ඉක්මනින් මතක ශක්තිය වර්ධනය කර ගැනීමට | Gurukam.net - Gurukam.Net

Saturday, April 11, 2020

ඉක්මනින් මතක ශක්තිය වර්ධනය කර ගැනීමට | Gurukam.net


ලෝකවාසී  සෑම දරුවකුටම ඉතාම වැදගත්   දෙයක් තමයි  අධ්‍යාපනය .  දරුවකුගේ අධ්‍යාපනය ඉහළ  මට්ටමක සිට කෙමෙන් කෙමෙන් දුර්වල වීම බොහෝ සෙයින් දක්නට ලැබෙනවා.   එලෙස අධ්‍යාපන කටයුතුවල නිරත වන බොහෝ දූ දරුවන්ට එම කාලවකවානුව තුළ උදා වන්නා වූ විවිධ ග‍්‍රහ පිහිටීම් නිසා අධ්‍යාපන කටයුතුව බිඳ වැටීම සිදු වන අවස්ථා ඕනෑ තරම් ඇත.

 ඉතා දක්ෂ ලෙස ඉගෙනීමේ වැඩ කටයුතු කරගෙන යන බොහෝ දූ දරුවන් නොසිතන ආකාරයෙන් විභාගවලින් අසමත්ව අධ්‍යාපන කටයුතු එපා වන තරමටම කරුණු කාරණා යෙදෙන්නේ ද මෙකී අයහපත් ග‍්‍රහ පිහිටීම් හේතුවෙනි.

විශේෂයෙන්ම ඉගෙනුම් කටයුතුවල නිරත වන දරුවකුට රාහු පහවැන්නේ ගමන් කරන කාලය සෙනසුරු මහ දශාව උදාවීම කේතු මහ දශාව උදා වීම යනු ස්ථිර වශයෙන්ම අධ්‍යාපන කටයුතුවලට බාධා පමුණුවන කඩාකප්පල් කරන කාලවකවානු වේ. මෙම කාලය කලින් හඳුනා ගෙන ඊට සුදුසු ප‍්‍රතිකර්ම වෙත යොමු වීම ඉතා අවශ්‍ය කරුණක් වන අතර එම කාලයන් පිළිබඳ අවධානය යොමු නොකර සිටීමෙන් අධ්‍යාපන කටයුතුවලින් බොහෝ උසස් ප‍්‍රතිඵල ලබාගත හැකි සිසු දරුවන් නිරපරාදේ එම කටයුතුවලින් මිදී අනාගතය අඳුරු කර ගැනීම දක්වා දුරදිග යනු ඇත.එබැවින් ඔබේ දරුවාට එවැනි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා සුදුසු ප‍්‍රතිකර්ම වෙත යොමු වන අතරතුර එලෙස උදා වන්නා වූ අසුබ කාලවකවානුවලින් එල්ල වන අධ්‍යාපනයේ බාධා ඔබට මෙලෙස මැඬ පවත්වා ගත හැකිය.

 සතියේ බදාදා දිනයේ රාති‍්‍ර 10 න් පසු නිවසේ පිරිසිදු ස්ථානයක ගණ දෙවියන්ගේ ප‍්‍රතිමාවක් තබා උන්වහන්සේට කහමල්, එළඟි තෙල් පහනක්, සුවඳදුම් පූජා කර ඊතණ මාලයක් පළඳවා වන්දනා මාන කර පිං අනුමෝදන් කිරීමෙන් අනතුරුව නිවසේ සිටින සියලූම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බලපන්නා වූ අයහපත් ග‍්‍රහතත්වයන් මෙන්ම අනෙකුත් සියලූ බාධක දුරු කර ඔවුන්ගේ අධ්‍යාපනයේ නිසි ජය ලබා දෙන මෙන් ඉල්ලා සිටින්න.

 වන්දේ ගණේෂං දේවේන්ද්‍රන්
 සර්ව විස්නා පහාරිණං
 ආරක්‍ෂාං කුරුතාං මහ්‍යං
 කාර්යකාර්යසු සර්වදා

 සැම උවදුරු නසන - ගණදෙවි වඳිමි බැතියෙන
 දී මට නිති රැකවරණ - සියලූ කටයුතු සඵල කළ මැන

 මෙම ගාථා පාඨවලින් ද උන්වහන්සේ වන්දනා මානයට ලක් කිරීමෙන් බොහෝ උසස් ප‍්‍රතිඵල හිමිකර ගත හැකිවනු ඇත.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment