යන්ත්‍ර මන්ත්‍ර ගැන මුල සිට මෙන්න | Gurukam.net - Gurukam.Net

Friday, April 24, 2020

යන්ත්‍ර මන්ත්‍ර ගැන මුල සිට මෙන්න | Gurukam.net


සිංහල ස්‌වර අක්‌ෂර සංඥාදීය යොදා ගනිමින් මානවයාගේ දහසකුත් එකක්‌ ආකාර වූ විවිධ අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරන ලද යන්ත්‍ර මන්ත්‍ර නිර්මාණ අද දක්‌වාම දීර්ඝ කාලයක්‌ සමාජය තුළ භාවිතා වේ.චිරාත් කාලයක පටන් පැවතගෙන එන යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍රය අපේ මාහැඟි සංස්‌කෘතික උරුමයකි. 

 පොත් පත් - පුස්‌කොළ - පත්තිරු වශයෙන් ගැණෙනා විවිධාකාර වූ ක්‍රමවේදයන් අතර නිධන් ගතවී ඇති යන්ත්‍ර මන්ත්‍ර ආදිය භාවිතයන්ගෙන් පැවතගෙන එන බොහෝ ගුරු පරම්පරාවල් පවා මෙතෙකැයි කියා කියන්නටද බැරිතරම්ය.අෂ්ටකර්ම වේදය යනුවෙන් පෙළගැසී ඇති මෙකී යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍රය වූ කලී ප්‍රධාන කොටස්‌ අටකින් සමන්විත වේ.
 1. වශී කර්මය 5. විද්වේෂණය
 2. ආකර්ශණය 6. උච්චාටණය
 3. පේෂණය 7. ස්‌ථම්භණය
 4. මෝහණය 8. මාරණය
 ආදී කොටගත් හොඳ හා නරක වශයෙන් විෂයානුබද්ධව සකස්‌කොට ඇති මේ යන්ත්‍ර මන්ත්‍ර නිර්මාණකරණ විෂය ධාරාව තුළ පවතින ශක්‌තිය හා පදනම කුමක්‌ද? වසර දහස්‌ ගණනක්‌ මුළුල්ලේ පරම්පරාගතව පැවතගෙන එන මේ විෂය ධාරාවන් නිසා ඉමහත් වූ ප්‍රසිද්ධියට හා කීර්තිමත් තත්ත්වයට පත් වූ පුරාණ විද්වතුන් මෙන්ම මෑතකාලීන පඬිවරුන් පිළිබඳව ද ලියෑවුණු විවිධ කතා පුවත් අප අසා ඇත.
 ආගමට දහමට පවා නොදෙවෙනි ලෙසට මානව සංස්‌කෘතිය හා මෙතරම් දුරට ශක්‌තිමත්ව බැඳී පවතින යන්ත්‍ර මන්ත්‍ර නිර්මාණ කෝටි සංඛ්‍යාවක්‌ පමණ ඇතැයි විශ්වාස කෙරේ.

 සිංහල භාෂාවේ ස්‌වර අක්‌ෂර සංඥාදීය යොදා ගෙන රචිත මෙකී නිර්මාණවල පවතින ප්‍රත්‍යක්‌ෂතාවන් නිසාම මේ ශාස්‌ත්‍රය මෙතරම් දීර්ඝ කාලයක්‌ පුරාවට පවතින බවක්‌ද නිගමනය කෙරේ.
 සිංහල භාෂාව එකක්‌ වුවත්, සිංහල ස්‌වර අක්‌ෂර සංඥාදීය පාලි - සංස්‌කෘත ආදී පොත්පත් වලද භාවිතය. මහ පිරිත් පොත් වහන්සේ පවා සිංහල අක්‌ෂරවලින් සමන්විත වූ නිර්මාණයකි. 

ඉතා ගැඹුරු වූ වෛද්‍ය විද්‍යාව ආගමික හා විවිධ සංස්‌කෘතික නිර්මාණ අන්තර්ගත බොහෝ පොත්පත් සියල්ල සිංහල ස්‌වර අක්‌ෂරවලින්ම නිර්මාණය වී ඇත.
 ශක්‌ති අක්‌ෂර
 මේවා ශබ්ද විද්‍යාව තුළ ශක්‌ති අක්‌ෂර නමින් හැඳින්වේ. මේ ශක්‌ති අක්‌ෂර තුළ පවත්නා නිසර්ගවූ ශක්‌ති දාමයන් පිළිබඳව කිසිදු අනාවරණයක්‌ සඳහන් නොවන බැවින් ශබ්ද විද්‍යාව නොහොත් ශබ්ද ශාස්‌ත්‍රය විෂය ධාරාව අප අතර ප්‍රචලිත නොවන තත්ත්වයකට පත්වී ඇත.
 ජෝතිෂ්ශාස්‌ත්‍රය
 සිංහල ඡන්දශාස්‌ත්‍රය නොහොත් ශබ්ද ශාස්‌ත්‍රයෙහි අන්තර්ගතය රඳා පවතින්නේ ජෝතිෂ්ශාස්‌ත්‍රය විෂය ධාරාව තුළය. ඒ ඒ ස්‌වර හා අක්‌ෂරවල පදනම හා ශක්‌ති ප්‍රමාණය කවරේද යනුවෙන් ජෝතිෂ්‍යයෙහි විස්‌තර වශයෙන් සඳහන් වේ. 

යන්ත්‍ර මන්ත්‍ර නිර්මාණ කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක්‌ තැන් තැන්වලින් සොයා ගැනීමට අපට හැකියාව ඇත. නමුත් මෙකී යන්ත්‍ර මන්ත්‍ර නිර්මාණ ආදිය බිහිවීමට තුඩුදුන් ශාස්‌ත්‍රීය හෝ විද්‍යාත්මක පදනම කුමක්‌ද යන්න සොයාගත හැකි ග්‍රන්ථයක්‌ මෙතෙක්‌ අපට හමු වී නැත. 
 සිදත් සඟරාව, කව් සිළුමිණ, ආදීකොට ඇති ඇතැම් පැරණි පොතපත මගින් මේ පිළිබඳව ඉඟි පළකළත් මෙහි සැඟවී පවත්නා සියලු සාරයන් ග්‍රන්ථාරුඪ කළ ආකාරයක්‌ අපට හමු නොවේ. 
 භාෂාව යොදා ගැනීම
 යන්ත්‍ර මන්ත්‍ර නිර්මාණකරණය තුළ සිංහල, දෙමළ, වඩිග, තෙළිඟු, මලයාල ආදී විවිධ භාෂාවන් යොදාගෙන ඇති ආකාරයක්‌ අපට හමුවේ. නමුත් මේ සෑම නිර්මාණයක්‌ම සිංහල ශක්‌ති අක්‌ෂර යොදාගෙන නිර්මාණය කොට ඇත. 

                 උදාහරණයක්‌ විදිහට සලකතොත් මහ පිරිත් පොත නොහොත් පිරුවානා පොත් වහන්සේ නමින් භාවිත පූජනීය නිර්මාණයෙහි කිසිදු සිංහල වචනයක්‌ හෝ යොදා නැත.තවද සුවහසක්‌ වූ බෞද්ධ සූත්‍ර නිබන්ධනවල පවතින්නේ සිංහල ශක්‌ති අක්‌ෂරයන් වේ. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment