හරියට නොකළොත් භයානක ප්‍රතිඵල ගෙනෙන වශී ගුරුකම් | Gurukam.net - Gurukam.Net

Wednesday, April 22, 2020

හරියට නොකළොත් භයානක ප්‍රතිඵල ගෙනෙන වශී ගුරුකම් | Gurukam.net



                                   වශී කියන්නේ , ජ්‍යෙතිෂයේ යන්ත්‍ර මන්ත්‍ර..... වගේම ඉතාම ප්‍රයෝජනවත් අංගයක්‌  . වශී ගුරුකම් කිව් විලසින්ම ඔබේ හිත දුව යන්නේ ගැහැනු ළමයෙක්‌, පිරිමි ළමයෙකුට, පිරිමි ළමයෙක්‌ ගැහැනු ළමයෙකුට අකමැත්ත නිසා ගුරුකමක්‌ කරලා යාළු කර ගන්න එක නේද?.

                                     එහෙමත් නැත්නම් තම හිත ගිය කෙනාව තමා ළඟට ගන්න නේද? ඒකත් වශී කොටසට අයත් තමයි. නමුත් ඊට වඩා ඉතා වැදගත් ප්‍රමාණයක්‌ මීට අඩංගු වෙනවා.

                                    වඩා වැදගත් තැනක්‌ දුන්නා රොඩී කුලයේ අය මේ වශී ගුරුකම් වලට. ඒ ඒ අය වශී ගුරුකම් කළේ හංගලා. ඒ නිසාම ඒවාට වටිනාකමක්‌ ලැබුණා. ඒත් දැන් ඒවා මුදලට වාල් වෙලා. වරු 3 න් ගෙන්වනවා කියනවා. වරු 7 න් ගෙන්වනවා කියලා මුලා කරනවා. ඔබ මේ මන්ත්‍රය කියෙව්වාම ඔබට වැටහේවි වශීවල නියම පැත්ත.

අයිං ශ්‍රීං කලිං භගවතී ශ්‍රී මාතාංගේශ්වරී - සර්ව මුඛ රාජිනී සර්ව ජන මනෝහරී - සර්ව ස්‌ත්‍රී/ පුරුෂ වසංකරී - සර්ව යක්‍ෂ - ප්‍රේත වසංකරී - සර්ව සභා වසංකරී - සර්ව සත්ව වසංකරී - සර්ව ධන ධාන්‍ය වසංකරී......" ඔන්න ඔය විදියටයි මන්ත්‍රය අවසන් කරන්නේ.

                                බලන්න කොච්චර දේවල් වශී කරනවද කියලා. මේ වශී තෙල් රත්තරන් හෝ රන් ආලේපිත පුංචි සුරයක බහාලා අවශ්‍ය අයට පෙනෙන පරිදි බෙල්ලේ පළ¹ගෙන ඉන්න ඕනෑ. එවිට ඒ පුද්ගලයා මේ තෙල් වලට වශී වනවා.

                                ඒ තෙල් වල බලය නිසා. මේක බලශක්‌තිය ඒකරාශී කරන ක්‍රමයක්‌. බලශක්‌තිය ස්‌ථානගත කරනවා. තවත් එකක්‌ කියන්නම ඕනි. මේ තෙල්, යන්ත්‍ර දාපු සුර වගේ බොහෝ කලක්‌ බල පිහිටන්නේ නැහැ. ස්‌වකීය අවශ්‍යතාවය ඉටුවුණායින් පසු බලය ක්‍රමයෙන් අහෝසි වනවා.

                                තව දෙයක්‌ තමයි ඒ තෙල් මැතිරීමේ වාර ගණන පුදට තබන මල් වර්ග හා පූජෝපහාර - ඇදුරුතුමාගේ පවිත්‍රතාවයන් බලපානවා. රහමෙර බීගෙන කිලි ආහාර අරගෙන මේ ගුරුකම් කරන්න බැහැ. සොහොන් පිටිවල යක්‍ෂ - භූත ගුරුකම්වලදී මේවා කැපයි. වශී වලදී තහනම්. මේ සියල්ල සම්පූර්ණ කර තෙල් සහිත සුරය බෙල්ලේ පැළැඳුවා නම් කිරි ගහට ඇන්න වගේ ප්‍රතිඵල. මම මේ ගුරුකම් කරලා අවසන් කරලා මුදල් ගත්තාට පසුවත් මට මුදල් තෑගි දීලා තිබෙනවා ඔවුන්ගේ සතුටට. අහක බැලූ අයත් නැතුව නොවේ. නමුත් වැඩේ හරිගිය බව මම දන්නවා. මේ වගේ වශී ගුරුකම් කරන කොට පිළිවෙළක්‌ තිබෙනවා.

                                    ජ්‍යෙdතිෂය කරන කොට පංචාංගය දැනුවත් වෙන්න ඕන වගේ ගුරුකම්වලදී යන්ත්‍ර මන්ත්‍ර ඉනා, ස්‌පුඨ - දිශ්ඨ§ - පලිප්පු - ප්‍රාණ යනාදිය ගැනත් දැනුමක්‌ තියෙන්න ඕනෑ. මතුරන වාර ගණනක්‌ විශේෂයි. විශේෂයෙන් වශී වලට ස්‌පර්ශයක්‌ තිබෙන්න ඕනෑ. මේ ළඟදී හිතවතෙක්‌ මට කිව්වා දාලා ගිය අය ගෙන්වා ගන්න යන්ත්‍රයක්‌ රත්කරලා හරියන්නේ නැහැ කියලා. ඒවා නිකං රත් කරලා හරියන්නේ නැහැ තමයි. පස්‌පැඟිරි දර වලින් පුච්චලා රත් කරන්න ඕනෑ. ඔය හරි ගියේ ය .ඒ වගේ පුංචි දේ වුණත් හරියටම නියමිත දේ කරන්න ඕනෑ. මට නම් ඔය නම්වලට වශී කරලා පුරුද්දක්‌ නැහැ. සමහර වශී තිබෙනවා කෑමට බීමට දමනවා.

                                     ඒකෙන් ලැබෙන දීර්ඝ කාලීන විපත් ගැන කල්පනා කළොත් හොඳයි. ගොඩක්‌ අය කරනවා ප්‍රතිඵලය නොදන්නා කමින් ශරීරයට යමක්‌ කවන්න පොවන්න දෙනව නම් ඒක ශරීරයෙන් කලකදී පිටවන්න ඕනෑ මළ මාර්ගයෙන්. එහෙම පිටනොවී ශරීරයේ රැඳෙනවා නම් කාටවත් දෙන්න එපා. ඒවා කාලීනව සතුට ලැබුවාට දීර්ඝ කාලීනව අඩු වයසින් සමු ගන්නවා අපි සියල්ලන්ගෙන්. එහෙම කළොත් ඉදිරි භවයකදී වත් වන්දි ගෙවන්න කළ පිං මදි වේවි. මේ වශී හොඳයි කල්පනා කරලා බලලා හිතලා ප්‍රතිඵලය සුභයි නම් කරන්න. ගෙදර දරුවෝ දෙමවුපියන්ට අකීකරුයි නම් 'කුවේනි දැහැන් හත වශී කරලා දරුවන්ගේ ඔළුවේ ගාන්න. යසට කීකරු වේවි. ඕවා පුංචි වශී ක්‍රම. සමහර භාර්යාවන්ට තම සැමියාට, සමහර සැමියා භාර්යාවන්ටත් නොදන්වා කෲර ලෙස සලකනවා වෙනත් සම්බන්ධකම් උඩ.

                                ඒ වෙලාවට පවුලේ සාමය සඳහා වශියක්‌ කළාම නරකද? කොච්චර පිං සිදුවනවාද? මට පිං දීලා තිබෙනවා ඒවා ශරීරවලට කිසිදු හානියක්‌ නැහැ.

                               මේ එක එක ගුරුකම්වල හැටියටයි මතුරන වාර ගණන කරන්න ඕනෑ. ඒ වගේම ඇදුරු මහතාගේ හැසිරීම බලපානවා. ඕනෑම වශියක්‌ කරලා එක පාරටම අවශ්‍ය කෙනාට බාරදෙන්න එපා. ඒ තෙල් බහාලූ රං ආලේපිත සුරය 'කයිල' වැළකට අල්ලන්න ඕනෑ. එවිට මේ කයිල දලුව තමා වෙත නැමේවි. අන්න ගුරුකම හරි. ඒක කතා නොකර පසුවදා අලුයම කරන්න ඕනී. මේ වශී නියම විදියට නියම දිනයක ඒ කිව්වේ පුර තීර්ථය කළොත් ප්‍රතිඵල තමයි. ටිකක්‌ හරි වැරදුනොත් ප්‍රතිඵලත් ප්‍රමාදයි. හරියටම කරන්න ඕනෑ. පුංචි උදාහරණයක්‌ කියන්නම්. මතකද ඒ දවස්‌වල වශී ගුරුකමක්‌ කළා කෑමට ගන්නා ලුණුවලට=, අබ මතුරලා. ඒ ඉස්‌සර. ඒක දැන් හරියන්නෙ නැහැ. කරලා බලන්නකෝ. දැන් තියෙන ලුණුවල අයිඩිං මිශ්‍රයි. ඒ නිසා ගුරුකම් හරියන්නේ නැහැ. ඕක මටත් වුණා. ගන්න ලේවා ලුණු හරියටම හරි. සමහර ගුරුකම් වලට බල්ලකුගේ ලෙයින් තමයි මිශ්‍ර කර අඹරන්නේ. ඒත් හැම බල්ලන්ගෙම හරියන්නෙ නැහැ. ඌ තද කළුපාට විය යුතුයි. මන්ත්‍ර පොතේ තියෙන්නේ කලු බල්ලකුගේ ලේ කියලා. ඕවා අනුපාන අපි දැන ගන්න ඕනෑ. කවුරුත් දන්න ගුරුකමක්‌ තමයි මිනී අළු ගෙරිපස්‌ මතුරලා බිත්තරයකට දාලා මතුරලා ගෙවල්වලට ගැහැව්වාම පාලු වෙන එක.

                                    ඒක එහෙම වන්නේ නැහැ. කුළුදුල් බිත්තරයක්‌ වෙන්නත් ඕනෑ. ඒකත් ගම්බිත්තරයක්‌ වෙන්නම ඕනෑ. මම දුටුවා සමහර මන්ත්‍ර පොත්වල ලියා තිබුණා. ඒ එකත් වත් හරිගියේ නැහැ. මම බොහෝ ඒවා පරීක්‍ෂණ කරන නිසා මම දන්නවා ඒවා බොරු බව. පරම්පරාවේ ගුරු ඇදුරො ළඟ නම් ඇති මේ මන්ත්‍ර හා ක්‍රම. මේ මන්ත්‍ර හරි පුදුමයි. සමහර අය ඉන්නවා කීයක්‌ හරි ගන්න ගුරුකම් කරනවා. දෙහි ගෙඩියක්‌ කපා ගන්න බැරි අය මහ ගුරුකම් කරනවා. එහෙම හරි නැහැ. ඔය ගොඩක්‌ මන්ත්‍ර උගුරෙන් ශබ්ද කරන්න ඕනෑ. ඒවා දිවෙන් කියලා බැහැ. වගකීමෙන් තව එකක්‌ කියන්නම්. ඔය පරීක්‍ෂා කරන්න වශී විතරක්‌ කරන්න එපා. ප්‍රතිඵල භයානකයි.

                                         අනික අපි වශී කරන්නේ මිනිස්‌ වර්ගයා විතරක්‌ නොවේ. යක්‍ෂ - ප්‍රේතයන් පවා වශී කරනවා. යක්‍ෂ ඉනාව අත්‍යවශ්‍යයි යක්‍ෂයන්ගෙන් වැඩ ගන්න. යක්‍ෂ ඉනාව බැඳගෙන යකුන්ගෙන් වැඩ ගත් කීර්තිමත් ගුරු හාමුදුරු කෙනෙක්‌ තමයි තොටගමුවේ ශ්‍රී රාහුල කිව්වේ. ඔබ අසා ඇති වශීවලට බලගතු දිව්‍ය රාජ වශීය හා රාජ තරංගනී ගැන. මේ වායේ ජප මන්ත්‍ර තිබුණාට අවශ්‍ය කරන ඖෂධ නැහැ. තිබුණත් හොයාගන්න අමාරුයි. දන්නා නැති කමින් බෙහෙත් පැළ විනාශ කරනවා.

                                     අපේ ශ්‍රී ලංකාවේ වටිනා පැළ වලට, බොරු කියලා විදේශිකයෝ ඒවා විනාශ කරලා දානවා. ඒ අපි හිස ඔසවාවි කියලා. ශ්‍රී ලංකාවේ ඔය කැළැවල වටිනා ඖෂධ වර්ග තිබෙනවා. අහලවත් තිබෙනවද? "සඳරාජ - ඉරරාජ - වනරාජ - කුඩා හැඩය - මහ හැඩය" ඕවා වටිනා බෙහෙත් පැළ. මේවා ඉතා අමාරුවෙන් තමයි මගේ යෙහෙළියකුගෙන් අධ්‍යයනය කර ගත්තේ. මේ වටිනා වශී වලට රන් තැඹිලි පොල් කටින් එල්ලා ගෙනවිත් උඩක තබලා මේ බෙහෙත් යුෂ සමඟ කකාරා ගන්න ඕනෑ. හරි අමාරුයි. පිළියෙළ කර ගන්න. හදාගත් ඒවා නැතුව නොවේ. අලුතින් හදන්න අමාරුයි.

වශී ගුරුකම්වලදී කුමන ජප මන්ත්‍ර වලින් මැතුරුවත් මහ මාතාංගේෂ්වරිය හෝ කුඩා මාතාංගේෂ්වරියෙන් වාර 108 පහු කරන්නම ඕනෑ. ඒක නියමයක්‌. වශී ගුරුකම් අත්දුටු ප්‍රතිඵල දෙන ශාස්‌ත්‍රයක්‌. හැබැයි බොරු කරන්න නම් බැහැ. අවශ්‍ය වෙලාවට විවාහය නොලැබුණොත්, ඇස්‌වහ කටවහ වැඩි වුණොත් එක පාරටම ජීවිතය කඩා වැටෙනවා. වෙලාවට විවාහය නැති නිසා කාවත් රුස්‌සන්නේ නැහැ. ඒ වෙලාවට දෙහි ගෙඩි 7 ක්‌ මතුරලා කප්පවා ගන්න. කිරි ගහට ඇන්න වගේ ජය.

                         ඔබ අහලා ඇති 'කුලම්බු' කියලා යමක්‌. ඒ කිව්වේ විෂ්ණු කුලම්බුව. පත්තිනි සැරය කියන ඒවා. එක එක දේව කෝප වලින් වැටී සිටින අයට හෝ එදිරිවාදීන්ට ගම්බිරිස්‌ ඇට කීපයක්‌ කටේ තබාගෙන ඉඳලා පාඩම් තියෙන කුලම්බුවකින් පුංචි මැතිරීමක්‌ කරලා මූණට පිම්බාම එදිරිවාදීන් වෙව්ලනවා. දේව කෝපවලට පිම්බොත් වැටී සිටින පිස්‌සා නැගිටිනවා. හරි බලගතුයි. සමහර දේවාලවල බලය පෙන්වන්න ඕවා කරනවා. නමුත් බුද්ධ මන්ත්‍රයක්‌ සිහිකර ගත්තොත් ඒ බලය පෙන්වන්න බැරි වෙනවා.

                          ඔය පත්තිනි මෑණි, හනුමන්තා වැඩ කළේ හාස්‌කම් පෙන්නුවේ ඔවුනොවුන්ගේ පවිත්‍රතාවය උඩ. ඒ වගේම ඇඳුරුතුමා පිරිසිදු වෙන්න ඕනෑ ගතින් සිතින් වශී ගුරුකම්වලදී. ඔය අය දන්න දෙයක්‌ තමයි පොඩි දරුවො පාසල් ඉගෙනීමට කම්මැලි වුණොත් අදක්‍ෂ වුණොත් සරස්‌වතී දැහැණ මතුරලා දාපුවාම හරි. නමුත් ඒ දැහැණ ලොකු පන්තිවල ළමයින්ට හරි නැහැ. ඒ අයට බ්‍රහස්‌පති හා බුධට දමන නවනාථය හෝ සිවසිලම්බරය යන්ත්‍ර පළදින්න ඕනෑ. ඉස්‌සෙල්ලා ජන්ම පත්‍රය පරීක්‍ෂා කරවා ගෙන අවශ්‍යද බලන්න.

තව අලුත් දෙයක්‌ ලියන්න හිතුනා. අද පුවත්පතක මා දුටුවා මුදල් ගෙවා පළ කළ දැන්වීමක වෛද්‍ය විද්‍යාව ගැන සහතික තිබෙන අය. ජ්‍යෙතිෂ දේශනා දෙනවා කියලා. හරියට අඟහරුට අයිති වැඩ බ්‍රහස්‌පති භාරගත්තා වගේ.

මේවාට රැවටෙන්න එපා. ජ්‍යෙතිෂය කරන්න ඕනෑ ජ්‍යෙතිෂ දැනුමක්‌ තිබෙන අය. සමහර උගත් පිස්‌සන් මේ රටේ වැහි වැහැලා. ජ්‍යෙතිෂය කියන්නේ ලියවිල්ලක්‌ බලාගෙන ඉදිරිය කියන උතුම් ශාස්‌ත්‍රයක්‌


No comments:

Post a Comment