උපන් දවසට අනුව මෙතෙක් නොදත් කරුනු | Gurukam.net - Gurukam.Net

Thursday, April 16, 2020

උපන් දවසට අනුව මෙතෙක් නොදත් කරුනු | Gurukam.net


ඔබ උපත ලද්දේ වසරේ ඕනෑම මාසයක 01, 10, 19 සහ 28 යන දිනයකද?
එසේ නම්ප්‍රසිද්ධියත් වාසනාවත් නොඅඩුව ලබා දෙනු ඇත.  ඔබේ ජීවන අංකය වන්නේ අංක 01 යි. එය අයත් වන්නේ සූර්යය දිව්‍ය රාජයාට හෙවත් රවි ග්‍රහයාටයි. ඔබගේ ජීවිතයට රවි ග්‍රහයාගේ ආශිර්වාදයත්, ආරක්‍ෂාවත් නිබඳවම හිමිවන අතර, හිරුට අයත් ජීවන අංක 01 යටතේ උපත ලද ඔබ ඇත්ත වශයෙන් ම සැබෑම වාසනාවන්තයෙකි. 

එමෙන්ම සමාජය තුළ බලවත් අයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වන ඔබ, ඊට සමගාමීව දියුණුවට එක්‌වනු ඇත. ඔබ නිතරම ඔබ පිළිබඳව බොහෝ දුරට සිතන අයෙකු වන අතර බලය තමා සතු කර ගැනීමට නොතිත් ආශාවකින් පෙළෙන්නෙකි.

 සැලසුම් සහගතව ක්‍රියා කරන ඔබ, ඉලක්‌කයන් හඹා යැමට දක්‌වනුයේ පුදුමාකාර දක්‍ෂතාවකි. නායකත්වය ඔබට උපතින් ම උරුම වූවක්‌ වූ බැවින් නිරායාසයෙන් ම දෛවය විසින් ඔබව නායකත්වය කරා රැගෙන යනු ඇත. එහිදී ඔබ සතු පාලන හැකියාවන් හා දක්‍ෂතාවයන් සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කිරිමට අවස්‌ථාවන් උදාවන බවට විවාදයක්‌ නැත.

 ප්‍රබල සංවිධාන ශක්‌තියක්‌ උපතින්ම දායාද කර ගනිමින් රවි ග්‍රහයාට අයත් ජීවන අංක 01 න් මෙලොවට බිහි වූ ඔබ, ඕනෑම වගකිව හැකි භාරධූර කටයුත්තක්‌ භාර ගැනීමට කිසිම අවස්‌ථාවක පසුබට වන්නේ නැති බව මට විශ්වාසය. එමෙන්ම භාරගත් එම කාර්යය ඉතා උසස්‌ අන්දමින් නිම කිරීම හෝ නිම කරවීම ඔබ සතු උතුම් ගුණාංගයකි. වෙහෙස නොබලා වැඩ කිරීමත්, ධෛර්යවත් භාවයත්, මනා බුද්ධිමත්කමත් කරන කොට සමාජයේ වැදගත් නමක්‌ පවත්වා ගෙන යැම ඔබට අසීරු කටයුත්තක්‌ නොවනු ඇතැයි නිබයව පැවසිය හැක.

 ඔබ ජීවත්වන සමාජ ස්‌ථරය තුළ හෝ රැකියා කරන ස්‌ථානය ක්‍රමයෙන් උසස්‌ තත්ත්වයක්‌ කරා පිය නැගීම ඔබටම ආවේණික වූ ලක්‍ෂණයකි. ප්‍රබල සමාජ හා ජීවිත දැක්‌මක්‌ ඇති ඔබ ඔබගේම කටයුතු වලදී එය මනාව උපයෝගී කර ගනිමින් තම දක්‍ෂතා ලොවට ප්‍රදර්ශනය කරනු ඇත.

 තරමක මුරණ්‌ඩු ගති ඇති ඔබ අවදානම් හා හිතුවක්‌කාර වැඩ කිරීමට වැඩි කැමැත්තක්‌ දක්‌වයි. බොහෝ විට අන්‍යයන්ගේ බාධා කිරීම් හා ඇඟිලි ගැසීම් ඔබට රුස්‌සන්නේ නැත. එවිට ඔබගේ සිත තුළ තරමක කෝපයක්‌ ඇතුල්වීම වැළැක්‌විය නොහැක.

 සෑම දෙයක්‌ දෙසම ශුභවාදීව බැලීම ඔබගේ සිරිතයි. අනුන් විසින් යෝජනා කරන යහපත් දේ අගය කිරීමටත්, ඒවා යහපත් අයුරින් ක්‍රියාත්මක කිරීමටත් ඔබ කිසිම මොහොතක පසුබට වන්නේ නැත. එමගින් ගම්‍ය වන්නේ ඔබ නම්‍යශීලී, කරුණාවන්ත අයෙකු බවයි. නැවුම් සිතිවිලිවලින් සෑම විටම පොහොසතකු වන ඔබ නව නිපැයුම් හා නව නිර්මාණයන් ලොවට තිළිණ කිරිමට සෑම මොහොතකම උත්සාහ දරන්නෙකු බව සතුටින් ප්‍රකාශ කළ හැක.

 ඔබට උපතින්ම දුරදක්‌නා නුවණක්‌ මෙන්ම තීක්‍ෂණ බුද්ධි මහිමයක්‌ ද දායාද වී තිබීම වාසනාවකි. එම නිසා ක්‍ෂණිකවනිවැරැදි තීරණ ගැනීමේ හැකියාවෙන් ද ඔබ පොහොසත් බව ඉඳුරා ප්‍රකාශ කළ හැකිය. ඉතාම විශ්වාසදායක මෙන්ම අවංක පුද්ගලයකු ලෙස ඔබ ජීවත්වන සමාජ ස්‌ථරය තුළ හොඳ නමක්‌ තබා ගැනීමට ඔබට අපහසු වන්නේ නැත.

 ජීවන අංක 01 න් උපත ලද ඔබ තුළ දක්‍ෂතා රාශියක්‌ ඇත. ලොවෙන් එකෙක්‌ එක්‌ දෙයකට වෙයි සමත යන කියමන ඔබට කොහෙත්ම ගැලපෙන්නේ නැතැයි මට සිතේ. ඔබ එය දැනටමත් බොරු කර ඇත. නිර්මාණකරණයේ අති දක්‍ෂයකු වන ඔබ තුළින් බොහෝ කලා හැකියාවන් දැකගැන්මට හැකි වන අතර, ඒවා ඉතා උසස්‌ ගණයේ නිර්මාණයන් ලෙසින් ඇගැයීමට ද පාත්‍ර වනු නො අනුමානය.

 අසරණයන්ට පිහිටවීම, උදව් පදව් කිරීම,සතුන්ට පවා අනුකම්පා කිරීම ඔබේ සහජ ගතිය ලෙස පෙන්වා දිය හැක. තමා කුසගින්නේ සිට හෝ අනුන්ගේ බඩගින්න නිවීම ජීවන අංක 01 න් උපත ලද ඔබේ යහපත් ගුණාංගයක්‌ බව සතුටින් ප්‍රකාශ කළ හැක. ඔබ කරන පින් හේතු කොට ගෙන බොහෝ අවස්‌ථාවලදී ඔබට ද කුසගිනි නොදැනෙන බව මගේ විශ්වාසයයි.

 ඔබට උපතින් පිහිටන තර්ක කිරීමේ හැකියාව ඉතා ඉහළ අගයක පවතී. එය සතුටට කාරණයකි. ඔබ සමඟ වාදකර කිසිවෙකුට ජය ගත නොහැක. ඒ තරමටම ඔබ වාද විවාද කිරීමේ අති දක්‍ෂයෙකි. සාර්ථක ලෙස වාද කර ජය ගැන්මට තරම් මනා සේ පෝෂණීය වූ බුද්ධියක්‌ හා දැනුමක්‌ ඔබ සතුව ඇත. එම පරිචය ඔබ ලබා ගන්නේ නිරන්තරව පොත පත කියෑවීමෙන් බවට සැක නැත.

 ඔබ ඇසුරු කරන්නන් අතර ජනප්‍රිය පුද්ගලයකු වන්නා සේ ම පරිත්‍යාගශීලී අයෙකු ලෙස ද නමක්‌ තබා ගන්නා බව මා හො¹කාරවම දනී. ඔබ සතුව ඇති සහජ හැකියාව හෝ හැකියාවන් කිsහිපයක්‌ ඒ සඳහා දායකත්වය සපයනු ඇතැයි සැක හැර පැවසිය හැක.

 ජීවන අංක 01 න් උපත ලද ඔබ දක්‍ෂතා පෙන්වනුයේ ඔබ ඉගෙනුම ලැබූ අංශයෙන් නොවන අතර, ඊට පරිබාහිර විෂය ධාරාවකට සම්බන්ධ දෙයකින් ඔබ ජනප්‍රියත්වයට පත්වීම බොහෝ විට සිදුවන්නකි. ඔබ සෘජු ගති ගුණයෙන් සමන්විත අවංක, නිර්භීත අයෙකි. කියන්නට තියෙන දෙය මුහුණටම කියා දැමීම ඔබේ සිරිතයි. නිදහස්‌, නිවහල් චින්තනයකට උරුමකම් කියන ඔබ කිසියම් ක්‍ෂේත්‍රයක්‌ තුළ බොහෝ ජනප්‍රියත්වයක්‌ හිsමිකරගනු නියතය.

 ඔබ වෙසෙන සමාජය තුළදී හෝ රැකියා කරන ස්‌ථානය තුළදී හෝ ප්‍රභූන්ගේත් ගෞරවණීය පුද්ගලයන්ගේත් අවධානයට ඔබ නිරතුරු ලක්‌වීම ඔබ ලැබූ වාසනාවකි. ඔවුන්ගෙන් ඔබේ අනාගත දිවියට ගුරුහරුකම් මෙන්ම උදව් උපකාර ද හිමිවීම ඔබ ලද මහඟු භාග්‍යයකි.

 ජනප්‍රිය පුද්ගලයකු ලෙස නිරන්තරයෙන් ඔබේ නම මුවින්මුව කියෑවෙන අතර විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයන් වලින් පවා ඔබේ නම හා කීර්තිය ප්‍රචාරය වනු ඇත.
බිරිඳට හා දරු මල්ලන්ට ඉමහත් ආදරයක්‌ දක්‌වන ඔබ, වඩාත් කැමැත්තක්‌ දක්‌වනුයේ ඔවුන්ගේ ඇසුරේ නිතර පසුවීමටය.

 ඕනෑම මාසයක 01, 10, 19 හා 28 යන දිනයන් ඔබට ජය ගෙන දෙන අතර ශුභ වර්ණය වන්නේ තැඹිලි, කහ, තඹපාට හා රන්වන් පාටයි.ඉහත කී ශුභ වර්ණයකින් සාදා ගත් ලේන්සුවක්‌ නිතර ළඟ තබා ගැනීම ද යහපත් වේ.

 සෑම විටකදීම තඹ වලින් සෑදූ ආභරණයක්‌ හෝ යමක්‌ ඔබේ සිරුරෙහි, නිවසෙහි, නිදන කාමරයෙහි හෝ කාර්යාලයේ මේසය මත තබාගැනීමෙන් අපල දුරු වී වාසනාව උදා වනු ඇත. 



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment