නොසිතූලෙස හිරේ විලංගුවේ පවා වැටෙන ග්‍රහ යෝග | Gurukam.net - Gurukam.Net

Thursday, April 23, 2020

නොසිතූලෙස හිරේ විලංගුවේ පවා වැටෙන ග්‍රහ යෝග | Gurukam.net


                             සතුන්ට මෙන්ම මිනිසාටද හිර ගෙවල්වල කූඩුවලට කොටුවී මුළු ජීවිත කාලයම ගෙවන්නට සිදුවේ.  මිනිසාට මෙන්ම ඕනෑම සත්වයෙකුට නිදහස තරම් උත්තරීතර දෙයක්‌ තවත් නොමැති තරම්ය. මෙසේ වන්නේ ඇයි? තමන් විසින් පූර්ව ආත්මයේ කළා වූ යම්කිසි අකුසල කර්මයක ප්‍රතිඵලයක්‌ විය හැක.මෙලොව උපදින සෑම අයෙකුම ස්‌වකීය මූලික ජෛව ශක්‌තීන් වන සමස්‌ත විශ්ව ශක්‌තිය ග්‍රහනය කර ගනිමින් ක්‍රියාකාරී ජීවියෙකු බවට පත්කරයි.

 කර්මානුරූපීව උරුම වූ සහජයන් සමඟ ඔහු පරිසරය හා ඒකාබද්ධ වේ. පරිසරය හා ඒකාබද්ධ වන ආකාරයත්, ප්‍රතික්‍රියා දක්‌වන ආකාරයත්, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වෙයි.

මේ අනුව යම්කිසි පුද්ගලයකු හැදුණු වැඩුණු පරිසරය, මාපිය වැඩිහිටි සම්බන්ධතා සහ ආර්ථික හා සමාජමය පහසුකම් ආදී කරුණු ගණනාවක්‌ පුද්ගල පෞරුෂය හා සම්බන්ධයෙන් බලපානු ලබන අතර දරිද්‍රතාවය හා බැඳුණු සංකීර්ණ හේතූන් රාශියක්‌ පුද්ගල චරිත සංවර්ධනය කෙරේ බෙහෙවින් බලපායි.

 විශේෂයෙන් අඩු අධ්‍යාපනයක්‌ ලත් අය අතර කායික අක්‍රමිකතා හා සමාජ විරෝධී ක්‍රියාවන් බහුලව දක්‌නට ලැබේ. මේ අතර වත්මන් සංකීර්ණ සමාජ ක්‍රියාවලියට ධනාත්මකව අනුගත වීමට නොහැකි අයද බොහෝ විට සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළඹෙති.

 උපදින මොහොතේ ක්‍රියාත්මක වන විශ්ව ශක්‌ති බලය නිරූපණය කරන ජන්ම කේන්ද්‍ර සටහන ඇසුරින් පුද්ගලයාගේ අභ්‍යන්තර මානසික ශක්‌තීන්, ප්‍රවණතා මෙන්ම චරිත ලක්‌ෂණ විමසීමට ලක්‌ කිරීම ජ්‍යෙdතිෂයේ ප්‍රධාන කාර්යයක්‌ වේ.

 යම්කිසි පුද්ගලයකු බන්ධනාගාරගත වීම සඳහා ග්‍රහයන් ඊට පසුබිම සකස්‌ කළ යුතු වේ. එසේ නොමැතිව යම්කිසි පුද්ගලයකු නීතිය ඉදිරියේ වරදකරුවකු වී බන්ධනාගාරගත නොවේ.

 ලග්නාධිපති හය අධිපති සමඟ සංයෝග වී ත්‍රිකෝණ ස්‌ථානයක පතිත වීම පිරිහුණු මානසිකත්වයක්‌ පෙන්නුම් කරයි. එමෙන්ම චිත්තාධිපති සඳු දුබල වී සිවුවැන්න ශනි. කුජ, රාහු වැනි පාපී ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්‌වීමත්, මානසික පීඩාවන්ට අපරාධවලට නැඹුරු වූ අය බිහිකරන යෝග වශයෙන් සැළකේ.

 සඳු, සිකුරු සහ කුජ පාප රාශිගත වීමත්, හතේ කුජ, රාහු සහ ශනි සිටීමත් මානසික වශයෙන් අසහනකාරී චිත්තවේග මෙන්ම අපරාධවලට යොමු කරවන සිතිවිලි පහළවන තත්ත්වයක්‌ ඇතිවේ. මෙවැනි පිහිටීම් සහිත ජන්මීහු බොහෝ විට අපරාධයන්ට පෙළඹවීමේ ප්‍රවණතා පෙන්නුම් කරයි. කිසියම් කේන්ද්‍රයක ගුරු ග්‍රහයා නීචව හෝ සතුරුව හෝ පාප ග්‍රහ පීඩාවකට ලක්‌වී හෝ දොළොස්‌ වැන්නේ සිටියහොත් එම කේන්ද්‍ර හිමියා අධිකරණයක්‌ මගින් නඩු විමසා බන්ධනාගාරගත කරනු ඇත.

 රාහු කේතු දොළොස්‌ වැන්නේ දුර්වලව යෙදී සිටියහොත් එවැනි ග්‍රහ යෙදුමක්‌ හිටියාද බන්ධනාගාර ගතවීමේ හෝ දින කිහිපයක්‌ පොලිස්‌ සිර මැදිරියක රඳවා තබා ගැනීමට හෝ පසුබිමක්‌ යෙදේ. රාහු, මේෂ, කටක, වෘශ්චික, ධනු යන රාශිවලින් එකකද, කේතු, වෘෂභ, මිථුන, තුලා, මකර, කුම්භ යන රාශිවලින් එකකද සිටීම ඉහත කී වාතාවරණය සැකසීමට උපකාරී වේ.

 සෙනසුරු දොළොස්‌වැන්නේ මේෂ, වෘශ්චික, කටක යන රාශිවලින් එකක සිටියදී අඟහරුගේ දෘෂ්ටියට (4, 7, 8) ලක්‌වී සිටියහොත් එම කේන්ද්‍ර හිමියාද කිසියම් සොරකමකට හෝ රහසිගත කුමන්ත්‍රණයකට හෝ හවුල් වී දඬුවම් ලබා බන්ධනාගාරගත වීමට ඉඩ තිබේ. සෙනසුරු මෙවැනි දේ නිවේදනය කරන ග්‍රහයා වන අතර රාත්‍රියේ කෙරෙන සොරකම්වලට මුල්වන ග්‍රහයාද වේ.

 ග්‍රහ මණ්‌ඩලයේ පාප ග්‍රහයන් දෙදෙනා වන කුජ හා ශනි කේන්ද්‍රයේ දොළොස්‌වැන්නේ ඔවුනොවුන්ට සතුරා රාශිවල එක්‌වී සිටියහොත් එවැනි ග්‍රහ යෙදුමක්‌ හිමි කේන්ද්‍ර හිමියාද රහස්‌ කුමන්ත්‍රණවල යෙදීමේ චෝදනාව යටතේ විශේෂයෙන් රාජ්‍ය විරෝධී සිරදඬුවම් ලබනු ඇත.

 පෙරදිග ජ්‍යෙdතිෂයේ පමණක්‌ අවධානය යොමු කොට ඇති යුරේනස්‌, නැප්චූන් වැනි ග්‍රහයන්ගේ පිහිටීම ගැනද අපගේ සැලකිල්ලට භාජන කිරීම වැදගත් වේ.

 යුරේනස්‌ 12 වැන්නේ වෘෂභ, සිංහ රාශියක සිටියදී අඟහරු, වෘශ්චික, කුම්භ වැනි රාශියක සිට සප්තම දෘෂ්ටියෙන් යුරේනස්‌ දකිනු ලැබුවහොත් එම තැනැත්තා බන්ධනාගාරගත වන්නේ යම්කිසි කල කෝලාහලයකට සම්බන්ධ වීමෙන් හෝ අධික කෝපයට පත්වී කිසියම් අපරාධයක්‌ කිරීම හේතු කොටගෙනය. රවි, යුරේනස්‌ 12 වැන්නේ යෝග වී සිටීම තුළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවලට සහභාගි වීම තුළින් නීතිය ඉදිරියේ වරදකරුවකු විය හැක.

 12 වැන්නේ රවි නීච වූ විට (තුලා රාශියේ) රාජ්‍ය කුමන්ත්‍රණ හේතු කොටගෙන රාජ්‍ය විරෝධී වූ විට කෙනකු බන්ධනාගාරගත වේ. හයවැන්නේ ශනිද යෙදී සිටියහොත් ජන්මියා අනිවාර්යයෙන්ම සිරගත වේ.

 නීච චන්ද්‍රයාද ඇතැම් අවස්‌ථාවලදී කෙනකු බන්ධනාගාර කරවීමට පුළුවන. එහෙත් එය එතරම් බරපතළ නැත. සඳු අම්මාය. අම්මා කෙනකු කිසි විටෙක හිංසනයට පත් නොකරයි. නීච සඳු යනු වෘශ්චික රාශියේ යෙදුණු සඳුයි.

මෙම නිච සඳු 12 වැන්නේ සිටින අතර ශනිගේ දෘෂ්ටියක්‌ 9 වැන්නේ සිට හෝ 6 වැන්නේ සිට යෙදුනහොත් ජන්මියා අනිවාර්යෙන්ම බන්ධනාගාරගත වේ.කටක හෝ මීන රාශිය ලග්නය වී එහි අඟහරු සිටීම හේතු කොටගෙන ජන්මියා මත්පැනට ඇබ්බැහි වී කාන්තාවන් සමඟ ආරවුල් ඇති කරගෙන විශේෂයෙන් සමාජ ශාලාවල් හෝ හෝටල්වලදී පොලිසියට හසුවී පොලිස්‌ සිර මැදිරිවල ලැගීමට සිදු වේ.


 කුජ, යුරේනස්‌ යෝගය කේන්ද්‍රයක 1, 3, 9, 10, 12 යන භාවයන්ගෙන් එකක යෙදීමද කේන්ද්‍ර හිමියා සිරගත වීමට මං සලසන යෝගයකි.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment