ සංකේතවත් කරනවා.




උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment