විවාහයට බලපාන ්නාවූ කුජ මංගල දෝෂය ගැන ඔබත් දැනුවත්ද | Gurukam.net - Gurukam.Net

Wednesday, April 15, 2020

විවාහයට බලපාන ්නාවූ කුජ මංගල දෝෂය ගැන ඔබත් දැනුවත්ද | Gurukam.net



අද වනවිට ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව එක්‌ කොට්‌ඨාසයක්‌ සතුටින් තම තමන්ගේ විවාහ දිවිය භූක්‌ති විඳින අතර තවත් කොට්‌ඨාසයක්‌ විවිධ හේතු සාධක මුල්කරගෙන විවාහ කඩාකල්පල් කරගෙන පසු තැවේ.කුජ මංගල දෝෂය කේන්ද්‍රයේ පිහිටා ඇති පුරුෂයකුගේ හෝ ස්ත‍්‍රියකගේ විවාහය බිඳවැටීම හෝ කලත‍්‍රයා අකාලයේ මියයෑමට සිදුවන බව සම්ප‍්‍රදායික ජ්‍යොතිෂ මතයයි.

 මෙම දෝෂය කේන්ද්‍රයක පිහිටන්නේ කුජ ග‍්‍රහයා ලග්නභාවයෙන් 1, 2, 4, 7, 8 සහ 12 වැනි භාවවල තැන්පත් වී තිබීම හේතුවෙනි.

තවද කුජ ග‍්‍රහයා චන්ද්‍රයා පිහිටි භාවයෙන් 1, 2, 4, 7, 8 සහ 12 වැනි භාවවල පිහිටා තිබීමත් කුජ මංගල දෝෂය යෙදීමට හේතු වේ.මේ අනුව සලකන විට රටේ ජනගහනයෙන් 80% පමණ අයට කුජ මංගල දෝෂය පිහිටයි.

 ඉහත ජ්‍යොතිෂ සිද්ධාන්තය සත්‍ය නම් රටේ ජනගහනයෙන් 80% පමණ දෙනාගේ විවාහය කඩාකප්පල් වී හෝ කලත‍්‍රයා මිය යෑමට සිදුවිය යුතුයි.එබැවින් කුජ මංගල දෝෂය පිළිබඳ සම්ප‍්‍රදායික ජ්‍යොතිෂ මතය සත්‍යයෙන් තොර වේ.නවීන ජ්‍යොතිෂ පර්යේෂණ මගින් අනාවරණය කරගත් කරුණු අනුව කුජ මංගල දෝෂය පහත සඳහන් කරුණුවලට යටත්ව පමණක් බලපායි.

 1. කුජ කේන්ද්‍රයට අනුව සුබ ග‍්‍රහයකු :ත්‍මබජඑසදබ්ක ඊැබැසෙජ* වූ විට එම කේන්ද්‍ර හිමි තැනැත්තාගේ හෝ තැනැත්තියගේ කේන්ද්‍රයේ කුජ ලග්න භාවයෙන් හෝ චන්ද්‍රයා පිහිටි භාවයෙන් 1, 2, 4, 7, 8 සහ 12 වැනි භාවවල පිහිටා තිබීම නිසා කුජ මංගල දෝෂය නොයෙදේ.

 2. කුජ කේන්ද්‍රයට අනුව අසුබ ග‍්‍රහයකු :ත්‍මබජඑසදබ්ක ඵ්කැසෙජ* වන කන්‍යා, වෘශ්වික සහ වෘෂභ ලග්න හිමියන්ට කුජ මංගල දෝෂය යෙදෙන්නේ කුජ ග‍්‍රහයා කේන්ද්‍රයේ භාව ස්ඵුටවලට අංශක 5 ක් ඇතුළතින් පිහිටා තිබුණොත් පමණය.

 3. කුජ ග‍්‍රහයා කේන්ද්‍රයට අසුබ ග‍්‍රහයකු :ත්‍මබජඑසදබ්ක ඵ්කැසෙජ* වී විවාහයට බලපාන මූලික භාවය වන 7 වැනි භාවයේ භාව ස්ඵුටයට 5Ÿ ක් ඇතුළත පිහිටා ඇති විට සහ 7 වැනි භාව අධිපති දුර්වල වී තිබේ නම් කුජ මංගල දෝෂය ප‍්‍රබලව බලපායි.

 4. ගුරු ග‍්‍රහයා කේන්ද්‍රයට අනුව සුබ ග‍්‍රහයෙක් :ත්‍මබජඑසදබ්ක ඊැබැසෙජ* වී ඔහුගේ සමීප විශේෂ දෘෂ්ටිකයට :ීචැජස්ක ්ිචැජඑ* කුජ ලක් වූ විට කුජ මංගල දෝෂයේ අසුබ ප‍්‍රතිඵල යම්තාක් දුරකට අඩු කරයි.

 5. සෙනසුරු ග‍්‍රහයා කේන්ද්‍රයට අනුව සුබ ග‍්‍රහයෙක් :ත්‍මබජඑසදබ්ක ඊැබැසෙජ* වී ඔහුගේ 3 වැනි දෘෂ්ටියට කුජ ලක් වූ විට කුජ මංගල දෝෂයේ අසුබ ප‍්‍රතිඵල යම්තාක් දුරකට අඩු කරයි.

 සමහර මංගල දැන්වීම්වල ”මනාලයකුගේ හෝ මනාලියකගේ කුජ 7 ට ගැලපෙන කේන්ද්‍රයක්් සොයයි’’ යනුවෙන් සඳහන් වේ.

 මෙහිදී කේන්ද්‍ර දෙකක කුජ 7 සිටි පමණින් එම කේන්ද්‍ර දෙක නොගැලපේ.

 ඉහත සඳහන් කළ කරුණුවලට අනුව කුජ 7 ට අසුබ වනුයේ කන්‍යා, වෘශ්වික සහ වෘෂභ ලග්න හිමියන්ට පමණි.

 උදාහරණයක් ලෙස කුජ 7 සිටින මේෂ ලග්න හිමි මනාලයකුගේ හඳහන කුජ 7 සිටින වෘෂභ ලග්න හිමි මනාලියකගේ හඳහනට කෙසේවත් ගැලපෙන්නේ නැත.

 තවද 7 වැන්නේ භාවස්ඵුටයට අංශක 5 ක් ඇතුළත කුජ පිහිටි කන්‍යා ලග්න මනාලියකගේ හඳහන 7 වැන්නේ භාව ස්ඵුටයට අංශක 20 කට ඈතින් කුජ සිටින වෘශ්වික ලග්න හිමි මනාලයකුගේ හඳහනට කෙසේවත් නොගැලපේ. මෙහිදී දෙදෙනාගේම හඳහන්වලට අනුව කුජ ග‍්‍රහයා අසුබ ග‍්‍රහයකු වුවත් භාව ස්ඵුටයට තිබෙන දුර සැලකීමේදී කුජ ග‍්‍රහයාගේ අසුබ බලපෑම කන්‍යා ලග්න හිමි මනාලියට පමණක් බලපායි.

 ඉහත කරුණු සැලකීමේදී කුජ මංගල යෝගය තිබූ පමණින්ම කෙනෙකුගේ විවාහ ජීවිතය කඩාකප්පල් වීම හෝ කලත‍්‍රයා මිය යෑම සිදු නොවේ.

එසේ නමුත් කුජ මංගල යෝගය අසුබ ලෙස යෙදී ඇති අයගේ විවාහය ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදියකුගේ උපදෙස් සහ ජ්‍යොතිෂය ප‍්‍රතිකර්ම අනුගමනය කර සිදු කිරීම වඩා යහපත් වේ.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment